(අංජුල මහික වීරරත්න )
රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත සංස්ථා මණ්ඩල ආදියේ සභාපතිවරුන් පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය ඉතා හොඳ පියවරක් බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන්ට දැනුම් දී ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කළේ කොළඹ අරලියගහ මන්දිරයේදී අද (06) පැවැති මැති ඇමැතිවරුන්ගේ හමුවකදී අදහස් දක්වමිනි.
එක්සත් ජාතික පෙරමුණු සමිති සමගි සන්ධාන රජයේ සංස්ථා, මණ්ඩල සභාපතිවරුන්ගේ පත් කිරීම් සඳහා කමිටුවක් නම් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.
ජනාධිපති නියෝජිතයින් දෙදෙනෙක්, අග්‍රාමාත්‍ය නියෝජිතයින් දෙදෙනක් සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙක් ඉහත කමිටුවට ඇතුළත් වෙති.
රාජ්‍ය ආයතන පධානීන් පත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරමින් කමිටුවක් පත්කිරීමට ජනපති ගත් තීරණය ඉතා හොඳ තීරණයක් බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු අමාත්‍යවරුන්ට ඒ අනුව කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තීරණය කොච්චර කලකටද? ආප්ප කනකම් විතරද?
ඔය චක්‍රලේකය වලංගුවන්නේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ රජයක් තිබෙනතුරු පමණයි. ඉන්පසුව අවලංගු වෙනවාමයි. තීරණය හොඳයි කියන්නේ දේශපාලන පළිගැනීම් සඳහා කටයුතු කල හැටි අමතක වුණාද?
කල්පනා ,මම ඔබේ ප්‍රකාශය අගය කරමි.
ජනාධිපති සමග ෂේප් එකේ මේ අවුරුද්දවත් ඉන්න ඕනේ කියලා හිතලා වගෙයි.
මේ කැද හැලිය ආපු දවසේ ඉදන්ම නිලධාරීන් පත්කිරීම හා ඉවත් කිරීම, නැවත පත්කිරීම් කොතෙකුත් කරාද. නිසි ගමනක් , කලයුතු දේ මොනවාද කියලා කාටවත් වගකීමක් නැහැ. එක එක්කෙනා තමන්ට ඕන විදිහට වැඩ කරනවා.
ජනාදිපති තුමනී, ෂේප් එකෙන් වැඩකර ගන්නයි හදන්නේ. එහෙමනම් 20 නොගෙනෙන්න කටයුතු කොරන්න. 20 ගෙනාවොත් සිංහලයා ඉවරයි. අපි ශ්‍රී ලාංකිකයෝ වෙනවා. ජර්මනිය කීවාම ජර්මන්ස්ලා. ඕකට පැනලා ඉන්න ද්‍රවිඩයෝ ජමන්ස් වෙන්නේ නැත. ශ්‍රී ලංකා කීවාම සිංහලීස් කියා කියවෙන්න ඕනේ.