( දිල්රුක්ෂි ග්‍රේරු)
ත්‍රිරෝද රියක් බලෙන් ආපසු ලබා ගැනීමට ගොස් ඇතිවු ආරවුලක් දුරදිග ගොස් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින්ගේ පහර දීමකට ලක්වූ කැස්බෑවේ පදිංචිව සිටි ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති වන ජයවර්ධනගේ සුනිල් පෙරේරා නම් පනස් තුන්හැවිරිදි පුද්ගලයෙකි .
සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික ෆිනෑන්ස් ආයතනයේ සේවකයින් 8 දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.
මිරිහාන පොලිස් වසමට අයත් පෞද්ගලික ෆිනෑන්ස් සමාගමක සේවකයින් ත්‍රිරෝද රියක් සම්බන්ධ තොරතුරු විමසීමට පැමිණ ඇති අතර එහිදී මෙම ආරවුල ඇති වී තිබේ.
පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපතිවරයා කලුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර සඳහා ඇතුලු කර සිටියදී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
වැඩිදුර පරීක්ෂණ මිරිහාන පොලීසිය සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්ස ඉස්සෙල්ලම බලන්න ඔය කියන ෆිනෑන්ස් සමාගමේ විස්තර. ලියාපදින්චිද? අධ්‍යක්ෂකවරු? විගණනයන්? හා ආයෝජකයින්? පිටිපස්සේ ඇති අයථා ලෙස මුදල් උපයන්නන්. එය අනිකුත් විමර්ශනයන්ටද රුකුලක් වේවි...
මම ගත්ත ෆිනෑන්ස් වාරික දෙකක් ඇරියස් නිසා මගේ වාහනෙත් බලෙන් ගෙනියන්න කිසිඳු නීතිමය පදනමකින් තොරව, නොදන්වාම විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් ප්‍රමුක කණ්ඩායමක් නේෂන් ට්‍රස්ට් බැංකුවෙන් ආවා. ගෙදරටම ඇවිල්ලා මටත් පවුලේ යටත් තර්ජනය කරලා රථය ගෙනියන්න හදනකොට මට මතකයට ආවේ මගේ ගෙදර ආරක්ෂාව වෙනුවෙන් මට උපරිමයෙන් ක්‍රියා කරන්න පුළුවන් නේද කියලයි, ආයේ ඉතින් මොනවද, "හොරු ආවෝ" කියල අපි මරහඩ තලද්දී අසල්වැසියෝත් එක්කාසු වුණා. අන්තිමට ගස් බැඳලා පොලිසියට කතාකරලා බාර දුන්නා. වැඩේ අහවරයි. ආපහු කවදාවත් බැංකුවෙනුත් අනවශ්‍ය කරදර නැහැ. පස්සේ නියමිත වාරික හිමින් ගෙවලා වාහනේ නිදහස් කරගත්තා...
විනය ගරුක රටක්. විනය ගරුක සමාජයක්.
වාහන සීස් කරන්නේ සමාන්‍යයෙන් මූල්‍ය සමාගමේ සේවකයන් නොවේ. සමාගම්වලට කොන්ත්‍රාත් පදනම මත වාහන අත්පත්කර දෙන වෘත්තීය සිසර්ලා. වාරික ගෙවා ඉවරවන තෙක් වාහනේ අයිති මූල්‍ය සමාගමට...
ඡන්ද වැඩ අාරම්භ වී මැර බලය පතුරුවයි මේවට වගකියන්න ඕනේ කව්ද?
එකම රටක්... එකම නීතියක් ඔන්න...
එකම රටක්.. එකම නීතියක්.. නියමයි මරු..
රටේ සාමය කෝ...
69 ලක්ෂයේ ප්‍රතිවිපාක අරඹන ලකුණු...
