(සුජිත් හේවාජුලිගේ)

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ්  රෝගීන් සංඛ්‍යාව  75ක් දක්වා ඉහළ ගොස් ඇතැයි   වාර්තා වෙයි.

එම සියලුදෙනාම  කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් අය බව ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා පැවසීය.

කොළඹ ජාතික රෝහලේ දැනට ප්‍රතිකාර ලබන කොවිඩ්  රෝගීන්  මුළු සංඛ්‍යාව 325ක මෙම රෝගීන් අතුරින්  සමහර රෝගීන් ලබාගෙන ඇත්තේ එක එන්නත් මාත්‍රාවක් පමණක් බවත් එන්නත් ලබා නොගත් අයට රෝගයෙන් බරපතළ සංකූලතා මතු කළ හැකි බවත්  හෙතෙම සඳහන් කළේ‍ය.