(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිගේ ආරාධනාවකට අනුව සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (05) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
වත්මන් තීරණය ගැනීමට ඉවහල් වූ හේතු ගැන එහිදී ජනාධිපතිවරයා දීර්ඝ ලෙස විස්තර කළ බව කී රජිත සේනාරත්න මහතා ඒ හේතු අසා සිටි තමා ජනපතිට ප්‍රතිඋත්තර ලබාදුන් බවද කීය.
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේදී තමා සාක්ෂියක් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතාද සමඟ ගිය බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය.
වත්මන් ප්රශ්නය නීත්‍යානුකූලව විසඳා ගැනීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී මූලික අවධානය යොමු වූ බව කී මන්ත්‍රීවරයා සාකච්ඡාව සාර්ථක යැයි හැගෙන නමුත් ඒ කරුණු ක්‍රියාත්මක වීම ගැන හෝ නොවීම ගැන කිසිවක් කිව නොහැකි බවද සඳහන් කළේය.
ජනාධිපති කී කරුණු එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාටද සැල කළ බව රාජිත සේනාරත්න මහතා කීය.
තමා සමඟ කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිට තිබූ සැක සංකා බෙහෙවින් අඩු වූ බවක් පෙනෙන්නට තිබූ බවද සේනාරත්න මහතා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා මේ කරුණු හෙලිදරව් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත වගේ අය එකතුකර ගත්තොත් මේ පාරත් මහින්දගේ අවසානය තමයි .
දහ දොළොස් වතාවක් අල්ලස් කොමිසමට එන්න කිව්වාම, කාර්යබහුලකම නිසා යන්න බැරිවෙච්ච මනුස්සයාට ඉදිරි කාලයේත් එහි නොගිහින් ඉන්න පොටක් පාදාගන්න හදනවාද කොහෙද !
"ජනාධිපතිගේ ආරාධනාවකට" අනුව සාකච්ඡාවක් සඳහා රාජිත සේනාරත්න මහතා ජනාධිපති කාර්යාලයට ගිය එකේ වැරද්දක් අපි දකින්නේ නැහැ. නමුත් එතුමා එහේ ගෙන්වා ගැනීමේ යටි අදහසක් ජනපතිවරයාගේ හිතේ තිබුන බව නම් ඉතාම පැහැදිලියි. මීට මාස කිහිපයකට පෙර සිරිසේන මහතා රාජිත ඇමතිතුමාට කරපු යෝජනාවක් (සිරිසේන මහතා වගේම) මමත් ජාතික පුවත්පතකින් කියෙව්වෙමි. එය මෙසේය: "රාජිත, මමත් ඉස්සර සෞඛ්‍ය ඇමැතිවෙලා ඉඳල ජනපති තනතුර දක්වාම ආවා. ඉතින් ඔයාත් කැමති නැද්ද එහෙම කරන්න? " සමහරවිට සිරිසේන මහතාට ඕක මතක්වෙලා රාජිත සේනාරත්න මහතාගේ තීරණය ගැන දැනගන්න එන්න කිවුවද කියලා දන්නේ කවුද? නොමිලයේම බැරිනම්, ගෝනි ගණනක් එක්ක බිලී බාගන්න පුලුවන්ද කියා ටෙස්ට් කරන්නත් ඇති!
පනින්න පෙර සිතා බලනු...!
ඔබතුමා කිතුල් ගහට නැග්ගද?
වරින් වර කරන කතා දිහා බැලුවහම මේකත් ඔහේ කියන දෙයක්ද මන්ද කියලා හිතෙනවා.
මේ මිනිහාව ලං කරගන්නවා කියන්නේ ඒ ආණ්ඩුවේත් අවසානය තමා
ගිය හේතුව අපේ අහේතුව නොවේවා!