නිරපරාදේ මනුෂ්‍ය ජීවිතයක් දාමරිකයන් අතින් විනාශ වුනා. පව් .. ඒත්, බොහෝ දෙනා නොදන්නවාට, මේ වාහන පැහැරගෙන යන්නන් (සීසර්ලා) අතර බොහෝවිට ඉන්නේ නූගත් දාමරිකයන්... ඒක මේ වනවිට ඔප්පු වී තිබෙනවා. හමුදාවෙන් පැන්න අය, මාදාවින්, රස්තියාදු කාරයන්, හිරෙන් පැන්න වරෙන්තු කාරයන් ආදීන් සමග මොන කතාද? කෙසේ හෝ මොවුන් වාහනය අරං යනවා. පොලීසියේ විදිහට රඟපාන අයත් එනවා. බොහෝවිට, මේ දාමරිකයන් එන්නේ පොලීසිය දැනුවත්ව... සමහර නිලධාරීන්ට මත්පැන් හා සන්තෝසම්ද ලැබෙන නිසා ඔවුන් නිහඬවෙන අවස්ථා වැඩියි. මේ වාහනය කලින් ඇරියස් වෙලා තිබුණා නම්, කොරෝනා නිසා තවත් මාස කිහිපයක් පසුවුණා වෙන්න ඇති. මෙතන සම්පූර්ණම වරද කොම්පැනිය අතේ. මන්දයත්, සීසර්ලා එවන්නේ ඔවුන් නිසා. ඔවුන්ටත්, සීසර්ලාටත් දඬුවම් කළ යුතුයි. මෙය අවනීතිය නොයොදවා අධිකරණයෙන් විසඳා ගන්නට සමාගමට හැකියාව තිබුණා. ඉහත ඩිලාන් මහතා පැවසුවා සේ, මෙවන් අවස්ථාවක වාහන හිමියන්ට ක්‍රියාකළ හැකියි. මෙහිදී, වාහන හිමියන්ට අයුතු ඇතුල්වීම හා සාපරාධී බලහත්කාරය යටතේ නීතියට යාහැකිය. එහෙත් ,එයටද බාධා වනුයේ සමහරුන් වාහන හැංගීම, කොටස් ගැලවීමට විකිණීම(මස් කිරීම) ආදී දේ නිසාය. කොරෝනා නිසා මේ වාහනය ඇරියස් වුණා..
ඔව්... ත්‍රිවීල් කියන්නේ අභිරහස්... දාමරික, මුඩුක්කු සමාජයක්... ඉතින් ඔවැනි දේවල් පුදුම වෙන්න දෙයක් නොවෙයි. අපි කැමතියි මේ ත්‍රිවිල් සමාජය අපේ රටෙන් තුරන් කරලා දානවා නම්...
පහුගිය ටිකේ ගෙදර ඉඳලා දෙමළ චිත්‍රපට බලලා වෙන්න ඕන.. මහමග මේවගේ අපරාධ කරන්නේ...
ලංකාවේ ජෝන් ෆ්ලොයිඩ්... සුනිල් ජයවර්ධනව බිලි ගත්තේ ඇයි….? මේකද නීතියේ පාලනය…?
ලංකාවේ බැංකු තරම් මිනිස්සුන්ව හූරන් කන ආයතන ලෝකෙවත් නැතිව ඇති. ඇයි බැංකුවල ලාභාංශය සීමාකරන්න බැරි? රටේ දියුණුවට බැංකු වලින් ඇත්තේ ලොකු බාධාවක්. කොම්පැනි වැහෙනවා බැංකු අධික ලාභ ලබනවා..
පහුගිය මාස දෙකෙහිම ත්‍රිරෝද රථ දුවන්න ලැබුනේ නැති හින්දා හුඟක් ත්‍රිරෝද රථ හිමියන් මේ වෙලාවේ අසරණ වෙලා ඇති.., එහෙම මොහොතක මෙහෙම බලෙන්ම වාහන පැහැර ගන්න එවන්න නැතිව ඔවුන්ට සහනයක් දෙන්න ඕනේ..
