(ඩයනා උදයංගනී)

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේදී අනිසි ලෙස බලපෑම් සිදුවී ඇත්දැයි සොයාබලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතාට උපදෙස් දී ඇත.

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අයදුම්කරුවන්ගෙන් අනීතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බලා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.