
(අංජුල මහික වීරරත්න)
ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර හමුව ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද (29) සිදු විය.
මෙහිදී පැවති සාකච්ඡාවලදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර වෙළෙඳ, ආයෝජන, ආර්ථික, සංවර්ධන ආධාර සහ කලාපීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර තිබේ.
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය විසින් දක්වන ලද සහාය වෙනුවෙන් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපානයට කෘතවේදීත්වයද පළ කර ඇත.
එමෙන්ම, මෙරට සංවර්ධන ක්‍රියාවලියේදී සමීප මිතුරකු සහ ණය ආධාර මෙන්ම ප්‍රදාන සපයන්නකු වශයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රැසක් සඳහා ජපාන රජයෙන් ලැබෙන අඛණ්ඩ දායකත්වය සහ සහයෝගයද ජනාධිපතිවරයා එහිදී ඇගැයීමට ලක් කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්මන්පිල කියන පචම කෙලින, මුළු රටම අන්දන නරුම අසික්කිත පාහරයින්, අද මාධ්‍යයට ප්‍රකාශ කළා... ජනාධිපතිතුමාට ජපානයේ රාජ්‍ය තන්තිරික ආරාධනයක් නැහැ..., එනිසා ජපානයේ මැති ඇමැතිවරු හම්බවෙනවා කියන්නේ බොරු, මේ ගමන ගියේ ජපානයේ සිටින ලංකාවේ අයව හම්බෙවෙන්න කියලා.
ජපන්නු රතුපලසක් දාලා නැත්තේ හොඳ වෙලාවට සහෝ. නැත්නම් මට දුක්වෙන්නමයි හිතෙන්නේ.