(රංජන් කස්තුරි)
ජ්‍යෙෂ්ඨ නීතිඥ හරි ගුප්ත රෝහණදීර මහතා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබ සිටියි.
සිවිල් අපරාධ නඩු පිළිබඳ ප්‍රනීණ නීතිඥයෙකු වන හරිගුප්ත රෝහණදීර මහතා පරිපාලකයෙකු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු මෙන්ම අපරාධ යුක්ති නීතිය පිළිබඳ දේශකයෙකු ලෙසද ප්‍රකටය
ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශකවරයා ලෙස යුද්ධය පැවතිකාලයේ කටයුතු කළ හරිගුප්ත මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා හා රණවිරු සේවා අධිකාරියේ නීති උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළේය.
රුසියාව , ස්විස්ටර්ලන්තය , කොරියාව ඇතුළු රටවල් ගණනාවක අපරාධ යුක්තිය හා නීතිය පිළිබඳ සමුළු හා වැඩමුළු රැසකටද රෝහණදීර මහතා සහභාගි වී තිබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශීෂ්‍යයෙකු වන ඒ මහතා කොළඹ නීතිපිඨයෙන් උපාධිය හිමිකර ගෙන තිබේ.
හරිගුප්ත මහතා පුරාවිද්‍යාව හා ඉතිහාසය පිළිබඳ ප්‍රකට විද්වතෙකු වූ අභාවප්‍රාප්ත මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතාගේ පුත්‍රයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි නීති උපදෙස් දීමට ඔබට හැකිවේවා. මං එහෙම කිව්වේ වැරදි උපදෙසුත් දෙන අය ඉන්න බව පෙනෙන හින්දයි.
එහෙම තනතුරක් තිබුණද? අදයි ඇහුවේ. ආණ්ඩුවට නීති උපදෙස් දෙන්න නීතිපති ඉඳිද්දී ජනපතිව වෙනම කෙනෙක් ඕනැද? මම මේ දන්නෙ නැති නිසයි ඇහුවේ, අයුබොවන්ඩ...