
(අංජුල මහික වීරරත්න)
ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍ර ස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස විනිවිදභාවය සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කරගත් ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සඳහා 2024-06-11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතිකා තීරු බදු ප්‍රතිපත්ති කමිටුව 2025-05-15 දින ස්ථාපිත කරනු ලැබ ඇත.
පසුව සිදු කරනු ලැබ ඇති රජයේ ප්‍රතිපත්ති සංශෝධනයන්ට අනුව, ඇතැම් බදු නීති සමග අනුකූලතාවය සහතික කිරීම සඳහා සහ අවිනිශ්චිතතා මග හැරවීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ ඇතැම් විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව විසින් හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව හඳුනාගනු ලැබ ඇති සංශෝධනයන් මත පදනම්ව ජාතික තිරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිකට්ටේ පටන් කර්මාන්ත සදහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය, සහල්, දැව, වාහන වැනි සියලු දේට අධික ලෙස තීරුබදු ගැසීම නිසා රටේ ජිවන වියදම අධික ලෙස ඉහළ ගොස් ඇති අතර, සේවක වැටුප්, විදුලිය, වෙනත් ගාස්තු කලාපේ අනික් රටවල් සමග සන්සන්ධනය කරන විට ඉතා ඉහළ අගයක් ගනී. මෙම තත්වය සංචාරක ව්‍යාපාරයට සහ අනෙක් නිෂ්පාදන වල මිල ඉහළ යාම නිසා රටේ අපනයන ආර්ථිකය කඩ වැටි ඇත. තීරු බදු අඩු කිරීම සහ විනිවිධ භාවයකින් යුතු එක සරල බදු ක්‍රමයක් සැකසීම අත්‍යවශ්‍ය කාරණයකි. බොහෝ දෙනෙක් මේ ඉතා සංකීර්ණ විවිධ බදු ගැන වැටහීමක් නැති නිසා අල්ලසක් දී බඩු ටික නිදහස් කරගෙන යාමට පෙලෙන් විශාල බදු අදායමක් රජයට අහිමි වේ...