IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනපති ’’G 77’’ අමතයි

(අංජුල මහික වීරරත්න)

ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කියුබාවේ හවානා නුවරදී ආරම්භ වූ “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමිනි.

කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුණු අතර සමුළුව ආරම්භ කිරීමට පෙර ඊට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයෝ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මෙම සමුළුව කැඳවීම සම්බන්ධයෙන් කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතා (Miguel Diaz-Canel Bermudez) වෙත ප්‍රශංසාව පළ කරමින් සිය දේශනය ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ බහුපාර්ශ්වික සංසදයන් වල දී සංවර්ධනය වෙමින් පවතින රටවල අරමුණු සහ අභිලාෂයන් ඉටුකර ගැනීම වෙනුවෙන් කියුබාව ඉටු කර ඇති ඓතිහාසික භූමිකාව ද කෘතවේදීව සිහිපත් කළේ ය.

 



අදහස් (10)

ජනපති ’’G 77’’ අමතයි

Perera Saturday, 16 September 2023 09:18 AM

පම්පෝරි ගහන්න දෙයක් නෑනේ... ආපු අයට අනුකම්පා වෙලා කීයක් හරි දෙන්න කිව්වද දන්නේ නැහැනේ.

:       7       10

Sara Saturday, 16 September 2023 09:47 AM

අනේ ඉතින් ඊළඟපාර ඉඳන් මේවාට යන්නේ අනුර කුමාර අපේ සහෝදරයා කියලා මතක් වෙනකොට දැනෙන සතුට...

:       13       10

ලුම්බිණි Saturday, 16 September 2023 09:51 AM

රනිල්ටම ගැලපෙන නායකයෙක් ඔය එයා ළඟම එයාගේ දකුණු පැත්තේ ඉන්නේ...

:       6       9

චන්දිම ෆොන්සේකා Saturday, 16 September 2023 10:06 AM

මදැයි අපේ හැටනම ලක්ෂෙ අරන් ආපු ගෝඨාට වෙච්චි දේ. මෝඩ උද්දච්ච කමට එක එක කපටි කේවට්ටයන්ගේ ලණු කාලා කාබනික මරගාතයක් කරන්න ගිහින් අන්තිමට නිකම්ම මිනිහෙක් වෙලා ඔහේ ගෙදරට වෙලා ඉන්නවා. කොහේවත් හිටපු කිසිම ජනතා ඡන්දයක් නැතුව හිටපු මනුස්සයෙක් දැන් ලෝකේ වටේ ගිහින් මහා ඉහළින් වැජඹෙනවා..

:       3       16

Rata Perata Saturday, 16 September 2023 12:59 PM

මෙයාගේ කතන්දර අහන්න කී දෙනෙක් අවදියෙන් හිටියද දන්නේ නැහැ.

:       16       13

මැක්ස් Saturday, 16 September 2023 01:13 PM

ඊළඟ G77 සමුළුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අමතන්නේ ශ්‍රීමත් අනුර දිසානායක අනාගත ජනාධිපති උතුමාණන් බව හැඟෙන විට මොනතරම් ප්‍රීතියක් එතුමාගේ දායක සභාවේ අපට ඇති වන්නේ දැයි දන්නේ අපම පමණි...

:       15       13

CK.Lankaputhra Saturday, 16 September 2023 01:15 PM

ශ්‍රී ලංකාව කියන්නේ දූෂිත දේශපාලුවන් නිසා විනාශයට පත්වූ රටක් කියලා ජී 7 මහත්වරුන්ට කියන්න සර්. ඒ වුණාට සර්...

:       1       13

ගමේ එකාලා Saturday, 16 September 2023 01:38 PM

පින් ජනපතියාගේ වැදිබණ... ලෝකෙට පරකාසේ? ගෙදරට මරගාතේ කියන්නේ නිකම් නෙවෙයි.

:       12       13

chandima Saturday, 16 September 2023 08:13 PM

ගමන යන්න කීයක් වියදම් වුණාද? පින් කැටේට ආධාර කීයක් වැටුණාද? අර ඉස්සර නැමිලා පස්ස හරවන් උන්නු යාලු මචන්ලා කීයක්වත් දුන්නේ නැතිද?

:       2       0

සල්ලි Sunday, 17 September 2023 07:10 AM

මොනවද කීවේතුමනි... ලැජ්ජාවක් දැනුනේම නැතිද? ඒ රටවලත් මාධ්‍යකාරයෝ එක්ක එකතු වෙලා මිනිස්සුන්ගේ ඔලුවට විෂබීජ දානවාද කියලා හොයලා බැලුවද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site