






රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග
ප්‍රතිසංස්කරණයෙන් පසු පළමුවරට කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය අද(07) වාන් දැමූ අතර ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඉරණමඩු ජලාශය අක්කර 21,000 ක භූමි ප්‍රමාණයකින් සමන්විතය.
මොරගහකන්ද ජලාශය ක්‍රියාවට නැංවීමෙන් පසුව දෙවැනි පියවර වශයෙන් උතුරේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශය රුපියල් මිලියන 2178 ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට ජනාධිපතිතුමා විසින් පියවර ගෙන තිබුණි.
ප්‍රතිසංස්කරණය කිරීමට පෙර මුල් සමයේ ඉරණමඩු ජලාශය අඩි 34 කින් සමන්විත වූ අතර යුද සමයේ සිදු වූ හානි හේතුවෙන් ජලාශයේ වැව් බැම්ම හා වාන් දැඩි ලෙස අබලන් තත්ත්වයක පැවතිණි.
පසුගිය දිනවල ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්නව තිබූ අතර එය උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් විය. ඒ බව ජනාධිපතිතුමන්ට දන්වා අද (07) ඉරණමඩු ජලාශය විවෘත කිරීමට පියවර ගන්නා ලදී.
මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා, හිටපු ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, ලසන්ත අලගියවන්න, සරත් අමුණුගම, එස්. බී. නාවින්න, අංගජනා රාමනාදන් යන අය ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද ආරක්ෂක අංශ සාමාජිකයෝ ද කිලිනොච්චිවාසීහු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ එකම රාජ්‍ය නායකයා වැවක වාන් දොරටු අරින්න ගියපු. මේකත් ලෝක වාර්තාවක්.
දැන් ඉතින් වාන් දොරටු වලින් වැඩක් නෑ. සුනාමි මට්ටමට ඇවිත් තියෙන්නේ...
ඔබතුමා මූලික වෙලා පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති කණ්ඩායමක් ආණ්ඩු පක්ෂය ලෙස නම් කර ඇතිකරපු දේශපාලන අර්බූධය නිසා රටේ ආර්ථිකය දිනෙන් දින විනාශ වෙනවා. දිනෙන් දින රුපියල පහළ වැටෙන කොට අපි ඩොලර් වලින් ණය ගෙවන්න ගියහම වෙන දේ ගැන ඔබතුමාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ? එ්කට විසඳුම් සෙවීම පසෙක දමලා ඔබතුමා වාන්දොරටු ඇර ඇර රටපුරා ඇවිදිනවා. මෙම උත්සවවලට වියදම් වෙන සල්ලි ගැන ඔබතුමා මොහොතකටවත් හිතුවද? ඕක අරින්න ඔබතුමා ඔතැනට යන්න ඕනේ නැහැනේ... ඕක ඔතන ඉන්න ඉංජිනේරුවෙකුට කරගන්න පුළුවන්නේ...
අම්මපා... අපේ මුල් පුරවැසියා පුදුම විදියට තමන්ගේ පුද්ගලික මුදල් වියදම් කරනවද මහජනතාවට සේවය කරන්න... බලන්න මොනතරම් පින්සිදු වෙන වැඩද කියල මේවා...? සෑහෙන තරම් ධනයක් විවෘත කිරීම සඳහා වියදම් කරලා තියෙනවා නම් වැඩේ කරන්න කොච්චර මුදලක් තමන්ගේ පුද්ගලික ධනයෙන් වැය වෙන්න ඇද්ද? අනේ වාසනාවන්..
උතුරට කරන්නේ නැහැ කියලා කිව්වාට මේ කරලා තියෙන්නේ.. අනේ මන්දා දෙමළ සන්ධානයේ අපේ හිතවතුන්..
නෑ ගන්න විජයකලා...
රට අවුල් ජාලයක පටලවලා මෙයා දොරටු විවෘත කරනවා....ඉතිහාසයේ දුර්වලම සහ අසාර්ථකම රාජ්‍ය නායකයා...
සිරිසේන වාන් දානවා බලබල ඉන්න. කොයිවෙලේ හරි ඔය ජලකද වගේ ජනතා ගඟට යටවෙනු නියතයි..
ඔය ගමන් තල්ලු කරලා දාන්න ජලාශයට. අපේ රට කනවා.
සමනල පාට ටී ෂර්ට් එක ලස්සනේ බෑ...
ලොක්කගේ බඩ පොඩ්ඩක් වැඩිවෙලා. මේ දවස්වල ව්‍යායාම කරන්න බැරිවෙලා වගේ.
වාන් දොරටු අරින්නේ හදිසියකදී වැව බේරගන්න නේද?
සමනලයෙක් අතින් වරදක් වූ පළමු ජනපති...
ෆොටෝ ෂූට් ටික නියමයි...
"නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නසා ගත්ත" කියන ප්‍රස්ත පිරුලේ තේරුම ඔබතුම දන්නවද ?
ආ ... මේ පොළොන්නරුවේ මල්ගොමුවල මලට නොදැනෙන සේ රොන් ඉරූ සමනල සිරිසේනටත් දැන් මිතුරු මාරාගේ ලෙඩ නොහොත් රජ පිස්සුව ක්‍රමයෙන් බෝවී ඇත. ජලාශ විවෘත කොට එදෙස බලා සිටීම, කුඩා දරුවන් අතගෑම තමා සතු මුදල් මෙන් තමා ගැන ගුණදොස් කියන අයට රටේ මහජන මුදලෙන් නිවාස වැනිදේ කිරීම. එසේනම් එවැනි අඩුපාඩු ඇති හිසට සෙවනක්වත් නැති කප්පරක් ඇත, මේවා සාධාරණද? එද්දී කිව්වේ විධායක ජනාධිපති බලතල අයින් කරන බවත්, ධුර කාලය අඩුකරන බවත් සහ නැවත ජනපති අපේක්ෂකයකු නොවන බවත්ය. ඔතැනට පැමිණිවිට කියන කාහටත් තණ්හා, බල ලෝභී පෙරේතකම ඇතිවන්නේය. මාරට කොකා පෙන්නා මාරුවීම ගැන කවර කතාද? දැන් රනිල්ගේ පහනින් ලොව බලවත් සැම දැන හැඳින ඔහුටද වලකපමින් සිටියි... මොහුව කෙසේ විශ්වාස කළ හැකිද? මෙවන් පුද්ගලයින් බැටළු සම පොරවාගත් වෘකයින්ට එහාය. එබැවින් රටේ ජනතාව හොඳින් සහ ඥානබුද්ධියෙන් තීරණ ගත යුතුය. රට වැසියන් හට රට සහ අනාගතය භාරයි.. මේ ඔබ අප සැමගේ බැවිනි..