
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතා විමුක්ති පෙරමුණ එදා අධ්‍යාපනයේ ධවල පත්‍රිකාවට විරුද්ධ නොවුනා නම් අද ලංකාව තිබෙන්නේ දකුණු කොරියාවටත් එහා තැනක බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අපේ රටේ අධ්‍යාපනය සම්බන්ධ නෛතික රාමුවේ තිබෙන්නේ වසර අටෙන් අටට විෂයමාලා ප්‍රතිසංස්කරණ කිරීමයි.අවසන් වරට 2023 වසරේ කරන්නට තිබූ විෂය මාලා ප්‍රතිසංස්කරණය රටේ තිබූ තත්ත්වය සමග සිදු වුණේ නැහැ.අලුත් තාක්ෂණය සමඟ දැනුම මත පදනම් වූ අධ්‍යාපනයක් තිබිය යුතු බව සමගි ජන බලවේගයේද මතයයි.අප කිසිවකුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නැහැ.ඒ නිසා ආණ්ඩුවේ සිට විපක්ෂයට චෝදනා කිරීම කිසිම වැදගත්කමක් නැති දෙයක්.80 අවුරුද්දේ ධවල පත්‍රිකාව ගේනකොට විරුද්ධ වුනේ කවුද?දකුණු කොරියාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළේ ඊටත් පස්සේ.අපට එදා ඒ ප්‍රතිසංස්කරණ කරන්නට දුන්නා නම් දකුණු කොරියාවටත් වඩා ඉදිරියෙන් අප ඉන්නවා.ඒ ප්‍රතිසංස්කරණ කරන්නට ඉඩ නොදුන් අය අද බලයට ඇවිත් ඉන්නවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන ප්‍රශ්න තිබුණා තමයි. එත් මේ වගේ නූගත් අලුගුත්තේරු මිනිස්සු නිසා තමයි රට දියුණු උනේ නැත්තේ. අනිත් එක මේ මිනිස්සු තමයි වැරදි දේවල්වටත් අත් ඉස්සුවේ, පුද්ගලික වාසි බලාගෙන. හැම ව්‍යවස්ථා සංශෝධනයකටම අත් උස්සපු මෝඩයෝ මේ.
ලංකාව දකුණු කොරියාවට වඩා කෙසේ වුනත් ඔයාල නම් ඉලෝන් මස්ක් ට වඩා ඉහල යන්න තිබ්බ නේහ්? අපරාදෙ ඔයාලටත් තව සූරල ගෝඨා ඉතුරුකරපු රොඩ්ඩෙන් බින්දුවක් හරි මිරිකල ගන්න කලින් අපි රට මාලිමාවට දුන්නනෙ. නිකන් යන්න මහත්තයො.
3% තිබ්බ පක්ශයක් කොහොමද එහෙම ප්‍රතිපත්ති සම්මත කරගන්න දුන්නෙ නැත්තේ කියලා ඔක්කොටම කලින් කියලා ඉන්න
දෙපැත්ත කන, ලෝක පාළුවෝ නොහිටින්න අද ලංකාව කොරියාවට නොවෙයි... තුන්වැනි ලෝකයටවත් අයිති නැහැ.
ඔක්කොම තව ටික කාලයක් බලයේ හිටියා නම්, 2048ට වෙන්න කළින් අපි සූඩානයටත් එහා යනවා. කාලකන්ණි අපතයින්...
ජවිපෙ නිසා නොවෙයි, නුඹලා කාපු නිසා.
පසුගිය කාලේ බලයේ උන්නේ ඔයාලා නේද? නගර සභාවට කෝටි ගණන් පොලු තියලා තියන ඔයා අපි දැක්කානේ පුරපති වෙන්න දගලපු හැටි... නිකම් විහිළු කරන්නේ නැතිව ඉන්න...
කටින්ද ඕවා කියන්නේ...? මේවා අහන් අපිට පිස්සුද?
ඔයාලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නැත්නම්, ඇයි ඔයාලා අගමැතිනියට විරුද්ධව විශ්වාස බංගයට අත්සන් ගත්තේ? ඇයි අදටත් කතානායකතුමාට බාර නොදී ඉන්නේ? එදා ධවල පත්‍රිකාව ගේනකොට කකුලෙන් අදින්නට ජවිපෙ ද ආණ්ඩු බලයේ හිටියේ? රට බංකලොත් කරන්න එක කාරණයක් තමයි 2015 දී මහ බැංකු බැදුම්කර වංචා? එකත් කලේ ජවිපෙද? එදා බැංකු බැදුම්කර වංචා කරන විට, ඔයාත් හිටියේ ආණ්ඩු පක්ෂය නියෝජන කරමින් නේද හිටියේ? එදා ඔයාලා 88/89 මේ රටේ උගත්, බුද්ධිමත් තරුණයන් 66 දාහක් අමු අමුවෙන් ඝාතනය නොකළා නම්, අද මේ රට කොරියාවටත් එහා ගිහිල්ලා ඇති...
හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා බඩවඩා ගන්න හිතුවා මිසක් අධ්‍යාපනය වෙනුවෙන් කරපු දෙයක් නැහැ.
සජිත්ට මයි ගැලපෙන්නේ
ජේආර් මැතිණියට වැඳලා කිව්වා ඔය සමාජවාදී ප්‍රතිපත්ති අතැරලා ධනවාදය බාරගන්න කියලා, ඒත් ඇහුවේ නැහැ. අන්තිමේ ජේආර් පාලන බලය ගත්තාම ආර්ථික වර්ධනය 8% ඉක්මවලා ආවා. එත් ඒ වර්ධනය දිගටම පවත්වා ගන්න බැරි වුනේ උතුරේ කොටි ත්‍රස්තවාදයත් දකුණේ ජවිපෙ ත්‍රස්තවාදයත් නිසයි. ඔවුන් ඒ කාලේ ශිෂ්‍යයන් පාරට බස්සවා කළ දේවල් අද පරම්පරා දන්නේ නැහැ. රාජ්‍ය සේවකයින් පාරට බස්සා කළ වැඩ වර්ජන මතක නැහැ, කර්මාන්තශාලා වහගෙන ඒවායේ අධිපතියන් ප්‍රාණ ඇපයට ගෙන කළ වර්ජන මතක නැහැ. අන්තිමේ අපේ දුප්පත් රට අන්ත ප්‍රපාතයට වැටුණා...