(අජන්ත කුමාර අගලකඩ)
රජයට අදායම් ලැබෙන සියලු මාර්ග අකර්මණ්‍ය වී තිබුණත් කොරෝනා වයිරසයෙන් ජනතාව මුදා ගැනීමේ සටන කිසිසේත් අත් හරින්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) රාත්‍රීයේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතූ අගමැතිවරයා ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයාත් ප්‍රශංසා කළ බවද පැවසීය.
කොරෝනා වසංගතය ලෝකයෙන් වාර්තා වූ මොහොතේ සිටම ජනාධිපතිවරයාත්, රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළ බවද අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
වරකට දහස් ගණන් නිරෝධායනය කළ හැකි නිරෝධායන මධ්‍යස්ථාන 40 කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවා ඇතැයි කී අගමැති රාජපක්ෂ මහතා මෙම නිරෝධායන මධ්‍යස්ථාන නිකම්ම නවාතැන් පොළවල් නොව සියලු පහසුකම් දින 14ක් පුරා නො අඩුව ලබා දෙන ස්ථාන යැයි ද කීවේය. මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය හිනාවෙව් එළියට එන්නේ ඒ නිසා බවද අගමැතිවරයා සඳහන් කළේය.
රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රජ්‍ය සේවකයන් ලක්ෂ 15ක් ගෙවල්වල සිටින නමුත් ඔවුන් සියලු දෙනාටම අප්‍රේල් මාසයේ වැටුප ගෙවන්නට දැනටමත් කටයුතු කර අවසන් බවද අගමැතිවරයා පැවසීය.
මේ මිනී වළෙන් ගොඩ එන්නට හැකි වන්නේ පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් පමණක් බවද දිගු කාලයක් ගත නොකර හැකි ඉක්මනින් මේ වසංගතය ජය ගත යුතු බවද අගමැතිවරයා කීවේය. වෙනත් රටවල් කොරෝනා වයිසරය හමුවේ මුහුණ දී ඇති ඛේදවාචකයට මුහුණ නොදී නැගි සිටින්නට අපේ රටට යැයි ද අගමැති රාජපක්ෂ මහතා කීවේය.
අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් උපුටා ගත් ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.
■ රාජ්‍ය සේවකයන් පහළොස් ලක්ෂයටම අප්‍රේල් වැටුප ගෙවනවා.
■ ජනතාවගෙන් ලක්ෂ 50කට වැඩිය සෘජු සහනාධාර දුන්නා.
■ අතුරු අයවැය සම්මත කරන්න සහාය නොදැක්වූ පාර්ලිමේන්තුව දැන් රැස් කරන්නේ කුමකටද?
■ අපේ වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිත් ප්‍රශංසා කළා.
■ පළමුවැනි කොරෝනා රෝගියා වාර්තා වුණු ගමන් පාසල්, විශ්ව විද්‍යාල වැහුවේ මේ අර්බුදය දැනගෙනයි.
■ ඇඳිරි නීතිය පැනෙව්වත් සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමේ වගකීම රජය ඉටු කරනවා.
■ දේශපාලනල ජාතික, ආගමික වශයෙන් හිතල තීන්දු තීරණ ගත්තේ නැහැ.
■ අපට ඉන්නේ ජීවිත අවදානම පවා නොතකා වැඩ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක්.
■ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ තරුණයෝ තමන් ඉන්න බැරැක්කය රෝගියාට දීලා සිමෙන්ති පොළොවේ නිදා ගත්තා.
■ තිස් අවුරුදු යුද්ධය තියෙද්දි දරු පැටව් එක්ක හබරල ගාල්වල නිදා ගත්ත ඔබට රට වෙනුවෙන් මේ ටික කාලය ගෙදරට වෙලා ඉන්න බැරිකමක් නැහැ.
COMMENTS
කලින් කිව්වේ බය වෙන්න දෙයක් නෑ බොරුවට කලබල වෙන්න එපා කියලා. මේ අයට දැන් රටට කෙල වුනත් එකයි නැතත් එකයි.
