IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ජාතික රෝහලේ එච්.ඩී.යූ ‘කොවිඩ්’රෝගීන්ගෙන් පිරිලා

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ අධි සත්කාර ඒකක (එච්.ඩී.යූ.) දෙකේම ඇඳන් සියල්ලම අද වන විට ‘කොවිඩ්’ රෝගීන්ගෙන් පිරීගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා පැවසීය.

එම අධි සත්කාර ඒකක දෙකේ මීට සතියකට පමණ පෙර ඉතාමත් සුළු රෝගීන් සංඛ්‍යාවක් සිටි බව කී විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා රටපුරා රෝගීන් ජාතික රෝහලට ඇතුළත් වන නිසා මෙය රැල්ලක් බවට පත්ව ඇති බව ද සඳහන් කළේය.

‘කොවිඩ්’ ආසාදිතයන් සමාජය තුළ වැඩිවෙත්ම ඉන් පිරිසක් දැඩි සත්කාර ඒකකවලට (අයි.සී.යූ.) යොමු වන බවත් ආසාදිතයන් වැඩිවීමත් සමඟ අයි.සී.යූ. සහ එච්.ඩී.යූ. ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිශතය ද ඉහළ යන බවත් විශේෂඥා වෛද්‍යවරයා කීය.

‘කොවිඩ්’ ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වේගයෙන් වැඩිවෙමින් තියෙන බව කී විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා එය පාලනය කිරීමට එකම මාර්ගය එන්නත්කරණය බව ද වැඩි දුරටත් පැවසීය.  

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා අද (21) පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසුවේ. 



අදහස් (1)

ජාතික රෝහලේ එච්.ඩී.යූ ‘කොවිඩ්’රෝගීන්ගෙන් පිරිලා

කුමාර Saturday, 22 January 2022 09:22 PM

කෑ ගහමින් තව කිකට් ගහමු. ඊයෙ දැක්කානේ. කිසිම බාධාවක් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 276 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site