ඩයනා උදයංගනී
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවන පොදු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න ගැන අද (14) තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
නව සන්ධානයක් පිහිටුවීම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම තීරණය ගන්නා බව කී මන්ත්‍රීවරයා ඒ කවුරුන්ද යන්න දැන්ම රටට කියන්නේ නැතැයි කීවේය.
ඔහු මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙගොල්ලම කලින් ජනාධිපතිවරණ වලදී පොරොන්දු උනා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියලා. දැන් ලැජ්ජා නැතුව ආයෙත් ජනාධිපති අපේක්ෂකයෝ ගැන කතා කරනවා. දැන්වත් ජවිපෙ ගෙනත් තියෙන විසිවෙනි සංශෝධනය සම්මත කරලා මේ ඒකාධිපති ජනාධිපති ධුරය අහෝසි කරන්න.
ජනාධිපතිවරණය පේනතෙක් මානයකවත් නැති කොට අපේක්ෂකයා තෝරන්න , හොරාකන්න තියන තදියම
අපිට ඕනා ගෝඨා
කවුරු තේරුවත් ඔහු හොරෙක්
පොදු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා කවුරු වුනත් හොරෙක්ම විය යුතුය....
කිව්වා නොකිව්වා කියලා වෙනසක් නැහැ. අර පහුගිය කාලේ නීති විරෝධී හොර ආණ්ඩුව හදපු කට්ටියක කෙනෙකු බව නම් ස්ථිරවම දන්නවා.එපා -- එපා -- දැන්ම රටට කියන්නට එපා. රටේ මිනිසුන් මේ වැඩ ඔක්කොම නවත්වලා බලන් ඉන්නේ මේ හොර බොරු වංචා නැති කට්ටියගේ කෙනා එනකන්. ජනතාව ගොනාට අන්දන්න කියන්නේ නැතිව බොරුවට අගය කරනවා.ගෙරෙව්ව තරමට වහින්නේ නැහැ.
මහ බැංකුව කඩපු හොර ගැන නෙමෙයි නේද ඔය කියන්නේ
බොරු කියන එකෙත් සීමාවක් තිබෙන්න ඕනේ ? මෙහෙමත් අතේ පැලවෙන බොරු කියනවද ? බොරුම කියලා පුරුදු වෙලා ඇත්තක් කියන්න කට ඇරියත් කියවෙන්නේ බොරුවක් .
කවුරු තෝරා ගත්තත් කමක් නැහැ.....රැවටිලිකාරයකුට, බොරුකාරයකුට, හොරෙකුට එහෙම අපි නැහැ.....මෙදා අපි එක එකාගෙ කයිවාරුවටවත් පම්පෝරියටවත් වහල් වෙන්නෙ නැහැ…..අපි දන්නව අපේ ඡන්දෙ කාටද පාවිච්චි කරන්නෙ කියල…. කවුරුවත් කලබල විය යුතු නැහැ.
ඔය මොන ජාතියේ සාකච්ඡා පැවැත්වුවත් පොදුජන පෙරමුණේ ඒකායන අරමුණ තමන්ගේ කෙනෙක්ව ජනාධිපති කරගැනීම බව ඒ ගොල්ලෝ පුන පුනා කියනවානේද? ඒ කෙනා " බොහෝවිට රෙද්ද බැනිහම අඳින රාජපක්ෂ කෙනෙකු" විය හැකිබවත් දිවුරුම් දීම සඳහා දෙසැම්බර් 10 වෙනිදා සුභ නැකතත් දැනට තෝරාගෙන ඇති බවත් කියනවා නේද? ඒ නිසා මේ සාකච්චා පවත්වන්නේ හුදෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද ලබාගැනීමට පමණක් බවයි අපටනම් පෙනී යන්නේ. දැන් ඔතනට එන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත හරියේ නැති බව කියන එහෙත් පොහොට්ටුව වෙනුවෙන් සියයට දෙසීයක්ම වැඩ කරන මහින්ද මහත්තයා ඇතුළු කට්ටිය කතා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්ද නැත්නම් පොදු ජන පෙරමුණ වෙනුවෙන්ද කියල දිලාන් මහත්තයට පැහැදිලි කරන්න පුලුවන්ද? මෙතන නිකන් අත යටින් පොඩි නුල් සුත්තරයක් ගෙනියන ව්‍යායාමයක් නේද තියෙන්නේ?"ගම සමඟ පිළිසඳරක්" නමින් පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්රකාශනය දැනටමත් සකස් කර අවසාන බවත් එළඹෙන සති අන්තවලදී දිස්ත්‍රික්ක 20ක් පුරා සිය ක්‍රියාකාරිකයින් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරණ බවත් බැසිල් රාජපක්ෂ කියනවා. ඉතින් මේ සාකච්ඡාවල් කරන්නේ ශ්‍රීලනිප ඡන්ද දායකයින් ගොනාට ඇන්දීමට නේද?