මොන වසංගතය ආවත් දුක් විදින්නේ අසරණ ජනතාව නඩේට ප්‍රශ්නයක් නැහැ. පරම්පරා ගානකට හොරකම් කරගෙන මුදල් ඉඩම් පොදි බැදගෙන ඉවරයි. ඇදිරි නීතිය ඉවර කෙරුවම මේ නඩේගේ පවුලේ උදවිය පෝලිම් වල ඉන්නවද මොන හෙනය ආවත්.....ගෙදරටම ඉස්තරම්ම බඩු මල්ල ගෙදරට එනවා. බොරුවට එළවලු ලොරිය ගෙදර ලගට එව්වට වැඩක් තියෙනවද ? කෝ සල්ලි දැන් හොඳම වෙලාව. අගමැතිත් සමගම නඩේම ගෙදර අරින්න. හමුදාවට රට බාරදෙන්න. යුද්දෙත් ඉවරකෙරුවා. දැන් මේ වසංගත රෝගය මේ සේරම ඉවර කරලා. රණවිරුවන් විශ්‍රාම වැටුප ගන්න අව්වේ උපවාස කරන්න ඕන. මේ ගොන්නු ටික නඩත්තු කරන්න යන මුදල් සේරම රණවිරුවන්ට මාසික වැටුපට එකතු කරන්න. නඩේ එළවන්න. මේ අය නායකයින් නෙමේ. දුප්පතාගේ හෙනහුරා කියන්නේ මේ අයට තමයි. බඩයි කටයි විතරයි. මොළයක් නැහැ. කයිවාරු ගහයි යුද්දේ දින්නා වගේ. රණවිරුවන් මේ කරන විදියට කරගෙන යයි පාඩුවේ ඉන්න. තැඹිලි ටිකක් හිටවන්න රණවිරුවන්ට බොන්න දෙන්න. ලැජ්ජා නැති බයියෝ.
ඒකනම් ඇත්ත.මොකෝ උන්නැහේට ගානක් නෑ. කට්ටිය කොහොමත් කනවා. පක්ෂ විපක්ෂ ප්‍රශ්නේ අපි වගේ පොඩි අයට තමා.
" 30 අවුරුදු යුද්ධය ගැන කියලා දේශපාලන වාසි ගන්න උත්සහ කරනවා. මොවුන් අපේ රට කොල්ලකාලා කියලා පිළිගන්න අකමැති වහල්ලු අදත් මුන්ව අදහනවා. නොදෝමකින්...!!!
."...සුනාමියෙන් හොරාකාපු සල්ලි ඉවරයි හාන්දුරුවනේ... වාසනාවකට කෝවිඩ් දෙවියෝ මගේ මුහුණ බැලුවා... දැන් ඉතින් මගේ පවුලත් ලොකුවෙලා.. මුනුපුරොත් ඉන්නවානේ. ඉතින් උන්ගැනත් මම සොයාබලලා යමක් කරන්න එපැයි හඳුරුවනේ... ඒකනේ ක්‍රමය කියන්නේ. 30 අවුරුදු යුද්ධයෙන් ගසාකාපු මට මේ කොරෝනා යුද්ධෙන් ගසාකන්න බැරි මොකද...?"
ඔයාල ජනතාව බේරාගැනීමේ සටන අතහැරියොත්. ඔයාලව ගෙදර යැවීමේ සටන ජනතාව පටන්ගනිවී. ජනතාවගේ චන්දයෙන් ඔතන ඉන්න ඔබතුමන්ලා ජනතාව අනතුරින් මුදවා ගතයුතුයි...
අනේ යන්න..., බොරු නොකියා. ගුවන් තොටුපල වැහුවෙ නැතිව දැන් බොරු බයිලා කියනවා...
