
(ජේ.ඒ.එල්. ජයසිංහ)
‘මේ රටට එරෙහි ගිවිසුම් සේරම අත්සන් කරලයි ඒවා ගැන කැබිනට් මණ්ඩලයට කිව්වේ. ජනතාව සිහිවිකල්ව ගෑස් පෝලිම්වල ඉන්ධන පෝලිම්වල බෙහෙත් පෝලිම්වල ඉන්න අවස්ථාවේ මේ සේරම ගිවිසුම් අත්සන් කළේ.‘
අද රට තුළ ඉතා භයානක තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ තත්ත්වය නරක අතට හැරෙන්න ඉඩ දිය නොහැකියි. ඒ නිසා බැරිම තැන තමයි අපි මේ ගැන රටට කියන්න පටන් ගත්තේ එහෙම කරද්දී අප ආණ්ඩුවෙන් එළියට දැම්මා යැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානාහිමියන් හමුවී ප්‍රකාශ කළේය.
දේශපාලන පක්ෂ 11 එකතුවෙන් එළි දැක් වූ රට හරිමඟට වැඩ සටහන සම්බන්ධව මහා නායක හිමිවරුන් දැනුවත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරවංශ, උදය ගම්මන්පිල,වාසු දේව නානායක්කාර ඇතුළු පිරිසක් මහනුවර ගිය අවස්ථාවේ මේ බව පැවැසීය.
ඇමෙරිකාවට සහ ඉන්දියාවට ලංකාවේ යම් යම් කොටස් හා අංශ ගිවිසුම් මගින් රට රටවලට දෙන එක ගැන රටේ ජනතාව අතර නිරන්තර කතිකාවතක් ගොඩ නැඟී තිබෙනව්. මේ සම්බන්ධයෙන් කිසිදු විනිවිද භාවයක් නැති බව ජනතාව කතාකරනවා. යුක්රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන තත්වය මෙ රටට ගෙන එන්න සූදානමක් තිබෙනවා දැයි මල්වතු නා හිමියෝ දේශපාල නියෝජිතයන් හමුවේ කියා සිටියහ.


2025 නොවැම්බර් මස 04
539
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1691
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ජනතාව පෝලීම්වල සිටියදී ආණ්ඩුව ගිවිසුම් ගහනවා‘