
(විමුක්ති එස් රුද්‍රිගු)
චීනයේ නිල සංචාරයක නිරත වී සිටින රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර අද (20) හමුවක් පැවැති අතර එහිදී දෙරටේ නායකයින් දෙරටේ හවුල්කාරීත්වය තවත් ශක්තිමත් කර ගනිමින් ගිවිසුම් 20කට වැඩි ප්‍රමාණයක් අත්සන් තැබුවේය.
වෙළඳාම, තාක්ෂණය, බුද්ධිමය දේපළ සහ විද්‍යාත්මක පර්යේෂණ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි දෙරටේ නායකයින් එම ගිවිසුම්වලට අත්සන් තබා තිබිණි. ගිවිසුම්වලට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ සිටියේ චීනය සහ රුසියාව අතර පවතින උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්තමානය වනවිට ඉහළම මට්ටමකට පැමිණ තිබෙන බවයි.
චීනය රුසියාවටත්, රුසියාව චීනයටත් එක හා සමානව ගෞරව කරන බවත් දෙරට අතර ද්වී පාර්ශ්වික සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ වී තිබෙන බවත් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. චීනය රුසියාව මතත්, රුසියාව චීනය මතත් යැපීමට හැකි ඉතා සමීප සබඳතාවක් ඉදිරියටත් පවත්වා ගෙන යා යුතු බව ජින්පින් පැවැසුවේය.
එසේම ලෝකයේ සිදුවන අසාධාරණකම්වලට රුසියාව සහ චීනය විරුද්ධ විය යුතු බවද චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. චීනය සහ රුසියාව ජාත්‍යන්තරයේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටින බලවතුන් විය යුතු බවද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර සිටියේ රුසියාව චීනයට බලශක්ති සැපයුම අඛන්ඩව ලබාදෙනු ඇති බවයි. රුසියාව සහ චීනය අතර වෙළෙඳාම බාහිරින් එල්ල වන බලපෑම්වලින් ආරක්ෂිත බවත් ගෝලීය වෙළෙඳපොළේ අවිනිශ්චිතතාවලින් දෙරට අතර වෙළෙඳාමට බලපෑමක් එල්ල නොවන බවත් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ද්වි පාර්ශ්වික හමුවෙන් පසුව චීන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර එහිදී දෙරටේ නායකයින් ඉරානය, යුක්රේනය සහ ඇමෙරිකාව පිළිබඳව සාකච්ඡා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd