IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජෝන් කීල්ස් පදනම වන සංරක්ෂණ මෙහෙවරක

ජෝන් කීල්ස් පදනම පියවර කිහිපයක් යටතේ රත්නපුර, කලවාන සුදුවැලිපොත ප්‍රදේශයේ සිංහරාජ රක්ෂිත වනාන්තරයට යාබදව සිදුකරන වන වගා ව්‍යාපෘතියක් වන ‘Cinnamon Rainforest Restoration Project’ හි පළමු අදියර පසුගියදා සාර්ථක ලෙස අවසන් කෙරිණි.

ලෝක පරිසර දිනය නිමිත්තෙන්, ‘Cinnamon Nature Trails’  හි ජ්‍යෙෂ්ඨ ජීව විද්‍යාඥ විමුක්ති වීරතුංග සහ ‘රුක් රැකගන්නෝ’ සංවිධානයේ සභාපති දුෂී පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් පිරිසකගේ ස්වේච්ඡා දායකත්වයෙන් මෙය සිදුකරන ලදී.

2021 වසරේදී ආරම්භ කර, මෙම වසර මුලදී  ‘Cinnamon Rainforest Restoration Project’ ලෙස නැවත දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම, ‘රුක් රැකගන්නෝ’ සංවිධානය සහ ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව, ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීත්වය සහිතව ක්‍රියාවට නංවන ක්‍රමෝපායික ව්‍යාපෘතියකි. මේ යටතේ කලවාන ප්‍රදේශයේ පිහිටි සුදුවැලිපොත වනාන්තරයේ හානියට පත් වූ අක්කර 59 ක්, එම වනාන්තරයට ආවේණික තුරුලතා භාවිතයෙන් ප්‍රතිසංස්කරණය කෙරේ.  

“Cinnamon Rainforest Restoration Project වැඩසටහනේ ප්‍රථම අදියර පෙන්නුම් කළ සාර්ථකත්වය පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ප්‍රවීණයන්ගේ මගපෙන්වීම සහිතව, ස්වේච්ඡාවෙන් දායක වන පිරිසක් විසින් ක්‍රියාවට නංවනු ලබන මෙවැනි වැඩසටහන්, වනාන්තර ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඉගෙන ගැනීමටත්, ඒ පිළිබඳව වැඩි පිරිසක් දැනුවත් කිරීමටත් ලැබෙන අගනා අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම වැඩසටහන 2022 ලෝක පරිසර දිනයේ තේමාව වන, ස්වභාවධර්මයට අනුකූලව තිරසාරව ජීවත්වීමේ සහ පරිසරය සුරැකීම සඳහා සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ‘එකම පෘථිවියක්’ යන්නෙහි අරුත කැටිකරගත් වැඩසටහනක්ද වනවා. විශේෂයෙන්ම වර්තමානයේ පවතින තත්ත්වය යටතේ, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ බොහෝ පිරිසක් මෙම වැඩසටහනට ස්වේච්ඡාවෙන් දායක වීම අප අතිශයින් දිරිගන්වනසුළුයි. ඉදිරියේදීත් පරිසරය සුරැකීම සඳහා තවත් මෙවැනි වැඩසටහන් රාශියක් සංවිධානය කිරීමට අප බලාපොරොත්තු වනවා.” ජෝන් කීල්ස් හෝල්ඩින්ස් හි ආයතනික සමාජ වගකීම් ප්‍රධානී කාමලීන් ජයසූරිය මහත්මිය පැවසුවාය.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ජෝන් කීල්ස් පදනම වන සංරක්ෂණ මෙහෙවරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site