IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


චීනයෙන් ශ්‍රී ලංකාවට ජල බවුසර් 90 ක්

 

චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පවතින ශක්තිමත් මිතුදම තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට  ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීම අද (19) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
 
පසුගිය කාලය පුරා පැවති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙන් රුපියල් බිලියනයකට අධික  වටිනාකමකින් යුත් මෙම ජල බවුසර් ප්‍රදානය සිදු කිරීමට පියවර ගෙන තිබිණි.
 
සංකේතාත්මකව ජල බවුසර් 2 ක් මෙහිදී නිල වශයෙන් බාරදීම සිදු කෙරුණු අතර, ප්‍රදානයට අදාළ යතුරු සහ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂූ ඈන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
 
ජනාධිපතිතුමා එම ලිපි ලේඛන ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත  බාරදෙනු ලැබීය.
 
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.


(28535) 


ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (2)

චීනයෙන් ශ්‍රී ලංකාවට ජල බවුසර් 90 ක්

Chandana F Wednesday, 19 December 2018 12:14 PM

වතුර නොමැති ජනතාව වෙනුවෙන්.. අපගේ ප්‍රණාමය චීන රජය වෙත පුදකරන්නෙමු. කරුණාකර සොයාබලා නිසි තැනට මෙය ලබාදෙන්න.. පක්ෂ ජාති භේදයකින් තොරව... බොහොම පින් සිදුවේවා!!!.

:       0       0

Sanath Kandy Thursday, 20 December 2018 09:00 AM

පහුගිය දවස්වල නාපු මඩ හෝදගන්න බවුසර් 90ක් මදි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 112 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site