IMG-LOGO

ඡන්දය කල් දමන්නැයි සංඝරත්නය ඉල්ලති

(විනීතා එම් ගමගේ)

රටේ ප‍්‍රධානතම මැතිවරණයක් වන මහ මැතිවරණය සදහා මෙම කාල වකවානුව සුදුසු නොවන බව තම විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය වෙනුවෙන් එහි භික්ෂු සංසදය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය  මහතා වෙත ලිපියක් යවමින් කියා සිටියි.
 
සංඝ සමාජයේ පමණක් නොව අනෙක් ආගමික නායකයින්ගේ ද අදහස මෙයම බවත් රටේ සමස්ත ජනතාවටම බිය සැකයකින් තොරව කටයුතු කළ හැකි තත්ත්වයක් උදාවනතුරු මැතිවරණ පැවැත්වීමට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් එහි සදහන්වේ.
 
අස්ගිරි මහාවිහාර පාර්ශවය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කුරුප්පේ රතනපාල නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක මාතලේ ධම්මකුසල නාහිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා 25 නමක ගේ අස්සනින් යුතුව යවා ඇති එම ලිපිය යවනු ලැබ ඇත.
 
මේ වනවිට සමස්ත ලෝකවාසි ජනතාව සුවිශේෂී තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බවත් මෙවැනි තත්ත්වයක් හමුවේ මහජන ඒකරාශි වීම් කුමන හෝ අරමුණක් උදෙසා මහජනතාව කැදවීම් සිදු නොවිය යුතු බව සෞඛ්‍ය බලධාරින් ඉතා පැහැදිලි ලෙස අවධාරණය කර ඇති බව ද උන් වහන්සේලා එම ලිිපියෙන් පෙන්වා දී තිබේ.  
 
රටේ සෞඛ්‍ය බලධාරින්ගේ පැහැදිලි සහතිකයක් ලබාගෙන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික භවතුන් විසින් සිදුකරන නිසි තක්සේරුවකින් පසුව ඉදිරි මහ මැතිවරණය සදහා දින නියම කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද එහි සදහන් වේ.
 
 
 



අදහස් (6)

ඡන්දය කල් දමන්නැයි සංඝරත්නය ඉල්ලති

විපරමා Monday, 20 April 2020 10:53 AM

බල තන්හාවෙන් පිස්සු වැටිලා දගලන අයට ඡන්දෙ නැතුව කොහොමද ?

:       0       0

Achini Monday, 20 April 2020 11:10 AM

අනේ ඡන්දය තියලා දාමු , ඕක නැට්ටම් පෙන්ඩින් නේ

:       0       0

Rohana Monday, 20 April 2020 11:54 AM

මැතිවරනය අවශ්‍යම නම් ඔන්ලයින් ක්‍රමයට පවත්වමු. මහජන රැස්වීම් කුමටද? ප්‍රචාරය අවශ්‍යම නම් TV සහ Mobile Phone වලින් කල හැකිය.

:       0       0

Gamage Monday, 20 April 2020 12:15 PM

දැන් ස්වාමීන් වහන්සේලා ටික දේශද්‍රෝහීන් වෙයි වගේ... අනේ හාමුදුරුවනේ පරිස්සමෙන් ඔය සමහර ඇමතිවරු දැන් කියාවී ඔබ වහන්සේලාට අන්‍යා ආගමිකයන් කියලා...

:       0       0

Nuwan Monday, 20 April 2020 12:40 PM

බල ලෝබි දේශපාලුවන්ට ඕවා තේරෙන්නේ නැහැ අපේ හාමුදුරුවනේ!

:       0       0

ධම්ම Monday, 20 April 2020 05:35 PM

අවුරුදු පහකට මැතිවරණ කල් දාන්න.

:       204       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site