දැන් කල්ල මරෙ
මහින්ද චින්තනේ 1,2 අපි අහලා තියෙනවා... මේකත් එහෙම වෙන්ඩ ඇති. හත්මුතු පරම්පරාවම ගොඩනේ. අවුලක් නැහැ...
වැඩක් නැහැ. දැන් ඉතින් කාලේ ඇවිල්ලා වගේ... හැබැයි මේ හොරු මැරෙන්න කලින් නොවිදිනන දුක් විඳලා, හැම ලෙඩේම හැදිලා... තමයි මැරෙන්නේ. ඒක ෂුවර්....
කිව්වත් අර චීනෙන් ලැබුණු විශාල ආධාර මුදලට මොකද වුණේ? ඒක බහිරවයා ගිල්ලද? අපිට හොදට මතකයි... එහෙම ලොකු සල්ලියක් ලැබුණයි කියලා ඔබතුමාට... ඒවට මොකද වුණේ?
මේකේ මුදාගන්න යුද්ධයක් නොවේ. බෝවෙන්න ඇරලා මුදාගන්නවලු... අනික මේ සටනක් නොවේ. ජනාධිපතිතුමා එක කරගෙන යනවා ලස්සනට... එතුමාට ලැබෙන ආධාර, ලකුණු හොරකම් කරන්න යන්න එපා... මෙන්න අවස්ථාව මහබැංකු හොරු ගත්ත මුදල් නැවත අයකරගෙන සෞඛ්‍ය අංශ ශක්තිමත් කරන්න...
සුනාමි, කොරෝනා හත්මුතු පරම්පරාවම ගොඩ නේ...?
මෙයා කියයි මේ වියදම් කිරිල්ලට සල්ලි කොහෙන්ද? රටවල් මෙහෙම වහලා දාලා ආර්ථිකය නැවතුනාම. ඔය ලොක්ඩ්වවුන් ලොක්ඩ්වුන් කියන අයද මිනිස්සුන්ට කන්න දෙන්නෙ?
මුදල් නැහැ කියන්නේ කොහොමද...? කෝ ලැබුන පිටරට සහ දේශීය මුදල්....?
මෙයා විපක්සෙ හිටිය නම් කියන්නෙ මෙහෙමයි." අද සිංහල අවුරුද්දවත් කන්න බැරි තත්වයක් උදාකරල තියෙනව මේ ආණ්ඩුව, මිනිස්සුු කන්න නැතිව මැරෙනව.., අපි තිස් අවුරුදු යුද්දෙටවත් මෙච්චර ඇඳිරිනිතිය දැම්මෙ නැහැ, ලෙඩේ හැදිල සති ගානක් ගියා ගුවන් තොට වහන්න, " ආන්න එහෙමයි මෙතුම කියන්නෙ , අපිට මතකයි සේනා දළඹුවාට මෙතුම කියපුව, ඇයි සිංහල අවුරුදු නැකත ගැන කියපුව., අපි මේ දෙපැත්තෙම අයියල ගැන හොඳට දන්නව. ඒත් වහල්කම හිතේ තියෙන ජනකොටස් ඉන්න තුරු මෙතුමල වගේ අය සදාකල් වැජඹෙනවා....
මේ රටේ මාසික වැටුප් ලබන රජයේ සේවකයන්ට කෙරෝනා ලෙඩෙන් වෙච්චි හානිය එදා වේලට කුලීී කරන මිනිහත් එක්ක බැලුවම නොමැති තරම්... රජය සේවකයන්ට බස් ගාස්තුව පවා ඉතිරිවේ. ටියුෂන් මුදල් වැය නොවෙි. එසේ වුවද ඇඟලුම් වැනි පෞද්ගලික සේවකයන් වෙනුවෙන් සහ එදාවේල යොයාගත් මිනිසුන් වෙනුවෙන් මීට වඩා රජය අවධානය යොමු කල යුතුය. ඇඟලුම් සේවකයන් ඩොලර් සොයනා අතර අනවශ්‍ය රජයේ සේවකයන් රටට බරකි .
