
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික සහ සංස්කෘතික කේන්ද්‍රයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සහ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පස්වරුවේ පැවැත්විණ.
මේ උත්සවයේදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දහසක් ශිෂ්‍යත්ව ලැබූහ. ජනාධිපතිවරයා ශිෂ්‍යත්ව පිරිනැමීම සංකේතවත් කරමින් සිසුන් පස් දෙනකුට ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කළේය.
ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කිරීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාවක් ජපානයත් අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් 1986 වර්ෂයේ දී ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රය ආරම්භ කර ඇත.
මෙම කේන්ද්‍රය ජපන් කැපකරු ශිෂ්‍යත්ව පිරිනැමීම, පූර්ව ළමාවිය සංවර්ධන වැඩසටහන ,වෛද්‍යාධාර සේවා,ස්වභාවික විපත් ආධාර දීම විශේෂිත අවශ්‍යතා ඇති සිසුන්ට සහ ස්වාභාවික විපත් ආධාර දීම ඇතුළු වැඩසටහන් රැසක් ජපාන පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් සිදුකරයි.
ජපාන කැපකරු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ දැනට ප්‍රදානය කර ඇති ශිෂ්‍යත්ව සංඛ්‍යාව 13,680කි.
මියගිය පරිත්‍යාගශීලීන්ගේ සහ නිප්පොන් කේන්ද්‍රයේ ක්‍රියාකාරීන්ගේ ගුණ සැමරුමද මෙදින සිදු විය.
ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ නිර්මාතෘ සහ කෝට්ටේ මහින්දාරාම විහාරාධිපති මීගහතැන්නේ චන්ද්‍රසිරි නාහිමියන් බැහැදැක පිළිසදරක නිරත විය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී ප්‍රේමලාල් යන මහත්වරුන් ඇතුළු යන පිරිසක්ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ කුලපති..?
ඒකත් කාලකණ්ණි කරයි වගේ.. මෙයා ආවා විතරයි ලෝකෙටම කොරෝනත් ආවා. ඇයි මිනීමරාගෙනනේ බලයට ආවේ...