
(නිමල කොඩිතුවක්කු සහ චමිලා අල්විස්)
ජනාධිපතිවරයා අයවැයක් යැයි පවසමින් බොරු පච මල්ලක් ඉදිරිපත් කරමින් ජනතාව යලිත් වතාවක් නොමග යවා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපතිවරයා සිනාසෙමින් කැරකි කැරකි අදහස් ප්‍රකාශ කරමින් අයවැය ලෙස බොරු මල්ලක් ඉදිරිපත් කළ බවත් බොරුව මුසාව මුලාව අසත්‍ය ජනතාව ඇන්දවීම හරහා ඔවුන්ගේ රජයේ පැවැත්ම තහවුරු කර රටේ ජනතාව අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
2026 වසර වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඉදිරිපත් කළ දෙවැනි අයවැය තුළ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කියන පොරොන්දු හා ප්‍රතිපත්ති මාලාව ඡන්ද වැඩපිළිවෙළ අද ක්‍රියාත්මක වන්නේද කියා සොයා බලන ලෙසත් විපක්ෂනායකවරයා එහිදි පැවසීය.
අද රජය ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් බොරු කිය කිය යන බවත් බොරුව සමාජගතව ඔවුන්ට නිරන්තරයෙන්ම රාජ්‍ය බලයේ ඉන්නලට ලැබෙයි කියා ඔවුන් සිතන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘ජනපති බොරු මල්ලක් ඉදිරිපත් කළා‘‘
Rata Perata Sunday, 09 November 2025 06:10 PM
මොනසික මට්ටමේ තරම පේනවා... නැවත අධ්‍යාපනයක් දෙන්න ඕනෙ වගේ...
Neel Sunday, 09 November 2025 06:32 PM
හර්ෂ ද සිල්වා මහතා කරපු ප්‍රකාශය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරපු ප්‍රකාශය අයවැය සම්බන්ධව එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. බොරුව සහ ඇත්ත නැත්ත මහජනතාව තීරණය කරයි.
Nandana Sunday, 09 November 2025 06:42 PM
අනේ යන්න...
ලක් අම්මා Sunday, 09 November 2025 07:02 PM
තමුන්ගේ කියුම් කෙරුවාවල් ගැන නම් කියන්න වචන නැහැ. බොරුව සමාජගත කරලා ජනතාව අන්දවන්න හැදුවාට වැඩක් වෙන එකක් නැහැ.
C.K.Lankaputhra Sunday, 09 November 2025 07:03 PM
ඔබගේ පක්ෂයේ ලොකුම ආර්ථික විද්වතා කිව්වේ ජනාධිපති අනුර කුමාර කිව්වේ බොරු මල්ලක් කිවූ බවද? ඔබතුමාට එතුමාට වඩා ලොකු මොලයක් නැති බව ඔබතුමා පිළිගන්නවද? අනේ යන්න...
Asanga Sunday, 09 November 2025 07:32 PM
බොරුව ඇත්ත වෙනකොට ඔබට යන එන මං නැතිවෙයි. එතකන් ඉන්න.
චතුරි Sunday, 09 November 2025 07:42 PM
ඉන්දියාවෙ. ඉදන් ආවේ ඔය ටික කියන්නද? දැන් මේ මාලිමා ආන්ඩුව කරන හැමදේම ගොබ්බ පැටවුන්ට බොරුවක් වෙලා. ගොබ්බයෝ වැඩ කෙරුවේ. පෙරාපු රත්තරන් වගේ නේද? අනේ පලයන් බන් යන්න. ඉන්දියාවේ හමුවුණු සේරම ඔලුවහරවහරව හිනහා වෙනවාලු... කතා කරපු විදියට... ඩික්ශනරියෙත් නැහැලු ඒ වගෙ වචන හොර නඩේ අඩනවා එයාලා විතරන් ගියේ නැහැ කියලා. අද කොහොමද තමුන් ජනාදිපති පුටුවේ හිටියා නම් අලුතෙන් ෆයිලට් ගෙන්වයි මන්ගල ගමන යන්න. දන්මුන් සේරම අවමන්ගල ගමන යන්නේ. එක වෙඩි උන්ඩෙන් පාතාලෙත් එක්ක ගනු දෙනුකරලා මැරුණාම කියනවා රජය ආරාක්ෂා කෙරුවේ නැහැලු. නුඹලා රජයට කිව්වාද මේ වගේ කට්ටියගෙන් වැඩ ගන්නවා කියලා. නූගත් මීහරක් කට ඇරියොත් කියන්නේ ගොන් කතාවක්...
රනේ Sunday, 09 November 2025 09:07 PM
විපක්ෂයක් සහ විපක්ෂ නායකයෙකු උවමනා කර තිබේ..
chandima Monday, 10 November 2025 01:27 AM
මට පේන්නේ මෙයාට බුදුබණ ඇහෙනවා ඇත්තෙත් කුනුහර්ප වගේ වෙන්න ඇතිද?
