
(අංජුල මහික වීරරත්න)
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත සම්මත කර මේ වන විට වසර 25 ක පමණ කාලයක් ගත වී තිබේ. මෙම කාලසීමාව තුළ සිදුව ඇති සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික පරිවර්තනයන් හේතුවෙන් ළමයින්ට එරෙහිව සිදු වන අපයෝජන හා හිංසනයන් සංකීර්ණ ස්වභාවයකට පත්ව ඇත. එබැවින්, ළමයින්ට එරෙහි සියලු ආකාරයේ අපයෝජන වැළැක්වීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට දැනට පවතින නීතිරීති කාලීන අවශ්‍යතාවන්ට ගැපපෙන අයුරින්
සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ කර්තව්‍යයන් වඩාත් පුළුල්ව, අර්ථවත්ව සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් බලමු ළමයින්ට ආරක්ෂාවක් ලැබෙයිද කියලා...
නොතේරුම් කමට අහන්නෙ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනට අනුව ළමා කටයුතු පළාත්සභා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවෙන්ම පැවරිලා තියෙන්නෙ පලාත් සභාවලට තමයි එහෙම තියෙද්දි මේ අධිකාරියත් ජාතික මට්ටමේ පරිවාස දෙපාර්තමේන්තුවත් පළාත් පරිවාස දෙපාර්තමේන්තුවත් අතර කිසිම සම්බන්ධීකරණයක් නැහැ