(විනීතා එම් ගමගේ)
ආගමික උමතු අන්තවාදයත් ජාතිවාදයත් පරදා ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව හා ජාතික සමගිය තහවුරු කිරීම සඳහා වන විශේෂ යෝජනාවලියක් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (04) ජනතාව හමුවේ තබනු ලැබීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සව සභාවක දී මෙම යෝජනාවලිය එළි දැක්විණි.
පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ආගමික අන්තවාදි ප්රහාරයන් වැළැක්වීමත් යළි එවැනි ඛේදවාචක ඇති නොවීමට වග බලා ගැනීමත් ජාතික සමගිය ගොඩනගා මහජන ආරක්ෂාව තහවුරු කිරීමත් වෙනුවෙන් ඉටු විය යුතු යෝජනා ලෙස එම යෝජනාවලිය ජනතා විමුක්ති පෙරමුණ විසින් හඳුන්වා දෙනු ලැබීය.
මහජන ආරක්ෂාව නීති ප්‍රතිසංස්කරණය ආගමික ආයතන ප්‍රතිසංස්කරණය හා පරිපාලනය අධ්‍යාපනය ජනමාධ්‍ය ආගමික වියතුන් සතු විශේෂ කාර්යභාරය මෙන්ම ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ඇති කිරීම සඳහා වන රාජ්‍ය ආයතන හා පොදු ප්‍රතිසංස්කරණ යන තේමා යටතේ මෙම යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇත.
එමෙන්ම සමාන පුරවැසි අයිතිය, ආගම් ඇදහීමට ඇති අයිතියට සමාන නීතියකින් පාලනය වීම යන පොදු ප්‍රතිසංස්කරණ යෝජනා ද එහි අඩංගුවේ.
මෙම යෝජනා ජනගත කිරීමේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, කේ. ඩී. ලාල් කාන්ත, මහ බැංකුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂිකා නීතිඥ, නිර්මලා සිරිවර්ධන, කැලණිය විශ්ව විද්‍යාලයේ ක්රිස්තියාන් ධර්මය පිළිබඳ අධ්‍යනාංශයේ ජ්‍යෙශ්ඨ කථිකාර්ය විජිත් රෝහණ ප්‍රනාන්දු, රම්‍ය ලංකා සංවිධානයේ සභාපති එස් එම් එස් ෆාරිස් සාලි යන මහත්ම මහත්මීහු ද පක්ෂයේ විවිධ සංවිධාන නියෝජනය කරමින් නියෝජිතවරු රැසක් ද සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස් කොඩිකාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ කන්නාඩි කරුවන් 88-89 මන්තරේ මතුරාවි.
මෙන්න රතු සහෝදරයන්ගේ තවත් රඟ දැක්වීමක්... ජනතාව රැවටීමක්. දැන් ගොඩ එන්න බැරුව එක එක විජ්ජාවන් දානවා ජනතාව රවටන්න. බොරුවට සිවුරු පොරවාගෙන කොමිනිස්ට් ආගම අදහන බෞද්ධ දර්ශනය විනාශ කරන අයත් ඉස්සරහින්ම වාඩිකරවාගෙන ඉන්නවා.
අනේ මේ අයගේ ගොන් වැඩ... ජවිපයට සාර්ථක අවසානයක් දුන්නා... අනුරයි, විජිතයි, ලාල් කාන්තයි. අපි දැන් විකල්පයක් හොයනවා. හැකිනම් ඊළඟ ඡන්දෙදි ඡන්ද ලක්ෂයක් අරන් පෙන්නන්නකෝ.. ?
කොහෙන්ද දන්නෑ යෝජනාවලිය අනුර කුමාරට හම්බ වුනේ... ඇමරිකාවෙන්ද? ඵංගලන්තයෙන්ද? නැත්තං කාගෙන් හරි කොපි කර ගත්තු දෙයක්ද?
කොහෙන්ද දන්නෑ යෝජනාවලිය අනුර කුමාරට හම්බ වුනේ... ඇමරිකාවෙන්ද? ඵංගලන්තෙන්ද? නැත්තං කාගෙන් හරි කොපි කර ගත්ත දෙයක්ද?
ජාතික සමගියට සමතැන් යෝජනාව නම් ගෙනෙන්න එපා. සමතැනට අපි විරුද්ධයි. මහජාතියට මහා තැන ඕනේ. මහජාතියට කව්ද අකමැති?
සිංහල ජාතිවාදය කියා දෙයක් තිබෙනවද?
දැන් ලංකාවෙ ජ.වි.පෙ. නැත. 1989 උන් ජීව්ත නැතිකර ගත්තා. අන්තිම ජ.වි.පෙ. සාමාජිකයා සෝමවංශ අමරසිංහ මහතාට ජ.වි.පෙ එපාම වුණා. දැන් ඔය ඉන්න පුංචි ළමයි සෙල්ලම් බත් උයනවා කාගෙන් හරි හාල් ටිකක් ඉල්ලගෙන. ඒක රටට හානිකරයි.
අදුරට බනින්නේ නැතිව පහනක් හෝ දැල්විය යුතුයි. ජවිපෙ යෝජනාවලට බනින්න කලින් හොයා බලන්න. ඒකම කරන්න ඕන නැහැ හැබයි ජවිපෙ ගෙනා පලියට විසි කරන්න එපා.
මෙහෙම යන්න අමාරුයි සහෝදරයා. පොඩ්ඩක් හිතන්න වෙයි.
ජනතා විමුක්ති පෙරමුණට තිබෙන ලොකුම ගැටලුව නම් ඔවුන්ට දේශපාලන දර්ශනයක් නැති වීම සහ ජාතික නායකත්වයක් ගොඩ නගා ගැනීමට නොහැකි වවීමයි. (මේ මෙහොතේ රටේ අවශ්‍යතාවය දේශපාලනයෙන් ඕබ්බට ගිය ජාතිකවාදි නයකත්වයකි!). මේ නිසාම ඔවුන් කරන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ රටේ ඇති කරන ගැටලුවලින් එම දේශපාලන පක්ෂ ආරක්ෂා කරමින් ජනතාව ඒ පක්ෂ වටා ගොනු කිරිමයි. ජනතා විමුක්ති පෙරමුණ මෙම විගඩම් වලින් ජාතික සමගිය ඇති කළ නොහැක.
ජාති ආලය සහ ජාවාදය අතර ඇති වෙනස හරි හැටි ජනතාව ට තේරුම් කර දිය හැකි නම් ජාතික සමගිය ගොඩ නැගීම පහසු වනු ඇත. අද සිදු වෙලා තියෙන්නේ මේ දෙක පටලාගෙන තිබිමයි.
මෙයාල රට ආරක්ෂා කරපු හොද අතීතයක් තිබෙනවා. 88-89 මතකද?
අපේ රටේ ඉපදුනා නම් සම අයිතිවාසිකම් ඉබේම ලැබෙනවා..! ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලැබෙනවා ආයේ ඉල්ලන්න දෙයක් නැහැ..! මෙතන ඉල්ලන්නේ ඔවුන්ගේ ආගම සහ නීතිය පමණක් තිබිය යුතුයි කියන බලහත්කාරකමක්..! ඒක ඉල්ලීමක් නොවේ... ඉල්ලන් කෑමක්...!
ආ... ගොඩයනවා කියන එකේ සිංහල තේරුම පාර්ලිමේන්තු යනවා කියන එකනේ ආයුබෝවන් !