
(අංජුල මහික වීරරත්න)
බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය වල දමා තනි පක්ෂ පාලනයක් කරා ගමන් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය පැරදවීමට සියලු බලවේග ඒකරාශී විය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
“අපේ ඔළුවට ඔටුන්නක් වැටුනේ කුණු කාණුවක් දිගේ ගහගෙන ඇවිත් නොවේ” යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල් මහ විරු සමරුවට සහභාගී වෙමින් ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වන එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා මෙලෙස සිහිපත් කරනු ලැබුවේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අහෝසි කරනු ලැබූ “ඔටුනු පැළැඳි” පාලනය යළි ස්ථාපිත කිරීම පිළිබඳව දැයි ප්‍රශ්න කරයි.
එක්සත් ජාතික පක්ෂය මෙසේද කියයි.
අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දී ඇත්තේ මෙරට ජනතාවත්, ජනතාවගේ පරමාධිපත්‍යයත් ආරක්ෂා කරන බවටය. මෙරට දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සකස් කරනු ලැබුවේ පළමු ව්‍යවස්ථාවේ සඳහන්ව තිබූ වගන්ති අනුවය. ඊට ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා ජනමත විචාරනයක්ද ඇතුළත් කරනු ලැබිණ.
ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ ඩොමේනියන් රාජ්‍යයක් ලෙසය. එනම් එංගලන්තයේ 6 වැනි ජෝර්ජ් රජතුමා ලංකාවේ 6 වැනි ජෝර්ජ් රජු හැටියට පාර්ලිමේන්තු නීතියක් මගින් පත්කර ගනු ලැබීය. එතුමාගේ අභාවයෙන් පසුව 1953 රාජකීය තනතුරු පනත (රෝයල් ටයිට්ල්ස් ඇක්ට්) හී දෙවැනි වගන්තිය යටතේ දෙවැනි එලිසබෙත් රැජිණිය එකී තනතුරට පත් කර ගත්තාය.
එදා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සහභාගීත්වයෙන් රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් 1972 දී ජනරජය පිහිටුවා ගත්තේය. ජනරජ ව්‍යවස්ථාවේ පෙරවදනෙහි එය ජනතා පරමාධිපත්‍යයෙන් ඇතිවූවක් ලෙස පැහැදිලිවම සඳහන් කරයි.
එහි 12 වැනි වගන්තිය මගින් එලිසබෙත් රැජණගේ “රැජණ” තනතුර ඉවත් කරන ලදී. ඉන් පසුව ජනරජය ඇති කෙරිණි.
ඉල් මහ විරු සැමරුම් කතාව මගින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යෝජනා කරන්නේ මෙරට බහු පක්ෂ ක්‍රමය අහෝසි කර තනි පක්ෂ පාලනයකට ගොස් ජනරජ ව්‍යවස්ථාව ඉවත් කිරීමටද? නැවත “ඔටුන්න” ගෙනවිත් එය පළඳවා ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේද? මෙසේ ක්‍රියාකරන්නේ වැඩි ඡන්ද ප්‍රමාණය හිමිවුවත් බහුතර ඡන්දයවත් නොලැබුණු පාලකයෙකු බව අමතක කළ නොහැකිය.
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජනපති ’’ රජ ඔටුන්නක්’’ දාගන්න හදනවා
ලුම්බිණි Sunday, 16 November 2025 10:17 AM
පිස්සුද ?
අතුල පෙරේරා Sunday, 16 November 2025 01:44 PM
රටකාපු හැත්ත දැන් වැඩක් වෙන කොට නලියනවා. තොපි දෙගොල්ලෝ කාපු නිසා රට විනාශ වුණා යකුණේ. දැන්වත් කකුලෙන් අදින්නේ නැතිව ඊළඟ ඡන්දෙ එනකන් හිටපල්ලා.
Rata Perata Sunday, 16 November 2025 02:36 PM
මොනවද මේ විකාර නිවේදන? අනිත් පක්ෂවලට එකතු වෙන්න කිව්වේ NPP එකද?
පිටරැටියා Sunday, 16 November 2025 05:36 PM
මාරුවෙන් මාරුවට බලයේ හිටපු බලලෝලි බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් කියපු, කරපුවා ලෝකෙම දන්නවා. දූෂිත පව්ල් පාලකයෝ පන්නාදාපු. ජනතාව, අදූෂිත ජනතාවාදී නායකයෙක් පත් කෙරුවේ නිකම්ද...?