අනික් අයට බැරිවුණත් , පොලිසිය විසින්ම මේවා ඇතිනොවීමට කටයුතු කළ යුතුය.
අරුණලු...
මෙය පැහැදිලිව ලීසිං ආයතනය විසින් සැලසුම් කරන ලද මිනීමැරුමක්. අනික මේ යටින් යන සීසර් ක්‍රමය වෙනස් වෙන්න ඕනෑ. ඒක පොලීසිය සහ අධිකරණ හරහා අතපත් කරගන්න ක්‍රමයකට යන්න ඕනෑ. අනික ලීසිං දෙන කොට 25% -30% දක්වා පමණක් වගේ ප්‍රතිශතයක් දෙනවා නම් බොහෝ දුරට හිරවෙන්න තියෙන ඉඩ අඩුයි. එහෙම කරලා වාරික 6ක් වෙනකන් ඉඩ දෙන්න ඕනෑ. දෙන්නේ 25-30 වගේ නිසා මූල්‍ය සමාගමේ තැන්පතු හිමියන්ගේ මුදල් වලටත් ගැටලුවක් වෙන්නේ නෑ. හැබැයි ඉතින් මේ ඉන්න පාලකයෝත් කයිවාරු කාරයින් විතරයි. වැඩ නෑ. කිව්වේ ලීසිං වාරික ගෙවන්න ඕන නෑ කියලා.. නමුත් ලීසිං ආයතන වලට කිසිම ලියමනක් දීලා නෑ... එහෙම එකක් කියලා. ඒකත් නිකන් සැමන් දුන්නා වගේ තමයි. සුපිරි වෙළඳසල් වගේම කඩවලටත් පාඩුව දරාගන්න කිව්වා වගේ. සිරිසේන හොඳයි මීට වඩා ඇත්තටම...
බන්දුලගේ කඩේ සැමන්, පරිප්පු වගේ...
ලීසිං සහන, සැමන්-පරිප්පු සහන.... කොහොමද මගෙ වැඩ..?
මෙවැනි ජාතික ප්‍රශ්නයක් දෙසත් දේශපාලන කෝණයකින් බලන ඔලමොට්ටලයින් සිටීම ගැන අප කණගාටු විය යුතුයි. අනික, මෙය අද ඊයේ ඇරඹුණු ගැටළුවක් නොවේ. මේ රටේ පැවතී හෝ දැනට පවතින කිසිඳු රජයකින් නොවිසඳුණු ව්‍යවසනයක්... අවනීතිය ක්‍රියාත්මක කිරීමක්. ඒ වගේම තමයි වාහන රක්ෂණයත් "THIRD PARTY " නමැති රක්ෂණයෙන් තුන්වන පාර්ශවයට සිදුවෙන සහනය කුමක්ද? නීතිගත හොරමගඩි තමයි මේ. මේ රටේ පවතින බොහෝ නීති වෙනස් විය යුතු කාලයයි මේ...
මේ ප්‍රශ්න අස්සේ ඔහේ බීලා නේද? අපි නම් ඔය ඔහේ කියන පිළිම කැඩිල්ලක් ගැන දැක්කේ නැහැනේ.. හැබැයි අපි දැක්කා ඔහේලාගේ පතෝල ආණ්ඩු ඡන්ද ගන්න තම්බින්ට දීපු මුහුදු මහා විහාරයේ අක්කර 71 ම මේ ආණ්ඩුවෙන් නිදහස් කරගෙන ආපහු පන්සලටම දුන්නා කියලා..
