
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට සුදු වෑන් රථයකින් මුහුණු ආවරණය කරගෙන පැමිණි නාදුනන පිරිසක් අද (14) අළුයම ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීයාට ගිනි අවි පෙන්වා තර්ජනය කර ඔහු ආරක්ෂක කුටියේ සිරකර මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
කුඩා සුදු පැහැති වෑන් රථයකින් සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ එක් අයකු ආරක්ෂක නිලධාරියා අසල රැඳී සිටියදී අනෙක් තිදෙනා සමරවික්‍රම මහතාගේ නිවස ඉදිරිපිටට ගොස් ගල් සහ අසූචි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිස් නිලධාරියකු පවසයි.
නිවාස සංකීර්ණයේ නිවාස සියයකට අධික සංඛ්‍යාවක් තිබෙන අතර පැමිණි පුද්ගලයන් නිශ්චිත ලෙස චමුදිත මහතාගේ නිවස සොයා ගොස් ප්‍රහාරය එල්ල කර ඇත්තේ කලින් සැලසුම් කර හඳුනාගත් පරිදි බවට සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් කියයි.
එම ප්‍රහාරයෙන් චමුදිත මහතාගේ දෙමහල් නිවුස් වීදුරු ජනෙල්වලට බරපතල අලාභ සිදු වී ඇත





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ වැරදියිනේ. ගෙට ගල් ගැහුවත්, අසූචි ගහන්න තිබුණේ කටට...
ශ්‍රී ලංකාවේ සුපිරිම මාධ්‍ය වේදියාගේ ඉරණම මේ නම්, සාමාන්‍ය ජනතාව සම්බන්ධව මොන කතාද? චමුදිතගේ ජීවිතයට හා දේපළවලට අතිශය ආරක්‍ෂාව සැලසීම රජයේ නොසැලකිය හැකි වගකීමක්... චමුදිතට උපරිම ආරක්ෂාව සලසන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු....!
අසූචි ගහන්න තිබුනේ ගෙට නෙමෙයි, කටට...
පුදුමයක් නොවේ. අසූචි අවුස්සන විට ලැබෙන්නෙත් අසූචිම තමයි. අකුසල කර්ම කරත්ත රෝදය මෙන්ම එම පුද්ගලයා පසුපස එයි. ධම්මපදය...!!!
දැන් සැපද? සර් තමයි හොඳටම කරන්නේ...!
ඔවුන් විසින් දමාගැසූ ගල්වල, මුට්ටිවල අනිත් ද්‍රව්‍යවල ඇඟිලි සලකුණු වලින් ආපු අය ගැන හෝඩුවාවල් ගන්න පුළුවන්...!
මේක තමයි රාජපක්ෂලා රටේ හදලා තියෙන තත්වේ... කාටවත් විරුද්ධව කිසිදෙයක් කියන්න බැහැ. ඔවුන් නීතිය අතට ගන්නවා. දුර්වල නායකත්වයේ ලක්ෂණයක්... මේ දූෂිතයින්ට එරෙහිව සියලු දෙනා එකතු වෙන්න වෙලාව මේ...!!!
ඒවා මිනිහාගේ කටින්ම විසිවුණු ඒවාද කියලා සොයා බැලුවොත් හොඳයි.
ගහපු එකා කවුරු වුණත් හාදයා කන්න කැමතිම දෙයින් තමයි දමලා ගහලා තියෙන්නේ.. එයා මොලේ ඇති කෙනෙක්... මාධ්‍ය වේදීන්ට පහරදීම හෙලා දකින්න ඕන එකේ කතා දෙකක් නැහැ. මේ හාදයෝ යූ ටියුබ් වල කාඩ්බෝඩ් වීරයින් මිසක් මාධ්‍යවේදීන් නම් නෙමෙයි. නමුත් ඉතින් මේ හාදයා ලැගලා ඉන්න තැන දන්නවා නොවැ.. එතැන ඉඳගෙන බොරුවට වීරයා වෙන්න හදනවා. මේකත් මට නම් හොඳටම ෂුවර්... කලින් පිටපත ලියලා රඟ දක්වපු නාටකයක් හරියට අර හිටන්ගේ කාලේ සයිටම් ලොක්කාගේ එක වගේ මට ඌ ගහනවා... ඌ මට ගහනවා...!!!
මේක ලොකු ගෙයක්ද?
කවුද චමුදිත කියන්නේ..? ඉතින් එයා දාගන්න ලෙඩ අන් අයට අදාලද..?
දැන් සැපද?
වැසිකිළියක ලගින්නෙකුට ඔය අසූචි ප්‍රහාරය එතරම්ම දුඟද වෙන්න නම් විදිහක් නැහැ. ඔවැනි අසූචි ප්‍රහාරයන් එල්ලවීමට සුදුසුකම් සහිත පාදඩ මඩ කාරයින් ඕනෑතරම් ඔය ක්ශේත්‍රයේ වැජඹෙනවා. අන්න ඔවුන්ටත් මෙවැනි ප්‍රහාරවලින් සංග්‍රහ කරනවා නම්, කොතරම් හොඳද?
