(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වෙත අද (02) ගියේය.
නව වසරේ පක්ෂ මූලස්ථානයේ කටයුතු ආරම්භ කිරීමට සහ කාර්ය මණ්ඩලය මුණ ගැසී සුබ පැතීමට ජනාධිපතිවරයා පක්ෂ මූලස්ථානය වෙත පැමිණි බව ශ්‍රීලනිප මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහත ලංකාදීපයට පැවැසීය.
එහිදී ජනාධිපතිවරයා පක්ෂ මූලස්ථානයේ කාර්ය මණ්ඩලය ඇමතූ බවත් ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවත් මහ ලේකම්වරයා කීවේය.
පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, තිංලග සුමතිපාල, බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුල් වෙන්න උවමනා නම් දොරේ යතුරත් අරගෙනම යන්න වෙයි.
ඔච්චර ලොකු බිල්ඩිමක් තව දුරටත් නඩත්තු කරන එකේ තේරුමක් නැති නිසා කඩ කාමරයක් කුලියට අරගෙන පක්ෂ මුලස්ථානය පිහිටුවන බව තමයි ජනාධිපතිතුමා කිව්වේ.
ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු කෙනෙකුව ඔයගොල්ලෝ ජනාධිපති හැටියට පිලි ගන්නවද?
ගෙදරම යනවා නං ලොකු දෙයක්
බලය තියෙනකම් කවුරු කවුරුත් පිළිගනී පැරදිලා ගිය දවසට ඔය පලතටවත් එන්න දෙන එකක් නැහැ. අන්දරේ මිට හොඳයි