IMG-LOGO

ජාතික දන්ත රෝහලේ ‘එක්ස්රේ කාඩ්’ නෑ

(යොහාන් භාසුර)

කොළඹ ජාතික දන්ත රෝහලේ මාස කීපයක සිට කුඩා ප්‍රමාණයේ ‘එක්ස්රේ කාඩ්’ නොමැති වීමෙන් ‘එක්ස්රේ’ පරීක්‍ෂණ වාර්තා ලබාගත යුතු රෝගීහූ දැඩි අපහසුතාවට පත්ව සිටිති.

එම රෝහලේ වෛද්‍යවරු ‘එක්ස්රේ’ පරීක්‍ෂණ සඳහා නිර්දේශ කළ ද ඒවා ලබාගැනීමට නොහැකි බවත් ‘එක්ස්රේ කාඩ්’ ලැබී ඇද්දැයි දුකථනයෙන්  විමසා පැමිණෙන ලෙස රෝගීන්ට උපදෙස් දෙන බවත් රෝගීහූ කියති.

ජාතික දන්ත රෝහලේ අධ්‍යක්‍ෂ අජිත් දන්තනාරයන මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ සෞඛ්‍ය සැපයුම් අංශයේ කුඩා ප්‍රමාණයේ ‘එක්ස්රේ කාඩ්’ අවසන් වී මේ වන විට මාස කීපයක් ගතවී ඇති බවත් ඒ නිසා පිටතින් මිලදී ගැනීමට මිල ගණනන් කැඳවුව ද ඔවුන් සතුව ද තොග නොමැති වීම ගැටලුවක් බවට පත්ව ඇති බවත්ය.

එම රෝහල අවට රෝහල් කීපයකින් නැවත ලබාදීමේ එකඟතාව මත ‘එක්ස්රේ කාඩ්’ ලබාගත් ද එම රෝහල් ද මේ වන විට හිඟයට මුහුණ දී තිබීම නිසා ගැටලුව උග්‍රවී ඇති බව ද අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් පැවසීය.



අදහස් (3)

ජාතික දන්ත රෝහලේ ‘එක්ස්රේ කාඩ්’ නෑ

fairoos Wednesday, 19 January 2022 12:34 PM

සෞඛ්‍ය ඇමැති නිදිද? අපි තමයි හොඳටම කරලා තියෙන්නේ..!

:       2       5

Hafeel Wednesday, 19 January 2022 01:07 PM

ඊළඟට වෛද්‍ය උපකරණ හිඟය. වත්මන් අභියෝගයට මුහුණ දෙන්න නායකත්වය දරනවා. ඉදිරි අවුරුදු තුන හොඳටම කරනවා.

:       2       5

chathura Wednesday, 19 January 2022 01:57 PM

තවම X-ray කාර්ඩ් පාවිච්චි කරනවාද? දියුණු රටවල නම් පරිගණක තිරයක පෙන්වන්නේ. බොරු වියදම් යන්නේ නැ කාර්ඩ් වලට.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site