IMG-LOGO

ඡන්දය දෙන්න තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 2 ක්

(ජයන්ත සමරකෝන්)

ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ජාතික හැඳුනුම්පත් අයදුම්පතකට ඇති ඡන්ද දායකයින් වෙත එදිනට (16) පමණක් අදාළ වන පරිදි තාවකාලික අවසර පත් ලක්ෂ 2 ක් මැතිවරණ කොමිසමට බාරදුන් බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

මෙම අවසරපත්වල අයදුම්කරුගේ වර්ණ ඡායාරූපයක් ද , සිය නිල අත්සන ද ඇතුළත් කර ඇතැයි ද ඒ මහතා කීය.

මැතිවරණ කොමිසම මගින් මෙම තාවකාලික අවසර පත් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත යවා ඇතැයි ද ඔවුන් ග්‍රාම සේවා නිලධාරීන් වෙත යවා ඒවායේ හිමිකරුවන්ට ලැබෙන්නට සලස්වනු ඇතැයි හෙතෙම සඳහන් කළේය.

කිසියම් අයදුම්කරුවකුට තාවකාලික අවසර පතක් නොලැබුණ හොත් සිය අනන්‍යතාවය සඳහන් කර ග්‍රාම නිලධාරී නිර්දේශය මත නිකුත් කර ඡායාරූපය සහිත ලිපියක් ලබාගැනීමට මැතිවරණ කොමිසම අවස්ථාව සලසා ඇතැයි ද පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



අදහස් (3)

ඡන්දය දෙන්න තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 2 ක්

Rasika Pradeep Thursday, 14 November 2019 12:32 PM

මේ වගේ තාවකාලික හැඳුනුම් පත් නිකුත් කරන්නේ මොන හේතුවක් මතද කියලා දන්නා කෙනෙක් කියන්න පුළුවන්ද? විශේෂයෙන්ම මොන ප්‍රදේශවලද කියලා...? දන්නේ නැති හින්දයි අහන්නේ... එ්ක ගොඩක් අයට වැදගත් වෙයි..

:       0       127

Nandalal DE SILVA - FranceThursday, 14 November 2019 03:01 PM

මටත් ඔහොම ප්‍රශ්නයක් කලකට පෙර ඇති. ඕවා ගැන දන්නා කෙනෙක් මට උපදෙසක් දුන්නා පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දැනගන්න පුළුවන් වෙයි කියා. මම එතැනට කෝල්කරලා ෆෝන් එකේ විනාඩි 20ක් පමණ එල්ලිලා හිටියට පස්සේ එතැන හිටපු නාරිලතාවක් සැරෙන් කතාකරලා කිව්වා. ඔය විස්තර ෆෝන් එකෙන් දෙන්නේ නැහැ. ලිපියක් මගින් විමසන්න කියලා... මාස හතරකුත් දින 13ක් ගතවී ඇතත් තවම මගේ ප්‍රශ්නයට පිළිතුරක් නොලැබුණු බව ඔබටත් දන්වන්නේ අතිශය කණගාටුවෙනි.

:       0       55

Nilantha Friday, 15 November 2019 05:18 AM

නොවැම්බර් 16 වෙනකල් හැඳුනුම්පත් නැති බව දන්නේ නැද්ද? ගෝඨට ඡන්දෙ දෙන්න රට ගිය අයත් එන්නේ මේ පාරයි. කාට උනත් ඔය ලක්ෂ 2 හොර ඡන්ද. ප්‍රධාන දෙන්නටම 50% නැති බව ෂුවර්. ඒකයි මේ සෙල්ලම් කරන්නේ.

:       0       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site