ඇත්තටම කණගාටුයි... ඉහත අදහස් දැක්වීම් සම්බන්ධව. මම ඉන්නෙත් මිරිහානේ මේ සිදුවීම වුණු තැනට පොඩ්ඩක් එහායින්... මේක සිවිල් ආරවුලක්. මේ වගේ සිදුවීමක් අල්ලගෙන ඒකෙන් කුහක දේශපාලන අඅරමුණු වෙනුවෙන් භාවිතා කරන්න එපා . මමත් බැංකුවේන් ණය අරන් තියෙනවා .. ඒත් බැංකුවේන් කෝල් කරලා ඒ ණය වාරික ගෙවන්න හැකියාවක් තියෙනවද කියලා අහලා තමයි අය කලේ. බැරිනම් ඉදිරි මාසවල ගෙවන්න පුළුවන් කියලා කිව්වා. හැමදේම කුහක දේශපාලනයට ඈඳාගෙන ගෙදර රණ්ඩු වුණත් ඒකත් ජනාධිපතිගේ වැරැද්දක් වගේ උළුප්පන්න හදනවා...
මේ ලීසිං සමාගම ලියාපදිංචි සැබෑ ලීසිං සමාගමක් නොවන බව පෙනේ... රජය ප්‍රකාශ කළ ලීසිං වාරික සහන නැත්තේ එනිසා වියහැක. කොහොමත් වෘත්තීය සීසර්ලා මිනිසුන් මරන්න තරම් පෙලඹෙන්නේ නැතිබවයි මගේ අදහස....
සිසීන් යනු යල් පැනගිය ප්‍රායෝගික නොවන නීතිමය නොවන ක්‍රමවේදයක් බව පැහැදිළියි. රජය වහා සිසීන් ක්‍රමයට සීසර් ලා යොදා නැවත අත්පත් කර ගැනීම වහා නීත්‍යානුකූල නොවන ක්‍රමයක් ලෙස ප්‍රකාශ කොට තහනම් කළ යුතුයි. එහෙම වුණොත් මේ නිසා මැර කණ්ඩායම් මුදලට නොයෙක් මැරකම් කිරීම නැවතී මේ ඉඩකඩ වැඩි වේවි...!!!
ලංකාවේ ගොඩක් ලීසිං ආයතන, මහ බැංකුවේ සහතික වී නැහැ. මේවා ගැන විමර්ශණය කරලා බලලා ඒවාට විරුද්ධව කටයුතු කළ යුතුයි.
මට පුදුම සතුටක් තියෙන්නේ ද ෆිනෑන්ස් එක වහපු එකට.
ආණ්ඩුව නීති දැම්මට වැඩක් නැහැ... ඒවා ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බලන්නේ නැහැ. ලීසිං කම්පැණිවලට උපදෙස් දීලා තියෙන්නේ..
කමෙන්ට් කරපු හැමෝම තමන්ගේ දේශපාලනය මෙතන ලියලා මිසක් මැරිච්ච මනුස්සයට නිවන් සැප පළ කරලාවත් නැහැ.
මේ වගේ දෙයක් ලෝකෙන් උතුම් රටේ නැතුව වෙන කොහේ හරි තුප්පහි රටක වුණා නම් අද මොහු මාටිං ලූතර් කිං කෙනෙක්! කාලෙකින් දැකපු ඇත්ත වෘත්තීය නායකයෙක්. සිවිල් ක්‍රියාකාරිකයෙක්... පීඩිතයා වෙනුවෙන් ඇත්තට ම පෙනී සිටින නායකයන් නැතිම යුගයක ඔහුව ඉතිහාස ගත විය යුතුයි. අන්තිමේ "රජයේ සහන" ඉල්ලන්න ගිහින් ඔහුට ගුටි කාලා මැරෙන්නයි වුණේ... ආණ්ඩුවකට බොරු කියන්න ලේසියි. ඒත් ඒවා සීරියස් ගත්තු මිනිස්සු නිකරුනෙ ගුටි කාලා මැරෙනවා. සැමන්, පරිප්පු මිල පාලනය කරගන්න බැරි පාලනයක් ලීසිං කාරයෝ කොහේ පාලනය කරන්නද...? හොඳින් බැලුවොත් මේක චක්‍රීය ක්‍රියාවලියක එක අවස්ථාවක් විතරයි..