(සජීව විජේවීර)
කොරෝනා රෝගය මර්ධනය කිරීමේ හදිසි අවශ්‍යතාවක් ලෙස ජංගම X-Ray යන්ත්‍ර මිලදී ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ද පිටපත් සහිතව සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය මිගන් යුනිසෙෆ් ආධාර මුදල් භාවිතා කරමින් අතේ ගන යා හැකි විකිරණ යන්ත්‍ර 50ක් හදිසි අවශ්‍යතාවක් ලෙස සඳහන් කරමින් මිලදී ගැනීමේ දී බරපතල වංචාවක් සිදුවෙමින් පවතින බවයි. අප්‍රේල් මස 17 වැනි දින සඳහන්ව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධරමකීර්ති ඈපා මහතාගේ අත්සනින් මෙම ලිපිය ඉදිරිපත් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම මිලදී ගැනීම නතර නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට හෝ එම විකිරණ යන්ත්‍ර භාවිතයෙන් වැළකීමට හෝ විකිරණවේදීන් කටයුතු කරන බවයි.
ඔවුන් පවසන්නේ දැනටමත් චීන ව්‍යාපෘතියක් මගින් ලබාදුන් ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුතු ජංගම විකිරණ යන්ත්‍ර 40ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පවතින බවයි. එම යන්ත්‍ර රොහල්වෙත බෙදා දී අවසන්ව නොමැතිබව ද ඔවුන් පවසයි
එමෙන්ම අලුතෙන් මිලදී ගැනීමට තීරණය කර ඇති ජංගම විකිරණ යන්ත්‍ර තීරණය කිරීමේ තාක්ෂණික කමිටුව සඳහා මෙම යන්ත්‍රවල අවසන් භාවිතකරු වන විකිරණ වේදීන් සහභාගී කරගෙන නැතැයි ද ඔවුන් ලිපිය මගින් පෙන්වා දී ඇත. එමෙන් ම මිලදී ගැනීමට උත්සාහ ගන්නා යන්ත්‍රවල විකිරණ අවදානම අධික බවත් ඒවා නිපදවා ඇත්තේ දුෂ්කර මෙෙහයුම් කටයුතු සහ සතුන්ගේ විකිරණ පිටපත් ගැනීම වැනි කටයුතු සඳහා බවත් විකිරණවේදීන්ගේ සංගමය පවසයි.
මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම යන්ත්‍ර මිලදී ගැනීමට සූදානම් වන්නේ වෙළෙඳ පොළ දැනට පවතින මිලට වඩා වැඩි මිළකට බවයි. මෙම කරුණු පිළිබඳ අවධානය යොමුකර ජංගම විකිරණ යන්ත්‍ර මිලදී ගැනීම නවතා දැනට භාවිතයේ ඇති ජංගම විකිරණ යන්ත්‍ර සඳහා අඩුපාඩුවක්ව පවතින Digital Detectors මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත් එම සංගමය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිරආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ කට්ටිය පරණ සෙල්ලම පටන් අරන් කියල ද?
දේශපාලුවන්ට කොරෝනාවත් හැදෙන්නේ නැහැනේ?
මෙමෙ ක්‍රියාව සිදුකරන්නේ කිසිදු යටි අරමුණක් නැතිවනම් මේක අවංකවම අගයකල යුතුයි මොකද මේක හොඳ ප්රවනතාවයක්. මෙම යන්ත්‍ර අවශ්‍යද නැද්ද යන්න හොඳින්ම දන්නේ මෙම යන්ත්‍ර ගෙන්නන පිරිස නෙවෙයි මෙව්වා ප්‍රයෝගිකව භාවිතාකරන පිරිසයි අපේ රටේ සියලු ක්ෂේත්‍ර වල ප්‍රයෝගික පිරිස් සම්බන්ද කරගෙන අදාල ක්ෂේත්රයේ ඉදිරි ක්‍රියා මාර්ග ගත්තොත් රටක් විදිහට අපිට සිදුවෙන හානිය අවම කරගෙන ජනතා මුදල් වංචාවෙන් ගසාකන පිරිසට ඇති අවස්ථා අවම කරගන්න පුළුවන් ... අවාසනාවට අපේ රටේ නායකයෝ හරි ක්ෂේත්‍ර ප්‍රධානියෝ හරි එම ක්ෂේත්‍ර වල වෘතිකයෝ හරි පොදුවේ ගත්කල බොහොමයක් දෙනා රට ගැනවත් තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැනවත් නුපන් ඉදිරි පරම්පරාව ගැනවත් හිතලා වැඩකරන්නේ නැතිබව නම් හොඳට පේන්න තියනවා...
