(ඩයනා උදයංගනී)
ඡන්දයකින් තොරව ජනාධිපති වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
සම්මත කිරීම සඳහා ශිර්ෂ අංක එක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි නැගී සිට බෙදීමක් ඉල්ලා සිටියේය.
බෙදීමක් අවශ්‍යදැයි කතානායක කරු ජයසූරිය මහතා යළි ප්‍රශ්න කළ අතර එම අවස්ථාවේ ලක්ෂමන් කිරිඇල්ල සභානායකවරයා නැගී සිට බෙදීමක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කළේය.
ඒ සමඟ පසුපෙළින් ඝෝෂාකාරී තත්ත්වයත් ඇති වූ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැගී සිට යළිත් වරක් බෙදීමක් අවශ්‍ය නැති බව දැනුම් දුන්නේය.
ඒ අනුව ඡන්දයකින් තොරව ජනපති වැය ශීර්ෂය සම්මත විය.
එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පසුපෙළ මන්ත්‍රීවරුන් අසලට පැමිණ යමක් කියනු දක්නට ලැබිණි. ඇතැම් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් එම මන්ත්‍රීවරයාට සවන් දෙන බවක් දක්නට නොලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහ නාද... බලු කෙදිරිලි
දැන් තියෙන්නේ පසු පෙලට බඩ කපා ගන්නයි
කෝ මරික්කාර්, මුජීබුර්රහ්මාන්, හරින්, ෆොන්සේකා? කයිවාරු පමණයි.
සිංහලෙන් කිව්වනේ, බෙදීමක් අවශ්‍ය නැත. පැහැදිලියිනේ "බෙදීමක් අවශය නැත" ජනපති වැය ශීර්ෂය සම්මත කරමි...
අනාගත්ත රජ්ජුරුවෝ ගසක් යට ඉඳගෙන කටේ හලා ගත්තෝය. ඉදිරිපෙළ, පසුපෙළ බෙදීමක් අවශ්‍ය නැහැ පසුපෙළ ඉදිරියෙන් තිබ්බම තත්වය වෙනස්... ඔන්න ඕකයි තත්වේ.
ඉදිරි පෙළ කෝට් කාරයෝ හින්දද බඩ කපාගන්නේ... සිංහයෝ කවදත් කෝට් කාරයින්ට ගොට්ට අල්ලලා පුරුදුය. අල්ලමු මුට්ටිය නාගමු.. අපිට ගලවන්න කෝට් නැහැනේ. අමුඩේ තමා ගලවන්න වෙන්නේ... නෑමට පෙර කෑමට පසු...
හැම වසරකටම වැඩියෙන් මේ සැරේ ජනපති වැය ශීර්ෂය වැඩි කරගෙන තියෙන්නේ පීඩිත මහ ජනතාව වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න හිතාගෙන වෙන්න ඇති... ඡන්දෙකුත් එනවනේ...
දැන් යුන්පි ජ්‍යෙෂ්ඨයන්ට සිරිසේන හොදයි වගේ. ඊලග මැතිවරණයකදි ශ්‍රිලනිපය සහ එජාපය අන්ත පරාජයකට පත්කල යුතුයි. මොවුන් එකම කල්ලියක් බව මහජනයාට දිගට හරහට පෙන්වමින් සිටි. අලුත් දේශපාලන පෙරමුණකට හොද අවස්ථාවක් තියෙනවා !
අර රාහුමානයගේ කට කොහොමද? මිනිස්සු ගැන නොවෙයි හිතන්නේ සල්ලි ගැන... හොර හැත්ත.. ඔබලා දිනුම් නම් තියපල්ලකෝ ප්‍රාදේශීය සභා ඡන්දය...
හිටපු නායකයා කිව්වා නේද අය වය දිනනවා කියල