(රංජන් කස්තුරි)
ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු සියල්ල ඉක්මණින් සම්පූර්ණ කරන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ඒ අනුව පළමු පාසල් වාරය තුළ එම පුරප්පාඩුවලින් 50%ක්ද, අනෙක් කොටස ඉදිරි මාස 5ක කාලයක් තුළද සම්පූර්ණ කරන බවද ඇමැතිවරයා කීය.
දිවයින පුරා ජාතික පාසල් 278ක වසර 9ක් තිස්සේ විදුහල්පති පුරප්පාඩු පවතින අතර ඒවායේ සේවය කරනුයේ වැඩබලන විදුහල්පතිවරුන්ය.
ජාතික පාසල්වල විදුහල්පති තනතුරුවලට පත්කරනු ලබන්නේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු, දෙවන සහ තෙවන ශ්‍රේණියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු පන්තියේ නිලධාරීන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඕකේ අණබෙර ගගහ කියවන්න දෙයක් නැහැ. විෂය භාර ඇමති අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්නේ. කරලම පෙන්නන්න.