මහත්මයා පාට සහ මූණු විතරයි වෙනස් උනේ. ක්‍රමය එහෙමමයි. 69 ලක්ෂෙ ගෝඨා දේවත්වාරෝපණය කර සිතා සිටියත් ක්‍රමය එසේ නම් තව තවත් මෙවැනි දෑ සිදුවනු ඇත. වසර 70 ක කෙරුවාව බලාගත හැකියි. රු 5000 කට රණ්ඩු වෙන දිහා බැලුවම . අතීත පෞඩත්වය වචන විතරයි.
රැවුල ගිනිගත්ත වෙලාවේ ගානක් කපාගන්න හිවල්ලු ටිකක් තටමනවා වගේ.. ඔහෙලා ඇයි මෙම මිලදී ගැනීම් ඉදිරිපත්කළ හිවලුන්ගේ නම්ගම් මෙම පුවතේම මහජනතාවට දැනගැනුමට සඳහන් නොකළේ? මේවා අනාගතේදීත් මහජනතාව දැනගතයුතු නැද්ද? මහජනතාවගේ මුදලින් ඔහෙලත් වැටුප් ගන්නවා නොවේද? නිලධාරී වෙස්ගත්ත හිවලුන් ඕනෑම ආයතනයක සිටින බව අමුතුවෙන් කිවයුතු නැහැ එලෙසම මේවාට ස්ථිරවම දියවන්නාවේ කෙනෙක්ගේ සම්බන්ධතාවයක් තිබිය යුතුමයි. ඔය කිසිවෙකුට තනියම හොරාකෑමට හැකිද? (අප කිසිවකුට සුදු හුණු තැවරීමට උත්සහ කරනවා නොව) මෙම තාක්ෂණික කමිටුවට අදාළ විෂය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ නියෝජනයක් නොමැතිද? එසේ නියෝජනයක් තිබේ නම් ඔවුන්ද මේ සඳහා එකහෙලා විරුද්ධ වනවා නොවේද? ඔබලා බලන කෝණයෙන් ඔවුන් නොබලනවා විය හැකිය.. නමුත් මේ අවස්ථාවේ මෙම උපකරණ අවශ්‍යද නැද්ද යන්න කීමට " මහා දැනුමක් " තිබිය යුතුමද? එලෙසම වෛද්‍යවරුන්ගේ සංගමය මෙයට "කෑමොර" නුදුන්නේ මන්ද? එසේ නොමැති නම් ඔහෙලාත් " ගැඹුරු දියේ කලවැද්දන් " අල්ලන්න උත්සාහයක්ද තිබෙන්නේ යන්න මධ්‍යස්ථව බලන කෙනෙකුට නොපෙනේද?
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ මැෂින් මදි කියලා ලෙඩ්ඩු නම් දන්නවා... එක්ස්රේ ගන්න ගියාම එක්කෝ මැෂින් කැඩිලා.. නැත්තම් ෆිල්ම්ස් ඉවරයි.. ඉතින් ප්‍රයිවෙට් ගහන්න වෙනවා.. මේ මහත්තුරුන්ටම සල්ලී දීලා.. ආණ්ඩුවෙන් ඒ ප්‍රශ්න විසඳුවම බඩේ පාර වදින්නේ අහින්සක ම්.ල්.ටී මහත්වරුන්ට නේ...
දැන් 225ම නැත්නම් කොහොමද වංචා සහගත දේවල් වෙන්නේ. අපිට දැන් තියෙන අභියෝගයට මුහුණ දෙන්න පුලුවන් දේවල් සහ ඉදිරියේදි රටේ ඇතිවෙන රැකියා හිඟයට පිළියම් වෙන ව්‍යාපෘති කොටස් වශයෙන් කුඩා කණ්ඩායම් මගින් ආරම්භ කළ හැකිනම් හොඳයි. නමුත් කොමිස් ගහලා.. පුරුදු වුණු අය මේ පාලන කාලයත් විනාශ කරනවා.
සුනාමියෙන්, යුද්ධෙන් ගහපු එවුන් කොරෝනාවෙන් නොගහ ඉඳියිද? පහු ගිය දවස් ටිකේ හරි අමාරුවෙන් ඉන්න ඇත්තේ සියලු දේ අක්‍රිය නිසා බලයට ඇවිත් මාස 5 ක් ගියත් කිසිම අදායමක් නැතිව. වසංගත අස්සේ චන්ද තියන්න දඟලන්නේ ඉක්මනට ගැහිලි පටන් ගන්න... රටට දෙයියන්ගේම පිහිටයි.