
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ අනුෂ්ක ගුණසිංහ මහතා අද එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
පෞද්ගලික හේතූන් මත ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව අනුෂ්ක ගුණසිංහ මහතා එසැණ සමග පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත් කල ගුණසිංහ මහතා වසර 1 1/2 කට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කළේය.
සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දැක්වූ අනුෂ්ක ගුණසිංහ මහතා කියා සිටියේය
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව යමින් දේශීය ව්‍යවසායකයින් පිරිසක් බිහිකිරීමේ අරමුණින් එම භාරධූර වගකීම තමාට පැවරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ට සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ගෞරවනීය ස්තූතිය පුද කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා පව්වලට කර ගහන්න ඉන්නේ නැතුව දැන්ම අයින් වෙලා යන එක අගය කරනවා.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව යමින් ඔය18 මාසයක කාලය තුළ දේශීය ව්‍යවසායකයින් කී දෙනෙක් විතර බිහිකළාද කියන්න පුළුවන්ද මහත්තයෝ? අපට නම් පෙනෙන්නේ දේශීය කෙසේවෙතත් මහා පරිමාණයෙන් චීන ව්‍යවසායකයින් බිහිවෙන කාලය වැඩි දුරක නොවේ කියලයි. දැනටමත් චීන ජාතිකයින් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන වරාය නගරයේ සහ චීන ලංකා සම්බන්ධතාවයන්ගේ විශ්මිත බව පෙන්වා දෙන ගීත සහ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කොට බෙදා හැරීමට පටන් අරගෙන කියා දන්නවාද? "චීන සිංහල හඬ" නමින් සජීවී ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන් බෙජින් නුවර සිට විකාශනය කෙරෙනවා කියා දන්නවාද? මේ සේරම චීන රජය මඟින් ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකාව ගැන ඔවුන් තුළ ඇති අසීමිත ආදරය නිසා මිස වෙනත් යටි අරමුණකින් වෙන්නට බැහැ නේද මහත්තයෝ? ඒ අස්සේ චීනයේ ඇමති කෙනෙකුට අපේ රටට සම්ප්‍රාප්ත වෙන විදේශ රටක රාජ්‍ය නායකයෙකුට දක්වන අන්දමේ නැටුම් ගැයුම් ඇතුළත් ගරු ගාම්භීර පිළිගැනීමක් සංවිධානය කලේ අපි දැනටමත් චීනයේ අණසකට යටත්ව ඉන්න නිසා වෙන්නට බැරි නැද්ද?
කඩේයාමට වඩා ඉවත්වීම අගය කරනවා.
හැමදාම ලෙඩ... කවුරු ආවත් ගොඩගන්න බෑ.