(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා ඊයේ (10) නිතරඟයෙන් පත්විය.
මෙම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාද, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, නිමල් ලාන්සා, ජානක වක්කුඹුර, එස්. වියාලේන්ද්‍රන්, තේනුක විදානගමගේ, ජීවන් තොන්ඩමන් යන මහත්වරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්තියාස් බාකීර් මාකාර්, දිලිප් වෙදආරච්චි, මනූෂ නානායක්කාර, කේ. කාදර් මස්තාන්, අශෝක ප්‍රියන්ත, සිවඥානම් ශ්‍රීතරන්, තුෂාර ඉඳුනිල් අමරසේන, මුජිබුර් රහුමාන්, රෝහිණි කුමාරි විජේරත්න, වරුණ ලියනගේ, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගීතා සමන්මලී කුමාරසිංහ, කුලසිංහම් තිලීපන්, නිපුණ රණවක, රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහුද පත්කරනු ලැබ සිටිති.
නව වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේපෙත්සම් කාරක සභාවේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිනී කුමාරි විජේරත්න මහත්මියද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. එම්. මුෂාරෆ් මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතාද පත් කරනු ලැබ ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මහජන පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඒවා විභාග කළ හැකි ආකාරය පිළිබඳවද මහජනතාව සමඟ ඍජුව සම්බන්ධ වන ආකාරය පිළිබඳවද මෙම කාරක සභාවේදී සාකච්ඡා විය.
එසේම මහජන පෙත්සම් ඉක්මනින් විසදීම සඳහා මහජන පෙත්සම් කාරක සභාව පාර්ලිමේන්තුවේ රැස්වීම් පැවැත්වෙන සතිවල දින දෙකක් හෝ තුනක් රැස්වීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට එක සැරයක් රටේ අග්‍රවිනිශ්චයකාරයා නීතියක් පැනවූවා.. හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව පැත්තට යන එක තහනම් කරලා මොකද මේ යෝධයා එහෙන් පගාව ඉල්ලලා. මෙන්න අපේ පාර්ලිමේන්තුවේ අයියලාගේ තත්වේ..!!!
ඇයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියන් සමගත් ගැටුමක් තිබුණා.. කංසා ගැනත් ප්‍රචාරයක් තිබුණු අයෙක් නේද?