(නිමන්ති රණසිංහ)
ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඡායාරූප සමග පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට සම්බන්ධ බෝම්බකරුවන්ගේ ඡායාරූප සමග එකලස් කොට ව්‍යාජ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හැර ජාතීන් අතර වෛරී හැඟීම් ඇවිස්සූවැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මාතලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ මාතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු මෙන්ම මේ වන විට ස්වාධීන මන්ත්‍රිවරයකු වන යටවත්ත මාතලේ පදිංචි මලල බණ්ඩාර ඒකනායක නමැත්තාය.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේදී මරාගෙන මැරුණූ බෝම්බකරුවන් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සිටින ඡායාරූපයක රිෂාඩ් බදියුදීන් මහතාගේ හිස ඉවත් කර එයට ජනාධිපතිවරයාගේ හිස සම්බන්ධ කොට “කමිෂන් 100ක් දාලා තහවුරු කරන්න බැරි දේ මේ ඡායාරූපවලින් තහවුරු වනවා” යන්න වැකියක් සඳහන් කරමින් ව්‍යාජ ඡායාරූපයක් නිර්මාණය කර ඇති මෙම සැකකරු එය අන්තර්ජාලයට මුදා හැර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ වැඩක්... මෙමගින් අසාධාරණයට ලක්වූ අයට වන්දි ලබා දීමට වැඩපිළිවෙළක් ඇති කළා නම් ගොඩක් වටිනවා. ෆේස්බුක් හරහා බොරු දාන කට්ටිය ඔක්කොටම හොඳ පාඩමක්..
මෙන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ගේ හැටි. මේ වගේ අමන මිනිසුන් තමයි මේ ප්‍රාථමික දේශපාලනයට ඇවිත් ඉන්නේ. මෙහෙම අයගේ අනිත් කෙරුවාවලුත්, මේ වගේම ඇති.
ඉතා ප්‍රාථමික අදහස් ඇති අයම තමයි මුහුණු පොතේ බුද්ධිමතුන් වගේ පෝස්ට් දාන්නේ. ඔවුන්ගෙන් බොහෝ අය තම මුහුණ නොදා තමයි මෙවන් දේ නිර්මාණය කරන්නේ...
සමහරක් ගාව තියෙන්නේ එකම එක සමීකරණයයි. එය නිමා කරන්නේ උත්තරය රාජපක්ෂ වන ලෙසටයි..