සරල භාෂාවෙන් කියපු හිතට දැනෙන හොඳ කතාවක් අගමැතිතුමා. මෙතන තාම සමහරු පරාජයේ ශෝකාලාප කියනවා. ඒව ගණන් ගන්න එපා. අවුරුදු 34ක් තිබ්බ යුද්ධේ ඉවර කලේ ඔබේ උදාර නායකත්වයෙන් කියන එක මේ රටේ මිනිස්සුන්ට අමතක නැහැ. ඔබ එදත් ඔබට ආව පීඩනය ජනතාවට දුන්නේ නැහැ. අදත් එහෙමයි. මගේ රටටත් ඔබටත් දළදා සමිඳු පිහිටයි.
කෝ අර බැසිල් මලයගෙ යාන්ත්‍රනේ ? අපිනම් දැක්කෙ නැහැ ප්‍රමානවත් විදියට රජයෙ සේවකයින් යොදවලා අත්‍යවශ්‍ය දේවල් බෙදීමක්, එයාගෙ යාන්ත්‍රනේ හොඳයි ඡන්ද ගරන්න සල්ලි බෙදල, නොහැකියාව දැන් තමයි පේන්නෙ?
මේ ප්‍රතිචාර දක්වා තියෙන බටහිර ගැති වහලුන් සහ එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් වගේම යු.එන්.පී. ,ජේ.වී.පී. වැනි දේශ ද්‍රෝහී පින්ගුත්තරයින් බව කිව යුතුය. එදා කොටි ත්‍රස්තයින්ට විරුද්ධව සටන් කරන විටත් කටයුතු කලේ මෙසේය. රාජපක්ෂවරුන් මේ රට වෙනුවෙන් කල කාර්ය රටට ආදරය කරන ජනතාව හොඳින් දන්නවා. ලෝකයේ අනෙක් රටවල් සමග බැලීමේදී ඉදිරියෙන් කටයුතු කරමින් සිටිනවා. මේ කාලයේදී රනිල්ලාගේ පාලනයක් තිබුනානම් සියලුම දේවල් විනාශ කරලා ඉවරයි. ඒ නිසා අගමැති තුමෙනි රටට ආදරය කරන ජනතාව ඔබතුමන්ලා සමගයි. ජනාධිපතිතුමාටත් අපේ ආශීර්වාදය. ඒ වගේම සෞඛ්‍ය සේවයේ සියලු දෙනාටමත් ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ජනාධිපතිතුමා සමග එක්ව ක්‍රියා කරන සියලුම දෙනාටත් අපේ ආශීර්වාදය.
ඔබතුමා දේශපාලනය කරනවා නියමෙට. හැබැයි රට පාලනය කරන්න මල්ලිට දුන්නානම් තමයි හොඳ.
කොමෙන්ට්ස් දැක්කම රනිල් හිටියනම් හොඳයි කියලා හිතෙනවා. එහෙනම් මේකේ කොමෙන්ට්ස් දාන්න කවුරුත් ඉතුවෙන්නේ නැහැ.
මෝඩ චූන් දෙන්න එපා
ශවේන්ද්‍ර සිල්වා ඊළඟ ජනාධිපති කරමු
රජයේ සේවකයන් කොහොමත් නිකන් ඉඳල පඩි ගන්න අයනේ , ඉතින් දැනුයි කලිනුයි වැඩි වෙනසක් නැහැ
දැන් මෙහෙම හිතමුකෝ. පක්ෂ පාට පැත්තකට දාමුකෝ. ඒත් අපි මේ වෙලාවේ රට සහ ජනතාව ගැන හිතන්න එපැය. දැන් මෙතුමා කියන විදිහට අත්හරින්න බෑ තමයි. අත්හරින්න නෙමෙනේ ගත්තේ.
