(නාලක සංජීව දහනායක)
තමන් නැවත දිවයිනට පැමිණෙනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසා දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂ මූලස්ථානයේ නිලධාරී මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පසුගිය 24 වැනිදා සිට කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසා දමා ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට තායිලන්තයේ සංචාරයක නිරතව සිටින අතර ඔහු නැවැත ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ මේ මස 31 වැනිදාය.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ වසර අවසානය බැවින් පක්ෂ මූලස්ථානයේ නිලධාරීන්ට හා සේවකයන්ට නිවාඩු ලබාදුන් බවය.
මේ මස 31 වැනිදා පක්ෂයේ නිර්මාතෘවරුන් සිහිපත් කරමින් කතරගමදී පවත්වනු ලබන පිංකමින් පසුව ජනවාරි මස පළමුවැනිදා නැවැත පක්ෂ කාර්යාලය විවෘත කරන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ මූලස්ථානයටත් පිස්සුද කොහෙද.?
දැන් බලාගෙන යනකොට ජනාධිපති නියමයක් නැතුව දොරක් වහන්නත් කෙනෙක් අපේ රටේ නැහැ වගෙයි! සිරිසේන මහත්තයා ඔක්තෝබර් මාසයේ පාර්ලිමේන්තුව වහන්න ගිහින් පස්ස බිම ඇන ගත්තා වගේම ශ්‍රීලනිප මූලස්ථානය වහලත් එහෙම වෙයිද කියලා කවුද දන්නේ? එයා හිතුවද දන්නේ නැහැ පොළොන්නරුවේ එයාගේ මාළිගාව වහනවා වගේ පක්ෂ මූලස්ථානයක් වහන්න පුළුවන්ද කියලා... ඒ පක්ෂ මූලස්ථානයේ නිලධාරීන්ට හා සේවකයන්ට නිවාඩු ලබා දෙන්න ඕක වහන්නම ඕනෑද? ඒක කොන්ඩේ බැඳපු චීනවත් විශ්වාස කරන්නේ නැහැ! බැංකොක් යන්න ඉස්සරවෙලාම ඒක වහලා යතුරු ටික සාක්කුවේ දමාගෙන ගියානම් බර වැඩි වෙනවාද?
ඔකේ ඇතුලට ජවිපය එකවත්, එජාපය එකවත් රිංගන්නේ නෑ. පොහොට්ටුවේ අය නම් විශ්වාස නෑ...
හොරු පනීවි කියලද?
විශේෂ පොලිස් ආරක්ෂාවක් දමන්න. කවුරු හරි ඇවිත් පක්ෂයේ සභාපතිකම ගත්තොත් තායිලන්තයේ ගිහින් ආවා වගේ නෙමෙයි.
කොච්චර ජනතාව පීඩා වින්දත් රටත් වහලා එනකල්....
කලකට ඉහතදී ඔය පක්ෂයේ ආසන සංවිධායක, පක්ෂයේ ප්රචාරක ලේකම් හා සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ මාධ්‍ය උපදේශක වශයෙන් කටයුතු කළ මාහට වර්තමානයේ පක්ෂය ඇද වැටී ඇති තත්වය ගැන ඇතිවන්නේ දුකක්. මෙයට දැන් සිටින පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වගකිව යුතු නැති නමුත් පක්ෂයේ සභාපතිකම බදාගත් වර්තමාන ජනාධිපතිවරයා බොහෝ දුරට වගකිව යුතුයි. ගැමි කියමනක් තියෙනවා " බල්ලා පිදුරු කන්නෙත් නැහැ - කන ගොනාට දෙන්නෙත් නැහැ කියල." චණ්ඩ රළ ඇති මුහුදක කොතරම් දක්ෂ නාවිකයෙකුට වුනත් බෝට්ටු දෙකක සුක්කානම එකවර කරකවන්න බැහැ. අන්තිමට වන්නේ මීට සම්බන්ධ නැති නාවිකයන් සමගින්ම යාත්‍රා මුහුදුබත් වීමයි.
ඔබතුමා රනිල්ට කළ දේ ඔබතුමාටත් වෙයි කියලා හිතුවද? බයවෙන්න එපා... ගිලෙන්න යන නැවක කපිතාන්කම ගන්න කවුරුවත් එන්නේ නැහැ.
ජනාධිපති ඒකටත් 70-1 වගන්තිය අනුව කටයුතු කරලා, අවුල් වගේ නේද?
ට්‍රම්ප් වගේමයි.
රනිල්ට ස්තුති කරන්න ඕනේ පක්ෂයේ නිර්මාතෘවරුන් මතක් කර දුන්නට..
එ්ක හොඳා. නැතිනම් ඩාර්ලි රෝඩ් එකේ ඉන්න හිඟන්නෝ ටිකක් ඕක ඇතුළට රිංගගන්න පුළුවන්...
මණ්ඩලේ ඇතුලේ සිදුවූ සියල්ල රට විතරක් නොව ලෝකයාම දන්නවා... එපා බේගල්...
එදා වූදේ රටම දනී බොරු එපා...