(අංජුල මහික වීරරත්න)
ජී.එස්.පී.ප්ලස් ඇඟලුම් තීරු බදු සහනය රටට අහිමි වුවහොත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම රුපියල් 300කින් බාල්දු වීමට ඉඩ ඇතැයි ද මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලන කතා කියමින් නොසිට ජී.එස්.පී. ප්ලස් සහනය ආරක්ෂා කිරීමට රජය වහාම කටයුතු කළ යුතුයැයි ද හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජී.එස්.පී ප්ලස් ඇඟලුම් තීරුබදු සහනය රටට අහිමි වුවහොත් රැකියා දහස් ගණනක් අහිමි වන අතර ජනතාව දරා සිටින දැඩි ආර්ථික බරට තවත් බර එකතු කර රට විනාශ කරන්න එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද වික්‍රමසිංහ මහතා කීය.
රාජපක්ෂ යුගයේ රටට අහිමිව තිබූ ජී.එස්.පී. ප්ලස් බදු සහනය 2017 දී නැවත යුරෝපා සංගමයෙන් ලබාගෙන මෙරට ආර්ථිකය වර්ධනය කිරීමට තම ආණ්ඩුව කටයුතු කළ බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා බදු අය කිරීමකින් තොරව යුරෝපයට භාණ්ඩ යැවීමට ලැබුණු අවසරය නිසා ඇගළුම් කර්මාන්තයෙ මෙන්ම ධීවර මත්ස්‍ය තහනම ඉවත් කිරීම නිසා ධීවර කර්මාන්තයෙත් විශාල දියුණුවක් වූ බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන තරම් සහනයක් ඒකෙන් රටට ලැබුණා නම් මිනිස්සු මොකද ඔබතුමාව ගෙදර යැව්වේ..?
මොනවා වුණත් මේ කතාව නම් ඇත්ත.
හොරුන්ව ආරක්ෂා කරලා දැන් මෙතන කටමැත දොඩවනවා.. නුඹලා දෙගොල්ලන්ම රටට වින කෙරුවා මිසක් වෙන මොනවද කලේ...?
GSP බැරිනම් මොනවා නැතිවුණත් මොකද? ඔබතුමා පාර්ලිමේන්තු එනවලුනේ.. බුදු අම්මෝ කොච්චර වටිනවද ඒක..? කලිසම ඇඳගෙනද ඉන්නේ?
යහපාලනයේ අවුරුදු 05ටම වැඩිවුණේ ඩොලර් 53යි. ඒ බලමහිමයෙන් වෙන්න ඇති... අනේ මගේ කට..
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ.
බයියන්ට මොන ජී. ඇස්.පී. සහනද? පුන්නක්කු සහනාධාරයක් දෙන්න පුලුවන් නම් කදිමයි...
GSP ප්ලස් නැති වුණොත් අර්බුදයක්ම තමයි. නමුත් එය අහෝසි කරන්න යන්නේ ඇයි? එයාලා දේශපාලන පළිගැනීම් කරන්නේ. ඒ ගැන හිතන්න. 2017 ඒක නැවත දුන්නේ ඇයි? ජිනීවා කතා දැන් අමතකද?
තමුන් බලයේ ඉන්න වෙලාවේ හොරු අල්ලලා හිරේ දැම්මා නම් අද අපේ රට වනසන්න මේ වගේ කාලකන්නි එන්නේ නෑනේ... දැන්වත් බුද්ධිමත්ව රට ගැන විතරක් හිතලා වැඩ කරන්න.
ලංකාවට GSP නොලැබීමට හේතුව අපගේ විදේශ ප්‍රතිපත්තිය නොව ලෝක ශ්‍රේණිගත කීරිම් අනුව ලංකාව ඉහළ මධ්‍යම පාන්තික රටක් වීමයි. ඇත්ත ප්‍රකාශ නොකර බොරු කියන එක දේශපාලනයේ වැදගත් අංගයක්. පසුගිය රජය සමයේ නැවතත් එය ලැබුණේ ලංකාව පහළට තල්ලු වුණු නිසා.
කමෝන් සූත්තර පුංචා... කමෝන්...!!!
මහබැංකුව සුද්දකරපු එකෙන් මුකුත් වුණේ නැද්ද? තව ගොන් කතා කිය කිය ඉන්නවා.
අනේ යන්න. එච්චර ප්‍රථිඵල තියෙන නිසාද එදා උඹ යුරෝපයට ගතු කිව්වේ ලංකාවට GSP දෙන්න එපා කියලා. නුඹලා වගේ කාලකන්ණි... නුඹලා ටික දවසක් නිශ්ශබ්දව හිටියාම මිනිස්සුන්ට ඔක්කොම අමතකයි කියලාද හිතුවේ..?
ඇති කියන්නේ ඇති.. අපිට බොහොම මහන්සියි.. කරුණාකර ගෙදර ඉන්න...
මෙන්න මෙහෙම සිංහල උපමේයක් තිබෙනවා. වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කජ්ජක්ද කියලා. යුද්දය දිනන්න බැහැ කියලා උතුරු, නැගෙනහිර ප්රභාකරන්ට දෙන්න ගියේ ඔහෙට GSP බේරාගන්න රටේ ආරක්ෂාවට තිබෙන නීති පාවා දෙන එක වැඩක්ද? අනේද කියන්නේ...?