ඊයෙ ප්‍රකාශ කළේ මේ වසංගතය නිසා අසරණව භීතියෙන් සිටින ජනතාව දිරි ගැන්වීමේ කතාවක්, ඒ සමඟ වසංගතයට එරෙහිව රජය ගෙන යන වැඩ පිළිවෙල ජනතාවට පැහැදිලි කිරීමක්. අඩුපාඩු ඇති. ජනතාවගෙන්වත් වෙනත් පාර්ශ්වයන්ගෙන්වත් මූල්‍යාධාර ඉල්ලුවෙ නැහැ. කොරෝනා වෛරසය මැඩලුවත් මේ වෛරය නම් කවදා මැඩලන්න ද?
ක්ෂේනිකව ක්‍රියාමාර්ග නොගෙන උද්දච්ච ලෙස කටයුතු කරපු නිසා තමයි මේ කොහෙවත් තිවුන ලෙඩක් රටට ආවේ. දැනුත් උද්දච්ච කමේ අඩුවක් නෑ. දැන්වත් මේකේ බැරෑරුම්කම තේරුම් අරන් වැඩ කරන්න දේශපාලන කතා කියව කියව ඉන්නේ නැතුව මහත්තයෝ.
අතුරු සම්මත ගිණුම සම්මත කළේ නැති පාර්ලිමේන්තුව මොකට රැස්කරන්න ද? ණය සීමාව ඉහළ දමන්න හදපු නිසා නේද විපක්ෂය ඒකට කැමැත්ත දුන්නේ නැත්තේ? මොකද එහෙම කළා නම් වදින්නේ රටටමයි. අනික මෙතුමා මේ කතාවේ එක තැනක කියනවා අයවැයක් නැතිව තමයි රජය ජනතාවට සහන දෙන්නේ කියලා. ඔව් ඉතින්, අයවැයක් ඉදිරිපත් කළාය? පාර්ලිමේන්තුව රැස්කිරීම අවශ්‍ය නැතිය - කොටින්ම පාර්ලිමේන්තුවක් වුවමනා නැතිය කියන අය මේ වෙලාවේ ගොඩක් ඉන්න බව පේනවා. අපි මතක තියාගන්න ඕන කාරණය තමයි වැරැද්ද තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෙවෙයි රටේ ජනතාවගේ කියන එක. 225 වැඩක් නැහැ හරියි කියමු, ඒත් ඔය 225 ගෙනාවේ කවුද? අපිමනේ.
ඔන්න දැන් මෙයා එළියට ඇවිත් කතා පවත්වන්න පටන් අරගෙන. සෞඛ්‍ය සේවකයනුයි, හමුදාවේ අයයි දිවි පරදුවට තියලා කොරෝනා වලින් අපිව බේරගන්න කරන සටන මෙයාලගේ කරගන්න හදන්නේ දැන්. තව ටිකකින් කියයි කොරෝනා නැතිකලේ මමයි මල්ලියි කියලා. මිනිස්සුන්ට ඉවසන්නලු. මෙයාලටනම් මොකද හැමදේම අතට පයට ලැබෙනවා. අපි වගේ පෝලිම් වල ඉන්න ඕනෙද? උකස් කඩගානේ යන්න ඕනෙද? කන්න බොන්න නැතුව හූල්ල හූල්ල ඉන්න ඕනද?
