ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු අතර හමුවක් අද (24) ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සහ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිලිවෙල ලබන ජනවාරි මැද වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සදහන් කළ ජනාධිපතිතුමා සියලූම ආසන සංවිධායකවරුන්ගේ දායකත්වය සහ කැපවීම ඒ සදහා අපේක්ෂා කරන බව කියා සිටියේය.
එමෙන්ම පුළුල් සංධානයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ඉදිරි දේශපාලන කටයුතු සදහා සූදානම් කිරිමට සියලූ ආසන සංවිධායකවරුන් නායකත්වය ගෙන කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක, හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ මීට එක්ව සිටියහ.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය ඒකකය)
(36698)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් 3 විල් එකක ඔක්කොටොම යන්න පුළුවන් වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ බෝර්ඩ් එක ඉස්සරහින් එල්ලගෙන .
දැන් ඕකට අර ඉල්ලුම් පත්‍රය දුන්නට සාමාජිකත්වය තවම පිරිනමලා නැහැ කියන උදවියත් සහභාගී වෙනවාද?