ජෝ බයිඩන් ට නියමිත පරිදි බලය පවරන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (7) ප්‍රකාශ කළේය.
ඒ අනුව තවත් සති දෙකක් ඇතුළත ජෝ බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස එම ධුරයේ දිවුරුම් දෙනු ඇත.
ඉකුත් වසරේ නොවැම්බර් 3 වැනිදා පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ජයග්‍රහණය කළේය.
‘‘මැතිවරණයේ ප්‍රතිඵලය සමඟ මම කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. තියෙන කරුණු එහෙමයි. කොහොම නමුත් ජනවාරි 20 වැනිදා නියමිත පරිදි බලය පවරනවා’’ යැයි ජනාධිපති ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ධවල මන්දිර ප්‍රකාශක ඩෑන් ස්කැවීනෝ ජනාධිපති ට්‍රම්ප්ගේ නිවේදනය ට්විටර් සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් මෙහෙ ඇවිත් ඊළඟ ඡන්දයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන්න පුළුවන්...
බලාගෙන ගියාම එහෙ අයයි, මෙහෙ අයගේ කිසිම වෙනසක් නැහැ. මතක නේද 2015?