චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පවතින ශක්තිමත් මිතුදම තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීම අද (19) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
පසුගිය කාලය පුරා පැවති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙන් රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් මෙම ජල බවුසර් ප්‍රදානය සිදු කිරීමට පියවර ගෙන තිබිණි.
සංකේතාත්මකව ජල බවුසර් 2 ක් මෙහිදී නිල වශයෙන් බාරදීම සිදු කෙරුණු අතර, ප්‍රදානයට අදාළ යතුරු සහ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙං ෂූ ඈන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
ජනාධිපතිතුමා එම ලිපි ලේඛන ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බාරදෙනු ලැබීය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර නොමැති ජනතාව වෙනුවෙන්.. අපගේ ප්‍රණාමය චීන රජය වෙත පුදකරන්නෙමු. කරුණාකර සොයාබලා නිසි තැනට මෙය ලබාදෙන්න.. පක්ෂ ජාති භේදයකින් තොරව... බොහොම පින් සිදුවේවා!!!.
පහුගිය දවස්වල නාපු මඩ හෝදගන්න බවුසර් 90ක් මදි...