(ඩයනා උදයංගනී)
පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට නොහැකි නම් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්විය යුතු බව නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
මැතිවරණ කොමිසමේ වගකීම ආණ්ඩුවේ චක්‍රලේඛවලට අනුව ඡන්දය මගහැරීම හෝ දින නියම කිරීම නොව ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රටේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරයේ මුදල් වෙන් කළ යුතු ආකාරය ගැන නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් නීතිය විකෘති කර ඇති අතර, ඔහු නීතිය සමඟ සෙල්ලම් කරන බව ද අලහප්පෙරුම මහතා කීවේය.
ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ නිදහස් ජනතා සන්ධාන මාතර දිස්ත්‍රික් අපේක්‍ෂක වැඩමුලුව අමතමිනි.
මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව දක්වන උත්සාහය, මුලු මහත් ලෝකයටම ආණ්ඩුවේ නිරුවත පෙන්වීමක් බව සදහන් කල ඩලස් අලහප්පෙරුම මහතා, මීට පෙර ද අවස්ථා ගනණක දී මැතිවරණාය කල්දැමීම නිසා ඇති වූ භයානක තත්වයන් පිලිබදව ද පෙන්වා දුන්නේ ය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්ද නැත්නම් කොමිසමක් මොකටද?
PODDA Monday, 20 February 2023 05:54 PM
ජනාධිපති මැතිවරණයකදී බලයේ ඉන්න ජනාධිපතිට ඡන්දයට ඉදිරිපත් විය හැක්කේ...උපරිම දෙවතාවකි. මහින්ද එය තුන් පාරකට දික්කළා. එම දික්කිරීමට ඔබත් පාර්ලිමේන්තුවේදී අත් ඉස්සුවා නේද?
ගනේගොඩ Monday, 20 February 2023 06:40 PM
අර හම්බෙන්න හිටපු බබාට මොකද වුනේ..?
Bamunuarachchi Monday, 20 February 2023 06:54 PM
කොමිසම තියෙන්නේ මැතිවරණ පවත්වන්න... මැතිවරණ පවත්වන්න කොමිසමට සල්ලි දෙන්නේ රජය... රජයට, කොමිසමට දෙන්න සල්ලි නැතිනම්... සල්ලි ලැබෙනතුරු කොමිසම බලාගෙන ඉන්න. එපමණයි කතාව...