මම දැන් කතා කරන්න හදන්නේ කිසිම පක්ෂග‍්‍රාහිකමක් නැතුව. අපේ ජනාධිපතිතුමා ඇතුළු රජය ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්නේ නැතුව රට ඇරලා තුබුනනම් අපේ රටට විනාසයක් වෙලා. එහෙම උනානම් අදවෙනකොට 200-300 මැරිලා චොවිඩ් -19 හැදිලා, ලෙඩ්ඩු 6000-7000 වෙලා රෝහල් වල ඉඩකඩ පහසුකම් නැතුව දුක්විදල මැරෙනවා. Doctors ල Nurse ල 15-20 මැරිල් මේ වෙනකොට. මම දැන් ජීවත්වෙන්නේ විදේශ රටක පණබයේ ගැහි ගැහි. එහෙම වෙලා තියෙන්නේ මොකවත් නිසා නොවෙයි.... මේ රටේ පාලකයෝ තවමත් නිසි වැඩපිළිවලක් හදල නැති නිසා මේ වසංගතයට මුහුණ දෙන්න. මම සියලු ශ්‍රී ලංකික ජනතාවගෙන් ඉල්ලන්නේ එක දේයි, ජනාදිපතිතුමාට බොරුවට බනින්න එපා. මුලින්ම අපි හැදෙන්න බලමු, ඊටපස්සේ අපි අපේ සමාජය හදන්න බලමු, ඊටත් පස්සේ අපි අපේ රට ගොඩගන්න බලමු, අන්තිමටම ඕනිනම් අලුත් රජයක් හදන්න බලන්න, එත් එකට චන්දයක් එනකල් ඉවසන්න. කරුණාකරලා මම හැමෝගෙන්ම ඉල්ලන්නේ, චොවිඩ්- 19 වලට දේශපාලනය සම්බන්ධ කරගන්න එපා.
මම එක ඉල්ල්ලිමක් කරන්න තියනවා රජයට, පෞත්ගලික අංශයේ රැකියා කරලා ගෙවල් වලට වෙලා වැඩ නැතුව ඉන්න අයටත් පැදියක් ලැබෙන්න ඕනේ. ඔබතුමාලා පෞද්ගලික අංශයේ ආයතන වලට තරයේ දැනුම් දෙන්න ඕනේ එයාලගේ අප්‍රේල් (April ) පඩිය අනිවාර්යෙන්ම ගෙවන්න කියල.
ලෝක බැංකුවෙන් ආපු සල්ලි තාම මගද.?
බත් බැලයන්ට හොඳ ටෝක්. ඇයි මේ අපි මොනවා හරි අදහසක් දැම්මම ඒක ඇතුලත් නොකරන්නේ බයද? මේ උසාවිය මගින්ම චෝදනා එල්ල වුණා. මතකනේ සුනාමිය. ඒත් අපි නිවැරදියි. පිරිසිදු මිනිස්සු රට රැකගන්න ඕනේ. ඒත් වංචාකාරයොන්ට අහුවෙන්න එපා....
ලන්කාදීප පාඨක අදහස් තීරුව වහල් ජේවීපී, යූ.එන්.පී., ඩොලර්වලට කහින කුක්කො රටට හෙන ගැහුවත් පාට කන්නඩියෙන් බලන අමනයන් බදු අරගෙන ඉතාලියේ ඉන්න අපි දන්නවා මේ රට ඔය ප්‍රශ්නෙට මුහුන දුන්න විදියත් අපේරට මුහුන දෙන විදියත් වැඩේ හරියට කරන්න නොදී රෝග වාහකයන් හන්ගන්නෙත් මුන්ද දන්නෙ නැහැ. ආණ්ඩුවට කෙලවන්න. මම ගෝඨාභය මහත්තය දිනවන්න වැඩකරපු 69 ලක්ශෙ එකෙක්... කාටහරි අවුලක් තියනවද?
බණ්ඩා යකෝ, ඒ රටේ තත්වෙට වැඩ මෙහෙ හොඳ නම් මොකටද එහෙ ඉඳගෙන කට්ට කන්නේ... ඇවිත් චන්දෙ දුන්න කෙනා රැකගන්නකෝ... ඉතාලියට ණයට කහින් නැතුව... කටේ සවුදම තිබ්බට -ක කහගන්න නියපොත්ත නෑ...
තමුන්නාසේල තමයි රට කෑවෙ... දැන් ඉතින් පන දෙන්න බැහැ . මිනිස්සු විදින දුක දන්නේ ඔවුන් විතරයි . දැන්වත් බොරු පුරාජේරු නවත්වල මිනිස්සු බෙර ගන්න. ඔබලාට ඕනේ වුණේ කොහොම හරි චන්දෙ තියන්න. රටට හොද කලක් යනවා කිව්වා නේද හාමුදුරුවනේ...?