(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
විධායක ජනාධිපතිවරයා එළඹෙන සුභවාදී යෝජනා සමඟ රජයේ ඇමැතිවරු පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා කොන්දේසි විරහිතව පෙළගැසිය යුතු බව මහා මාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය .
ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ , කොට්ටාව මත්තේගොඩ ප්‍රධාන මාර්ගය කාපට් අතුරා ඉතා හොඳ තත්වයෙන් තිබියදී රුපියල් ලක්ෂ 672 ක මුදලක් නාස්ති කරමින් නැවතවරක් කාපට් අතුරන බවට ඇමැතිවරයාට ලැබී තිබූ පැමිණිල්ලක් පරීක්ෂාවට ලක් කිරීමට මත්තෙගොඩ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය.
මුලින්ම මා කියන්න ඕනි කොට්ටාව මත්තේගොඩ ප්‍රධාන මාර්ගයේ කාපට් ඇතිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධය මාධ්‍යවේදීන් විසින් සිදු කළ පැමිණිල්ලක් නිරීක්ෂණය කිරීමටයි මා මෙහි පැමිණියේ. එහෙත් මෙම ව්‍යාපෘතිය ගැටලුවක් මතුවෙලා නැහැ. අවුරුදු හයකට කලින් තමයි කාපට් අතුරලා තියෙන්නේ. ඒ වගේම අවුරුදු හතළිහකට පස්සෙ තමයි මේ පදික වේදිකාව අලුත්වැඩියා කරන්නෙ. ඒ නිසා මෙය ඉතා හොඳ ව්‍යාපෘතියක් එය ඉතා ඉක්මනින් අවසන් කිරීමට පියවර ගන්නවා.
මේ හැම හැමදෙයක්ම අපි කරන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුවයි. නමුත් අපි කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් විවේචන එල්ල කරනවා .මේ දවස්වල රටේ ප්‍රධාන මාතෘකාව වී තිබෙන්නේ කොරෝනා වසංගතය නෙමෙයි. අද හැමෝම කතාවෙන්නෙ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ගැන. මේ ජැටිය සම්බන්ධයෙන් සියලුම ගිවිසුම් වලට එලබිලා තිබුණේ පසුගිය යහපාලන රජය. නමුත් ඒ සියලු ගිවිසුම් වල අයහපත් දේ මගහැරලා යහපත් විදිහට ක්‍රියා කිරීමයි අපි මේ කරන්නේ. මේක රටට අහිතකර කාරණාවක් නෙවෙයි.
මේ ගැන විවිධ අය විවිධ කරුණු පවසනවා . නමුත් රජයේ ඇමැතිවරු හැටියට අපි එක් අරමුණක සිටිය යුතුයි. මොකද මේ රටේ විධායක ජනාධිපතිවරයා හැටියට එලඹෙන ඕනෑම හොඳ යෝජනාවකදී ඇමතිවරුන් හැටියට අපි එතුමා සමග සිට ගත යුතුයි. එහෙම නැතුව එක එක්කෙනාගෙ න්‍යාය පත්‍ර වලට වැඩ කරන්න හොඳ නැහැ.අදහස් ඉදිරිපත් කරන්න හොඳ නෑ.එහෙම වුනොත් වෙන්නේ ලොකු විනාශයක් .
මොකද ජනාධිපතිතුමා , අගමැතිතුමා සහ මේ රජය පිහිටවන්න මේ රටේ ජනතාව සද්භාවයෙන් කටයුතු කළේ පහුගිය අවුරුදු පහ තුළ කාලකන්නි රජයක් මේ රට පාලනය කල නිසා . ඒ අගාධයෙන් මේ රට නැවත ගොඩගෙන සංවර්ධනය කරන්න රජය ගන්න හැම ක්‍රියාමාර්ගයකදීම රජයේ ඇමතිවරු රජයත් සමඟ සිට ගත යුතුයි.
මේ පිළිබඳව අද සමාජයේ පූර්ණ කතිකාවතක් ඇති වෙලා තිබෙනවා. ඒ අතර යහපාලන රජය පරාජය කරලා මේ රජය පත් කරන්න කැපවීම් කරපු මහා සංඝරත්නයත් ඒ අතර ඉන්නවා. ඇත්තෙන්ම අපි මහා සංඝ රත්නයට ගරු කරනවා මේකේ හොඳ නරක පෙන්වා දීම පිළිබඳව හැබැයි පිරිසක් යටින් ඉඳගෙන මහා සංඝරත්නයත් උසිගන්වනව කියලා අපිට පේනවා . මේ රටේ හැමෝගෙම ආරාධනා කරනවා කිසිදු කුමන්ත්‍රණයකට අහු නොවී අගාධයට පත්ව තිබුණ රට සමගියෙන් සහයෝගයෙන් ගොඩගන්න එක් වෙන්න කියල.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමද ආස...?
