
(දිනේෂ් සමරකෝන්)
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය කොළඹ ජනාධිපති ලේඛම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපට අසුන් ගනිමින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
වැන්දඹු වැටුප් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව ආරම්භ කර ඇත.
විරෝධතාවය ආරම්භයට පෙර විරෝධතාකරුවන් පාගමනින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ජනාධිපති ලේඛම් කාර්යාලය දක්වා පැමිණීමට කටයුතු කළහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවන් ද මාලිමාවේ තරම පිළිබඳ ඇති නොසැලකිල්ල සහ ඔවුන් විසින් මවාලූ කෙප්ප වරුසාවට හසු වී පෝලිමේ ගොස් මාලිමාවට ඡන්දය දුන්නෝය. රණවිරුන් පිළිබඳ මාලිමා දැක්ම හොඳින් පෙනුනේ පසුගිය නිදහස් දින උළෙලේදීය. දැන් ඉතිං අඬා දොඩා ඵලක් නැත. මාලිමාව යනු එල්ටීටීඊය සහ ඒ මතවාදය පෝෂණය කරන දෙයක් බව දැන්වත් තේරුම් ගෙන කටයුතු කිරීම ඔබේත්, ඔබගේ දරු පවුල්වලත් පොදුවේ මුලු මහත් රටේත් උන්නතියට හේතු වේ...
රණ විරුවෝ කියල ජාතියක් නෑ. සෙබළු ඉන්නේ දැන්.
ඇයි මෙච්චරකල් රට, ජාතිය, ආගම, යුද්ධෙ, රණ විරුවන්ව විකුණගෙන දේශපාලන බලය ලබාගත් නායකයෝ ඔබලා වෙනුවෙන් ඔය කියන ඉල්ලීම් දුන්නේ නැද්ද..? දේශපාලන අතකොලු වෙලා නාඩගම් නටලා ඔබලාගේ ගෞරවය ඔබලා විසින්ම නැතිකරගන්නවා කියලා තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ කියලා හිතෙන්නේ නැද්ද..? වෙන රටවල විශ්‍රාමික හමුදා නිලධාරීන්ට විශේෂ ගෞරවයක් තියෙන්නේ, ඔවුන් ගෞරාන්විතව ජීවත් වෙන නිසයි.. කොහෙද ඉතින්, ලජ්ජා නැතිකම රණවිරු කමටත් වඩා ලොකුයිනේ...
රණවිරුවා කියල කට ඇරලා කියන්න බැරි උන් ටිකක් තමයි මේ රටේ දැන් ලොක්කෝ වෙලා ඉන්නේ, උන්ට මේවා ප්‍රශ්න නෙවෙයි දැන්. එක නිසා ඔය මහත්තයලා නිකම් ලේ පුච්චාගෙන කෑ ගැහුවට වැඩක් නැහැ. ඒවා ඇහෙන්නේ නැහැ කාටවත්.
ලංකාවේ කවද ඉඳන්න වැන්දබු විශ්‍රාම වැටුප අහිමි කලේ.? නිකම් මෙතන බොරු මවලා කාවද මේ සෙබල රැල රවට්ටන්න දඟලන්නේ..? පිළිවෙලකට නීත්‍යානුකුලව විවාහ වෙලා, එය රැකියාව තුල සනාත කර තිබුනා නම්, කොහොමද ගැටළු ඇතිවෙන්නේ..? මියගිය හමුදා නිලධාරීන්ගේ විශ්‍රාමික වැටුප් ලබන නීත්‍යානුකුල විවාහක වැන්දබු බිරියන් ඕනා තරම් මේ රටේ ඉන්නවා. හොර බිරියන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන්න මේ රජය හෝ පැවති කිසිම බැදී නැහැ...මම නම් කියන්නේ, රණවිරුවෝ කියන නම පමණක් නොවෙයි හමුදා සෙබල කියන ගෞරවනීය නාමයත් සුදුසු නැහැ හිඟමන් යදින මේ අමන හොර තක්කඩියන්ට...
(ප)ජාතියේ අප්පොච්චා හිටියා. ඊට පස්සේ වැඩ කරන විරුවා ගෙනාවා. උන් එකෙක් වත් ඔය ප්‍රශ්න විසදුවේ නැතෙයි, දැන් අර පරමල වෙනුවෙන් කඩේ යනවාද ?
ඉස්සර දේශපාලුවෝ ඇතුළු හැම එකාම තමන්ගේ බඩ ගැන හිතලා හොඳට හොරකම් කළා, වරාප්රසාද ගත්තා. දැන් හොරකම් නැති දේශපාලකයින් ටිකක් ඇවිල්ල ඉන්නවා. ඒත් අනිත් උන්ට ටිකක් බඩ ගැන හිතන්නේ නැතුව ඉන්න බැරිවෙලා තියෙනවා. රනිල් රට බංකොලොත් කියපු වෙලාවේ තමයි මේ ඔක්කොටම පාරට බහින්න තිබුණේ. එත් එතකොට සද්ද නැතුව හිටියා. රට බංකොලොත් උනත් කමක් නෑ, බඩ පිරෙනවානේ කියලා.