( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන පළි ගැනිම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් නිර්දේශයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් වී ඇත්නම් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලා නීතිඥවරු 4 දෙනෙක් අද (1) අගවිනිසුරුවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
නීතිඥ සේනක පෙරේරා, අචලා සෙනෙවිරත්න, නාමල් රාජපක්ෂ හා තම්බයියා ජෙයරත්නරාජා යන නීතිඥවරුන් සිව් දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා මගින් පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූහ.
2015 ජනවාරි 8 වැනිදා හා 2019 නොවැම්බර් 19 වැනිදා කාලය අතරතුරදී සිදුව ඇතැයි, කියන දේශපාලන පළී ගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් යුක්තිය අවගමනයක් හා අධිකරණයට අපහාසයක් සිදුවී ඇත්තේ ද යන කරුණු පිළිබඳව මෙන්ම අධිකරණ පද්ධතියට හා පුරවැසි අයිතිවාසිකම්වලට එමගින් හානියක් සිදුවී ඇත් ද යන කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි එම නීතීඥවරු සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව පත්කල අංක 2157 / 44 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ හෝ අධිකරණ නඩු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බව පැමිණිල්ල ඉදිරිපත් කළ නීතිඥවරු පෙන්වා දෙති.
අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂක් සභාව නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්ති නාමය ,ස්වාධිපත්‍ය බලය , ජනතාවගේ විශ්වාසය බලවත් ලෙස හෑල්ලුවට ලක් කර කිරීමක් සිදුව ඇතැයිද එම නීතීඥවරු සිය පැමිණිල්ලෙන් පෙන්වා දේ.
දුමින්ද සිල්වා මහතා දේශපාලන අසාධාරණයට ලක්කර ඇති බවත් ඔහුට එරෙහිව නියම කර ඇති මරණ දඬුවමට එරෙහිව ඔහු ඉදිරිපත් කළ අභියාචනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව නැවත සළකා බැලීමට නිර්දේශ කිරීම මගින් අධිකරණයට යුක්ති හා සාධාරණත්වයට කරනු ලැබු අපහාසයක් වන්නේ යැයි ද එම නීතිඥවරුන් පැමිණිල්ල මගින් අගවිනිසුරුවරයා වෙත පෙන්වාදි තිබේ.
ඒ අනුව එම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ වලින් ශ්‍රේෂ්ඨාධිකරණයට යම් අපහාසයක් සිදු වී ඇත්නම් , පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නැයිද එම පැමිණිල්ලෙන් පෙන්වා දේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති නිසයි අහන්නේ... අධිකරණයට අපහාසයක් වෙලා තියෙනවා නම් පුරවැසියන් නේද නඩු දාලා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කළ යුත්තේ? කවුරුවත් නඩුවක් ගොනු නොකර අධිකරණයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවාද?
මේ නීතීවේදී කණ්ඩායමට ස්තූතියි. අපගේ හඬද වූයේ ඔබතුමන්ලාගේම වැනි හඬකි. අපට සිතෙනා, හැඟෙනා ආකාරයට අධිකරණයට හා විනිසුරුතුමන්ලාට මේ අයට මෙසේ, මේ ආකාරයට දඬුවම් දියයුතු බව නිර්දේශ කිරීමට කවර හෝ පුද්ගලයෙකුට බැහැ. එසේ කිරීම වරදක් මෙන්ම අධිකරණයට අපහාස කිරීමක් ලෙස අපටද සිතේ. මේ ආකාරයට දේශපාලකයින් විසින් පත්කරනු ලබන කොමිසම් හරහා රටේ අධිකරණයට හා විනිසුරුවරුන් හෑල්ලුවට ලක්කිරීම බලවත් වරදක් බව පෙනේ. යමෙකුට නීති ප්‍රකාරව දඬුවම් කිරීමට විනිසුරුවරුන්ට තවත් කෙනෙකුගේ උපදෙස්, නිර්දේශවලින් කෙරෙනුයේ අයුතු බලපෑමක් බව පෙනේ....
හැම ආයතනයකින්ම දේශපාලනීකරණය වෙච්ච රටක කවර කතාද?
රන්ජන් රාමනායක කළා කියලා හිතන වරදම තමයි මේ අයත් කරලා තියෙන්නේ...
මේ සම්බන්ධයෙන් අප මෙම නීතීඥයාට ස්තූති වෙනවා.
එතකොට දේශපාලන වශයෙන් පලිගැනීම් වලට ලක් වු අයටත්, එසේ කළ අයටත් ප්‍රතිකාර නැත්ද? දන්නා අතීතයේ සිටම මෙවැනි දේවල් වෙනවා. එය නතර කිරීමට නම් මෙතනින් හෝ පටන් ගත යුතුයි.. .