
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවීය ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා ඇත.
ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ දරුණුම ආර්ථිකයට මුහුණ දී ඇති බවත් එම තත්ත්වය මධ්‍යයේ, සහාය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් බහුපාර්ශවීය ණය දෙන්නන් සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව සූදානම් යැයි අමාත්‍යවරයා උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.
“ශ්‍රී ලංකාවේ අතීතයේ දී අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන තිබෙනවා. අපි තවමත් එම විකල්පයට විවෘත යි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශවීය ණය දෙන්නන් සමඟත් සාකච්ඡා කිරීමට විවෘත යි. අපි ඔවුන් සමඟ සාකච්ඡා කරනවා” යැයි කැබිනට් ප්‍රකාශක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා ඇත.
055 (රොයිටර්ස්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියන්න කබ්රාල්ලාට... කොහොම නමුත් මෙහෙම ගියොත් රටේ ඉන්ධන නොමැති වේවි.. එහෙම වුණොත් හොරපාරෙන් හෝ පෙට්‍රල් ගහගෙන ඔබලාට ප්‍රාඩෝ වලින් යන්න බැරි වේවි... ඒකට හේතුව එවැනි තත්වයකදී කෝප වෙන ජනතාව ප්‍රාඩෝ වලට ගල් ගහන නිසා...