කවුද අනේ ඔබතුමාද ? අපිට හුඟ දවසකින් හිනා යන්න මොකුත් රටේ සිදු නොවුන නිසා ඒ ආරංචිය ලැබෙනකන් මේ බලන් ඉන්නේ .
රටේ ජනතාව තමන්ගේ තරහ පිරිමහන්නේ ප්‍රධාන පක්ෂ දෙක අතර ඡන්දය දීමෙන් සහ කඩේ යන්නේ දේශපාලන වාසි බලාගෙනයි. උඩ ඉඳලා යටටම හොරකම විහිදිලා. පාලකයින්ට රටේ නීති හදන්න අනවශ්‍යයි... මොකද හොරකම් කරන්න බැරි නිසා... දේශපාලකයන්ට කඩේ යන උදවිය කන්ට්‍රැක්ට් ටික රැගෙන තමන්ගේ මල්ල පුරෝගන්නවා. ඇමතිට සහ ගෝලබාලයින්ට කොමිෂන් නිකම්ම ලැබෙනවා. රටේ ණය ටික වැඩිවෙනවා. මහජනතාව ණය ගෙවනවා. මීට වැඩිය දෙයක් මොවුන්ගෙන් ලැබෙන්නේ නැත. උගත් මිනිසුන් එක්ක නව දේශපාලන ප්‍රජාවක් ගොඩනගමු !!!
ඉස් ඉස්සෙල්ලා වෙරළට සේන්දු වෙලා ඉමු. මූදට හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහන්න හදන්නේ නැතුව...
ශ්රීලනිපය කොහෙද තියෙන්නේ? එ්ක යූඑන්පී යට ගිහින් දිවිනසාගෙන ඇත. 19ට අත උස්සලා පනත කියවලත් නැහැ. දැන් ඡන්ද ගන්නත් බැහැ. පළමුව ජනපතිවරණය වසර 4ට සීමා කරගෙන අනිවාර්යෙන්ම දෙමළ ජනතාවගේ ඡන්ද ලැබෙන නිසා ජය, ඉන් පසු මහා මැතිවරණය... එ්කත් නිකම්ම ලැබෙනවා. ශ්රීලනිපය ඒ පැත්තට ගිහින් ඇමතිකම් ගන්නවා. වළං සෝදනවා. දනපතියන්ට උපයන්න සූරාකන්න මුක්කු ගහනවා.. ඔන්න ඕකයි තත්වේ.. ජයවේවා !!!
හරියටම හරි ඔබට අපිට තියෙන්නේ ජනතාව සමග සිටින පාවා නොදෙන හොඳම හොරා තේරීම පමණි..
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරු වුනත් සිරිකොතේ හොරෙක්ම විය යුතුයි.
නිකන් හාල් පාරුවෝ කියන කතා, ඡන්දයක් නැති එකෙක් කියන කතා...
මෛත්‍රි ආයෙත් ආවොත් සජිත් අගමැති කරලා. ශ්‍රීලනිප රොත්ත එක්ක යූන්පී ආණ්ඩුවක් හදන එක නම් ස්ථිරයි. ආයේ දෙකක් නැහැ...
මන්ත්‍රීතුමා කියන දේවල් කවුරුවත් ගණන්ගන්නේ නැ
දැන් තියෙන මොන පක්ෂෙන් ආවත් එන්නේ හොරෙක් විතරක් බවත් අපි අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා අපිත් ඉතා ඕනෑකමින් බලා ඉන්නවා රට ගොඩ ගත හැකි බව පෙනෙන, ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් සිටින එක අපේක්ෂකයෙකු දිහා.
මෙයාට තමන්ගේ පළාතේ ඡන්දයවත් දිනන්න බැරි කෙනෙක්. හොර පාරෙන් පාර්ලිමේන්තු ඇවිල්ල අපිට විහිලු සපයනවා. අනික මහජන මුදල් හොරා කාපු කිසිකෙනෙකුට මේ පාර අපි ඡන්දෙ නම් දෙන්නේ නැහැ.
මෙතුමා තරම් සුදුස්සෙකු තවත් මේ රටේ සිටීද? අවුරුදු ගණනාවක් මේ රටට කල සේවය කොතරම්ද? කියා නිම කල නොහැක. මේ රට මේ තරම්වත් ඉතුරු වුනේ මෙතුමා නිසයි. ඒ නිසා හොඳම සුදුස්සා හැටියට මෙතුමා තෝරා ගන්නා මෙන් ඉල්ලා සිටිමි.