
(යොහාන් භාසුර)
මෙරටට පසුගිය ජුනි මාස විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 635.7ක ලැබී ඇති බවත් මෙම වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලයේ විදේශ ප්‍රේෂණ ලෙස ඩොලර් බිලියන 3.7 ක් ලැබී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.
මෙම ඩොලර් මිලියන 635.7 පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්‍ෂව සියයට 22 ක වර්ධනයක් බවත් මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ලැබුණු ඩොලර් බිලියන 3.7ක් පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 18.9 ක වර්ධනයක් බවත් මහ බැංකුව සඳහන් කළේය.
පසුගිය වසරේ (2024) සමස්ත විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා රජය මෙය නවත්වන්න යන්නේ කවදාද, සියලුම බැංකු අපගේ මුදල් කොල්ලකෑම ගනුදෙනු සමඟ එන ?