(අජිත්ලාල් ශානන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
අද රට පාලනය කරන්නේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගත් කණ්ඩායමක්. ඒ ප්‍රශ්නවලට දවසෙන්, සතියෙන්, මාසයෙන්, අවුරුද්දෙන් විසඳුම් දෙන්න බෑ. ක්‍රමානුකූලව ඒවාට විසඳුම් ලබාදීමට රජයට සහය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොළොන්නේ දී පැවසීය.
කෝවිඞ් වසංගතය මේ රටට එන්නට පෙර වැඩකරන රටක් විදියට මේ රට තිබුණේ. මාර්ග, විදුලිය, ජලය වැනි මූලික අවශ්‍යතා නැතුව ගම දියුණු කරන්න බෑ. ඒ පහසුකම් සෑම ගමකටම එකවර දෙන්නත් බෑ. නමුත් අපි ක්‍රමක්‍රමයෙන් සෑම ගමකට ම ඒ පහසුකම් ලබාදෙමින් යනවා. ඒ වගේම විහාරස්ථාන ඇතුලූ ආගමික පරිසරයට තරුණ ප්‍රජාව යොමුකිරීම තුලින් තමයි යහපත් සමාජයක් ගොඩ නැගිය හැක්කේ. දහම් පාසල එහිදී විශාල වැඩකොටසක් සිදු කරනවා. යැයි ද කීවේය.
අගමැතිවරයා කතාව අවසන් කිරීමට පෙර පැමිණසිටි වැඩිහිටියෙක් කොළොන්න කපුකන්දපාර හදා දෙනවා කිව්වාට එහි වැඩ නොකෙරෙන බව උස් හඬින් කීවේය. වැඩ ආරම්භ නොකර ඇත්තේ ඇයිදැයි අගමැතිවරයා කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් විමසීය.
ඔහු පැවසුවේ මුදලූත් වෙන්කර අවසන් නමුත් කොන්ත්‍රාත්කරුගේ ප්‍රමාදය වැඩ නැවතිමට හේතුව බවයි. ඒ ගැන වහාම සොයාබලා වැඩ අවසන් කරන ලෙස අගමැතිවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කොළොන්න නවනැලිය ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාස්ථානයේ ඉදිකෙරුණු චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව පැවසුවේය.
විහාරාධිපති කුඹුරුගමුවේ රතනනසිරි හිමියන්ගේ ගෞරවනාම අක්තපත්‍ර පිරිනැමීම ද අගමැතිවරයා විසින් සිදුකරනු ලැබීය.
ඕමල්පේ සෝභිත හිමි ප්‍රධාන මහතා සංඝරත්නය ද, රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා ඇතුලූ දේශපාලනඥයන් ද සමග පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 70ටම කලේ 2යි. ජනවාර්ගික යුද්ධය පටන් ගත්තා. ඒක යුදමය වශයෙන් ඉවර කළා. දෙගොල්ලන් එකතු වෙලා රට විදෙස් වලට උකස් කළා. වෙන මොනවද කළේ..?.
ඔබතුමයි, පවුලයි, සේවකයෝයි ආරක්ෂක භටයොයි වෙනුවෙන් කීයක් නම් අපි වියදම් කරනවාද? පිස්සු කියවන්නේ නැතුව ඒ වියදමවත් කපා හැරලා ආර්ථික ප්‍රශ්න විසඳීමට කටයුතු කරන්න...
නිසි දැනුමක් නොමැති පුද්ගලයින් මෙම රට පාලනය කරන තාක් මොන දේශපාලන පිල බලයට පැමිණියත් මේකේ ඇතිවෙන දිවුණුවක් නෑ..
දවසින් දෙකෙන් තියා දශක කීපයක් පාලනය කරලත් බැරි වුණා නේද?
දශක කීපයක්ම ඔබලනේ පාලනය ගෙනිච්චේ.. සිරිමා මැතිණියගේ කාලෙ පෝලිම්වලවත් මෙහෙම මිනිස්සු මැරිලා වැටුණේ නැහැ. ඔබලාට වැදෙන්න ඕනෙ බක්මහ අකුණු. 8වත් පාස් නැති මෝඩ හැත්තක්නේ පාලනය කරන්නේ. ඇද ඇද ඉන්නේ නැතිව දැන්වත් යන්න..
තමුන්නැහේ අවුරුදු 11ක් ජනාදිපතිවෙලා හිටියා. දැන් සහ මීට කලින් තිබ්බ ආන්ඩු වල අගමැතිවෙලා තව අවුරුදු ගානක් හිටියා. ඒත් බෑ නම් බෑම තමයි.
එහෙනම් ආයිත් දැන් ෂැපද..... කියලා අහන්න එපා...
ජනතාවට විනකරන කාලකණ්ණි හැත්තක්...!
ඒ වුණාට ඔබේ දරුවන්ට ජල ක්‍රීඩා පිටරට, සවාරි කාර් රේස්... ?
මේවා දවසින් දෙකෙන් ආපු ප්‍රශ්න නොවෙයි.., 1977 සිට ආපුවා.