
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීමේ චෝදනාවට වරදකාරිය කරමින් කොළඹ මහාධිකරණයෙන් වසර 3 ක් සිරදඩුවම් ලැබ සිටි රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය එම චෝදනා වලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව රෝස්මරී ෆිලීෂියා පෙරේරා නොහොත් ජිනා මැඩම් නැමැත්තිය ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම විභාගකොට අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී
මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
ගණිකාවක් වශයෙන් කටයුතු කරන තැනැත්තියකට එරෙහිව කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවීමේ චෝදනා ඉදිරිපත් කර නොහැකි බවද මෙම අභියාචන පෙත්සම විභාග කළ විනිසුරු මඩුල්ලේ බහුතරය වන විනිසුරු බුවනෙක අළුවිහාරේ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන නිකුත් කළ තීන්දු වල සදහන් වේ. විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් වෙනම නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
කොළඹ මහාධිකරණය මගින් 20102 වසරේ නොවැම්බර් 09 වැනිදා විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය ගණිකා වෘත්තීය සදහා කාන්තාවන් සැපයීමේ වරදට වරදකරු කරමින් වසර තුනක ලිහිල් සිර දඩුවමක් ලබා දෙන ලදී.එම දඩුවමට අමතරව රුපියල් 25,000ක දඩයක් නියම කෙරිණි.
මෙම තීන්දුවෙන් අගතියට පත් විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළාය. මහාධිකරණ තීන්දුව තහවුරු කරමින් එම ඇපෑල ද නිෂ්ප්‍රභ කෙරිණි. ඉන් අනතුරුව විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය එකී අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම විශේෂ අභියාචනය ඉදිරිපත් කෙරිණි.
එම පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.
විත්තිකාර අභියාචක පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි මොකද හොඳ ගනුදෙනු කරුවෙකු ළඟදී පරලෝකයට ගියානේ..
කැකිල්ලේ තීන්දු දෙන කාලේ ඔවත් වැඩද?
ලිවීමට බොහෝ දේ තිබේ .නඩු තීන්දුවක් හින්ද මුකුත් කියන්න බැ.
ජිනා මැඩම්ට ජයවේවා... !!!
ප්‍රියානි සොයිසා මැඩම්ට විරුද්ධව නඩු කියලත් දිනුවානේ.
සියලු දෙනාටම මාගේ ගෞරවය .... හොද තීරණයක්....
ජයවෙවා සර්... රෙස්පෙක්ට් සර් ....
බලන්න තිබ්බ මේ නඩු තීන්දුව යහපාලන කාලෙ එහෙම ලැබුන නම් සංස්කෘතිය සදාචාරය විනාශ වෙනව කියල පංචායුදවංශ තුමා ගිරිය යටින් කෑගන හැටි එහෙම . එකෙන්ම රෙස්පෙක්ට් සෑර්..උඩින්ම පාස් .
හප්පා.., මගේ හිතේ තිබුණු ලොකු බරක්...!!!
පිරිමි අයට දඬුවම් ලැබෙන දවසට තමයි ඔය ව්‍යාපාරය නවතින්නේ. ඒක කරන්නේ නෑ කවදාවත්...
69 ලක්ෂෙට කොච්චර සේවයක්ද? ඒ තීන්දුව.
කෝ අපේ අර ස්වාමීන් වහන්සේලා සෙට්එක? රට, ජාතිය, ආගම ඛෙරගන්න එන සෙට් එක... දැන් තේරෙනවනේ මෙ අය කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නේ කියලා..
එළකිරි!!! අපි ජිනා’ මැඩම්ව වරාය නගරයේ අනාගත නගරාධිපති බවට පත් කරමු!!!
මැඩම් කියන්න ඈති, මාව හිරේ දෑම්මොත් ඔක්කොමලගේ රෙදි ගලවනවා කියලා.. ඒක නිසා මැඩම් නිදහස්...අපි ඉස්කොලෙ යන කාලේ ඉදන් ජීනා කරපු බිස්නස් එක. මෙයගේ කෙරුවාව මුලු රටම දන්නවා. පාලකයො, තීන්දු දෙන උදවියත් එනවා.. මේවා විහිලු හලෝ..