
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ස්ථිර කරන බව මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසීය.
ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ස්ථිර කළේය.
ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායක මහතාගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් මහතා යෝජනා කළ අතර හරිනි අමරසූරිය මහත්මිය එම යෝජනාව ස්ථිර කළේය.
ජනාධිපතිවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා එම යෝජනාව ස්ථිර කිරීම විශේෂත්වයක් විය.
ජනාධිපතිවරණය සඳහා තමා ද ඉදිරිපත් වන පෙර බව මීට පෙර සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයට පත් කර තිබිණි.
ඒ අනුව සමගි ජන බලවේග පක්ෂයේ සහාය ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට එම පක්ෂය අද තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාවාදීන්ට දැන් සැපද?
පියාණෝගේ නාමයෙන් මේ පාරත් බේරුණා නේද? දැන් ඉතින් බරවචන දාලා කියයි නොඉල්ලපු හේතුව. ඊයේ වෙනකම්ම කිව්වේ ඉල්ලනවා කියලා නේද? පක්ෂයේ කට්ටියම. මෙයා හොඳ කයියට විතරයි...
ජයවේවා ජයවේවා ජයවේවා...!
මීට පෙර කීප වතාවක් රටේ නායකයෝ වෙලා රට විනාශ කරපු අය ප්‍රතික්ෂේප කරන්න හොඳ වෙලාවක්...
අනේ පව් ෆොන්සේකා..!
රනිල් තමයි ඊළඟ ජනාධිපති...
ඩලස් මහතා පමණයි දැනට ටිකක් විශ්වාස කළ හැකි කෙනෙකුට ඉන්නේ... පක්ෂයක් තිබුණත් අන්තවාදීව පක්ෂය බදාගෙන ඉන්නේ නෑ. හරි වැරැද්ද දකිනවා. බලමු. පාර්ලිමේන්තුව ඇතුලේ සල්ලි මළු මළු හුවමාරු වෙලාද දන්නේ නෑනේ එක්කෙනෙක් දිනවන්න. ඒකනේ ක්‍රමය...!
බල තණ්හාවෙන් කෙටි මාර්ග ඔස්සේ යන්න උත්සාහ අරන් ඇණගන්නේ මේ වතාවේ. කී වතාවක් අගමැති වෙලා හිටියද? හැම අවස්ථාවේම ජනතාවට එපාවෙලා ප්‍රතික්ෂේප වුණා.
අගෝස්තු වෙනකොට හිටපු එක්කෙනා අපහු එනවා කියලා වාර්තා කර තියෙනවා දැක්කා. ඒ කියන්නේ ඒ ගොල්ලන්ට ඕනෑ එක්කෙනා දිනනවා කියන එක වෙන්න බැරි නැද්ද? මොකද්ද දන්නේ නෑ ඇවිත් කරන්න යන වැඩේ...?
අනුර කුමාර ඉල්ලුවොත් රනිල්ට වාසියි..
ඩලස්, අනුර දෙන්නම පරදිනවා... මේක කියන්න ලක්ෂ ගාණක් වියදම් කරලා පාර්ලිමේන්තුව රැස්කරලා ඡන්ද තියන්න ඕනෑද? අපරාදෙ මිනිස්සුන්ගේ සල්ලි...? ප්‍රතික්ෂේප වූ පාර්ලිමේන්තුවකින් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙක් බලයට එනවා... අරගලය පරාදයි... රටේ මිනිස්සු පරාදයි.
පක්ෂ දේශපාලනයට එනකොට ගත්තා ඇති දැන්... රට මේ නිසා අන්තයට පිරිහුණා. විපක්ෂ නායකයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් යෝජනා කිරීම හොඳ ප්‍රවේශයක්... එකතුවෙලා රට හදන එක තම රටේ අනාගත දරුවන් වෙනුවෙන් කළ යුතුව ඇත්තේ...
මේ තුන් දෙනාගෙන් අපි තෝරගත්තේ අනුර..! අනිත් දෙන්නම හිටපු ප්‍රසිද්ධ හොරු නිසා...
රනිල්ට නම් ජනතාවගේ අප්‍රසාදය රටපුරාම... පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලුවන් ගැන තමා කියන්න බැරි.. ඩලස් චින්තනේ ගැනත් විශ්වාස නැහැ. අනුර කෙළින් කතාකරන නිසා අකමැති අයත් ඉන්නවා...
ලැජ්ජා සහගත වැඩක්... මන්ත්‍රීවරයෙක් යටතේ විපක්ෂනායක වැඩකරන්න යන්න වීම ගැන...