(නිමන්ති රණසිංහ)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2022 නිලවරණයේදී සිදුකර ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වන පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ අද (10) කරුණු වාර්තා කර ඇත.
වර්ෂ 2021 / 2022 ට අදාළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයේදී මෙම අක්‍රමකිතාව සිදුව ඇති බවට 08 වන පටුමග, සුමුදු මාවත, මාළඹේ පදිංචි වෛද්‍ය ප්‍රියන්ත ලක්මිණී අතපත්තු මහතා කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම නිලවරණයේදී නිතිවිරෝධී ලෙසින් ඡන්දය පාවිච්චි කර ඇති බවට තමන්ට සාධාරණ සැකයක් මතුව ඇති අතර තම සංගමයට අදාළ ගිණුමේ මුදල් අනිසි ලෙස පරිහරණය වී ඇති බවට කරුණු හෙළිවී ඇති බවත් පැමිණීල්ලෙන් වැඩිදුරටත් දක්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර ඡන්ද. මහා පරිමාණයේ හොර වැඩ, කම්පියුටර් ජිල්මාට් දාන රටේ ඕවා මොනවාද?
දුටු දුටු තැන දකින්නට තිබෙන්න්නේ තමන්ගේ ගොඩ වැඩිකර ගැනීමට මරාගැනීම සහ බලය ලබා ගැනීමට ඇදුම් ගලවමින් කා මරාගැනීම්ය....