නැතිනම් සුදු වෑන් එක එවයි.
කතාවේ කිසි වැරැද්දක් නැහැ. වහලෙකුගේ නිදහස් සිතුවිල්ලක්...
මෙයින් අදහස් වන්නේ වක්‍රව ඒකාධිපතිවාදයද? නැතහොත් වහල්භාවයද?
දියවන්නාවේ ඉන්න බත්බැලයින්ට සහ බයියන්ට මෙය අනිවාර්ය කර ඇත...
හොඳ හොඳ කුට්ටි ලැබෙන කෙනාට තමයි ආණ්ඩුවේ වේදනාව දැනෙන්නේ.. රටට හෙණ ගැහුවත් කමක් නැහැ ජනාධිපති කියනවා නම් කනවා ජරාව වුණත්..
ඔව් ඉතින් තමනුත් කරන්නේ පුළුවන් තරම් මුට්ටි අල්ලන එකයි. එතකොටනේ තමන්ගේ ගැලවීම තියෙන්නේ. ඔහොම යමුකෝ තව ටික කලක්...
මෙයා කවුද කියලා රටේ මිනිස්සු දන්නවා... පවු...
රජය අසමත්, විපක්ෂය අසමත්... සමස්ත රටවැසියාට විකල්පයක් නොමැත. ජනතාව වෙනසක් ඉල්ලා සිටින තුරු සහ නිහඬව සිටිනතුරු කිසිවකු ඔවුන්ට නායකත්වය දීමට ඉදිරිපත් නොවනු ඇත.
ඔව්, ඔව් කිව්වොත් මෙයා ඕනෑ දෙයක් කයි.
එහෙනම් මොකටද? පාර්ලිමේන්තු යන්න අපෙන් ඡන්දෙ ඉල්ලන්නේ...? ඒ මදිවට ගියාට පස්සේ කියන්නේ ජනතා නියෝජිතයෝ කියලා. මේ කියන විදිහට ඇමැති වරුන්ට තෙලුත් අරන් තමයි රස්සාවට යන්න වෙන්නේ...!!
රජ කාලේ වගේ, නූතන චීන විදිහ වගේ...
එයා කියන දේ වැරදි බව එයා දන්නෙත් නැහැ. අවාසනාව එයා කියන්නේ වැරදි කතාවක් කියලා 69 ලක්ෂයක් දන්නෙත් නැහැ.
දැක්කාම මහ අප්පිරියාවක් එන්නේ මට විතරද?
ස්තුතියි සර්... අපිට දැන් හොඳට තේරෙනවා... ඔයාලාට තව වැඩි දවසක් නැහැ.
ජේ.ආර් කළෙත් ඕකම නේද? මම අහලා තියෙන විදිහට ජේ.ආර් ගාව මැති ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තිබුණා කියනවනේ... මෙයා තර්ජනය කරන්නේ එයාගේ චරිත දෙක ගැන පංපෝරි ගහලා. මෙයා දන්නේ නෑ මානසික වෛද්‍යවරුන් කියන ආකාරයට චරිත දෙකක් තියෙන්නේ එක්කො bipolar නැමති රොගයේ ලක්ෂණයක් විදිහට.. නැතිනම් එයා මහා කපටි, වංචනික වෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඒ දෙකම තියෙන්න ඕනෑ.
එසේය, මහරජ!
ඔව්, එහෙම කරමු. මොකද බාර් ලයිසන් අලුත් කරද්දී රජයට වාර්ෂිකව ගෙවිය යුතු අවම ගාස්තුව වන රුපියල් ලක්ෂ දහයත් ජනාධිපතිතුමා ගන්න එක නතර කළානේ. ඒ නිසා අපි කොන්දේසි විරහිතව සහයෝගය දෙන්න ඕනෑ... ඔබතුමා හරි.
නියම කොන්දක් ඇති අැමැතිතුමෙක්. සැබෑ ජනතා නියෝජිතයෙක්...
කරන්නේම මෝඩ වැඩ කියලා කියන්නේ කට කහනවටයැ...
අපේ ඡන්දෙන් ගිහිල්ලා ලොක්කගේ පස්සේ යනවා. වෙන රටවල නම් ඡන්දෙ දීපු ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ...
වහල්කමට බෙහෙත් නැහැ.