Nishan Monday, 10 November 2025 03:25 AM
ජනාධිපති ඉදිරිපත් කලේ ගිය අයවැයේම දිගුවක්. මොකද ගිය අයවැයෙන් ප්‍රාග්ධන වියදම් වලට වෙන් කරපු සල්ලිවලින් වැය කරලා තියෙන්නේ සියේට 24 යි. ඉතුරු 76 මේ අවුරුද්දට ගෙනල්ලා අයවැය හිඟේ අඩුයි කියලා බොරුවක් කලා. වතු සමාගම් සේවක පඩි වැඩි කරන්න විදියක් නෑ කියද්දී රුපියල් 1000 කින් පඩි වැඩි කරන්න සල්ලි හොයන්නේ කොහොමද කියන එක හැංගුවා. අයි.එම්.එෆ්. එකෙන් යෝජනා කරලා තියෙන විදුලිබිල වැඩි කිරීම සහ දේපළ බද්ද ඇතුළු අලුත් බදු ගැන හැංගුවා. භාන්ඩාගාරේ පිරී ඉතිරී ගියා කිව්වට ඒක උනේ කොහොමද කියන එක හැංගුවා. ඩොලර් සංචිතයේ වර්ධනය ඇණ හිටියේ ඇයි, මිනිසුන්ට බදු පිට බදු ගහද්දී මන්ත්‍රීවරුන්ට මිලියන 12,500 ක වාහන ගෙන්වන්නේ ඇයි කියන එක හැංගුවා.
sunilMonday, 10 November 2025 03:31 PM
ලංකාවේ තවම බත් බැලයො ඉන්නවා. අපි විදේශ රටක ඉන්න නිසා අපිට දන්නවා මේ රටවල් දියුණු වෙලා තියෙන්නේ කොහොමද කියලා. නාස්තිය නෑ හොරකම් කිරීම නෑ රජයට තියෙනවා ප්‍රතිපත්තියක් රට දියුණු කරන්න. දේශපාලනඥයෙක් සමුගත්තම පස්සේ ආයේ පැත්ත පළාත එන්නෙ නෑ. අපේ ලංකාවේ වෙලා තියෙන්නේ උන්ගේ බූදලයක් විදියට තමයි හිතාගෙන ඉන්නේ. දේසපාලනඥයෝ වටේ ඉන්න බත් බැලුව හැමදාම හිතන්නේ නිකං කන්ඩ නිකං හම්බු කරගන්ඩ දේශපාලන අත් නියෝග පිටිපස්සේ ගිහිල්ලා කීයක් හරි හොයාගන්න. උදාහරණයක් රාජපක්ෂ ලා කොච්චර රටේ දේපොළ විනාශ කරාද උන්ගේ පරපුර මාමබෑ නපුත්තා ඔක්කොම එකතු වෙලා කෑවා සම්පූර්ණම. ඒත් තවමත් අපේ රටේ තියෙන කාලකන්නි කමට උන්ගේ පස්සේ යන ගෙම්බෝ ඉන්නවා. යකෝ මහා භාණ්ඩාගාරයේ සල්ලි කියන්නේ අපි උඹල ගෙවන බදු සල්ලි. මේ රටවල් වල මිනිස්සු බදු ගෙව්වට ඒකෙ ප්‍රතිලාභ වශයෙන් මිනිස්සුන්ට ලැබෙනවා. ලංකාවේ මෙතෙක් කල්කරේ බදු ගහලා ඒක දේශපාලනඥයෝ හොරා කෑවා. යකෝ දම් දැන් බදු ගහලා අඩුම තරමේ භාණ්ඩාගාරි හරිය සල්ලි ටික තියෙනවා. භාණ්ඩාගාරයේ ඒ සල්ලි ඉතුරු කර ගන්නේ දේශීය වශයෙන් ගන්න ණය අඩු කරගන්න. තොපි දන්නැත්තං අර පහේ පන්තියේ ළමයකින් හපංකෝ භාණ්ඩාගාර බීපත් කියන්නේ මොනව
Shantha Monday, 10 November 2025 05:50 AM
මේ ගොන් වාහේ ලංකාවේ විපක්ෂ නායකත්වයට සුදුසු නෑ. හර්ෂ වගේ යමක් කමක් තේරෙන කෙනෙක් තමයි හොඳ. මෙයා ඉන්නකම් SJB දිනනවා බොරු
Dayan Monday, 10 November 2025 06:12 AM
අයවැය විවේචනය කරන්නවත් එයාට තේරෙන්නේ නැහැ. ඒක බොරුවක් කියලා කෙලින්ම කිව්වම එයා හිතන්නේ මිනිස්සු ඒක තේරුම් අරන් කියලා. දුප්පත් සජිත්.
චින්තක Monday, 10 November 2025 08:06 AM
සාමාන්‍ය පෙළ අසමත් ඔයාට තේරෙන තරම තමයි ඔය
ගමේ එකාලා Monday, 10 November 2025 03:56 PM
වැඩ බැරි ළාමක ටින් ටින් ? කැෂිනෝ කාරයන්ගේ පිහිටෙන් බස් බෙදලා,ඉස්කෝල ගානේ ගිහින් ජපන් බාෂාවෙන් කතා කෙරුවට වැඩක් නැහැ.පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුව ඉන්නේ, ජාතික ලැයිස්තුවෙන් පස් දෙන්නෙක් පත් කරන්ඩ කල් මැරුවා.බොරුව සමාජගත කරන්නේ කව්ද කියන එක පේන්ඩම තියෙනවා? තුන්පාරක් ජනාදිපති වෙන්ඩ සිහින මැව්වා ,තවත් හීන දකින්ඩ වේවී ?