ජනතා හදවත් තුළ කැකෑරෙන දේ පොදු සිවිල් ජනතාවට එක්වර කියන්න ක්‍රමයක් නැති නිසා තමයි එය කියන්න, ලියන්න. අඳින්න, පෙන්වන්න, මාධ්‍ය වේදීන් ඉන්නේ.. ඒ මාධ්‍ය කරුවන් කියන්නේ ජනතාවගේ හදවතේ කැකෑරෙන අදහස්.. මෙයට උරණ වන පිරිස් බොහෝ ඉන්නවා ඇති.. ඒ පිරිස්වල උරණ සිතුවිලිත් කියන්නේ තවත් මාධ්‍ය කරුවන් පිරිසක්. එමනිසා මෙවැනි ක්‍රියා සාක්ෂරතාවය අතින් ඉහළ රටක පුරවැසියන් නොකළ යුතු වැඩකි.
අනේ පවු, දුප්පත් අසරණ පැල්පතක ඉන්න මනුස්සයා. කවුද මේ පින්කෙතට අරියාදු කරන්නේ...?
අනුන්ට අසූචි විසිකරලා ගහනකොට ඔයා අමතක වුණාද? ඔයාගේ දෑතේම අසූචි තැවරෙනවා කියලා... කමක් නැහැ නහය වහගෙන ඔය ටික සුද්ද කරගන්න. මාධ්‍යවේදියා කියන්නේ මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිතේ තලු මරමර රසවිඳින්නෙක් නෙමෙයි. ඔයා පව්..!.
අසූචි නැව ගොඩ බාගන්න දඟලපු දැඟලිල්ල ගැන හිතනකොට හිතාගන්න පුළුවන් හිතාගෙන හිටපු වැඩ ලිස්ට් එක කොයි තරම් වෙන්න ඇතිද කියලා. හුඟක් කට්ටිය වෙලාවට බේරුණා. නොදකින් විතරක්...
ඕක කළේ හංසයා වෙන්න බැරිද?
මේ වගේ වැඩ කරන්න පුළුවන් තිරිසනුන්ට විතරයි. අසූචි එක්ක ඉන්නේ තිරිසන්නු නිසා මොන පුද්ගලයෙකුට වුණත් කරලා තියෙන්නේ තිරිසන් වැඩක්..
චීනෙන් ගෙන්නූ කාබනික පොහොර වෙන්නැති..., ගහන්න ඇත්තේ..!!!
කවුරු කොහොම මොනවා කිව්වත් මේ දේවල් කිසිම ශිෂ්ඨ සමාජයක් අනුමත කරන එකක් නැහැ. හිරිකිත වැඩ...
ඉතාලියට වෙලා ගොන්කතා කියලා ලංකාවට ආවම මේවා කන්න වේවි... ඔහේටත්..!!!
සරණාගත වීසා ගැනීමේ එක් උත්සාහයක්...!!!
ඔය තියෙන්නේ වැඩ... චීනාගේ අසූචි ප්‍රමෝට් කළේත් මුළු ලෝකෙටම අපේ අය.. මෙදාපාර ලංකාවේ අසූචි වලටත් හොඳ වෙළඳපලක් හදලා දීලා... ඉස්සරහට ටොයිලට් තියාගන්න බැරිවේවි...!!!
අපි තමයි හොඳටම කළේ... අපේ සර්ට ජයවේවා...!!
මේ කමෙන්ට්ස් දැක්කාම අපි තාම ගෝත්‍රිකයි කියලා කියන්න පුුළුවන්...
ඔහු තරයේ කියා සිටියේ කිසි දිනක කිසි වෙකුට ඔහුගේ මාධ්‍ය ක්‍රියා කාරිත්වය නැවතිය නොහැකි බවකි. ඔහුට ගැලපෙනුයේ මාධ්‍ය කලාව මිස දේශපාලනය නොවේ. එමනිසා දේශපාලනයට නොපැමිණ මාධ්‍ය මගින් ඔහුට රටට යමක් කල හැකිබව පෙනෙන්නට තිබේ. අපි නිදා "ගන්නේ" සහ එදා අපි නිදා "ගත්තේ"වෙනත් තැනෙක යමක් සිදුවෙය යන බලාපොරොත්තුවක් ඇතිව බව හොදින් ඔහුගේ කතව විශ්ලේෂණය කල හොත් නිගන්මනයකට පැමිණිය හැකිවේ. මාධ්‍ය කලාවට කිසිවකු දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙනත් අරමුණු බලාපොරොත්තුව ප්‍රහාර එල්ලකිරීම කෙසේවත් අනුමැත කල නොහැක