ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව රුපියල් බිලියන 61.5ක මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹුණු බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සඳහන් කළේය.
චීන මුදල් ඒකකය වන රෙනමින්බි ඒකකයෙන් මූල්‍ය පහසුකම ලැබෙන බවත් ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම ලබාදෙන බව එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.
කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාරයට සහාය වීම, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරත්වය සහ ජීවනෝපය වඩාත් යහපත් කිරීම යනාදියට උපකාර කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම කළ බව එම ට්විටර් පණිවුඩයේ තවදුරටත් දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයට රට දුන්නත් අපි විරුද්ධ නෑ. ඒ අය රට හදයි නියමෙට.. ජයවේවා..!!!
ගත්තා වගේ නොවේ.., ගෙවන්න බැරිවෙන කොට රටේ හොඳම ඉඩම් දෙන්න වෙනකොට තමයි වැඩේ වෙන්නේ...
ගත්ත ණය ගෙවාගන්නත් බැරුව සිටිමින් තවත් විශාල ණයක් ගත්තාම රටත් දීලා තවත් වසර 100ක් තුළ උපදින දරුවන්ටත් රට මිලට ගන්නා පිරිසට වහල්සේවා කිරීමට සිදුවිය හැකියි..
පොඩ්ඩ පොඩ්ඩ නැතිව ඔක්කොම එකට තියලා උගස් කරන්න බැරිද යුරෝපෙට වගේ.., හැමදාම ටිකටික ණය ගන්නකොට අපේ ඇඟේ මාලු නටනවා... කරන මගුලකුත් නෑ.. ණය නම් ගන්නවා
රට වැස්සො ටික චූන් වෙයි...
මේ මුදල් ලැබෙන්නේ චීන යුආන් වලින්ද? නැත්නම් ඇමරිකානු ඩොලර් වලින්ද?
10% හොරා කාපලල්ලා එකෙක්.....ඉතිරිය සහෝදරයන් බෙදාගනිල්ලා............5% ක වැඩක් කරපල්ලා 69 වහල් බයියන්ට පේන්න....100% ම ගෙවන්න අපිට බෙදා දියල්ල.......
අම්මෝ සන්තෝසේ බැරුවා....උපදින්න ඉන්න රජ පව්ලේ දරුවන්ට බිලියන දෙකක් තුනක් වෙන්කරගත්තත් පව් නෑ....උන්ටික හරි අනාගතේ සංතෝසෙන් ඉදීනේ.. සෞබාගේ ඉතිරේවී ඉක්මනට....
ලක් මෑණිගේ බොටුව තව හිර කරනවා.
ලැජ්ජයි බබා... මේ ණය ගැනිල්ල කරන්නේ කබ්රාල්ගේ, ජයසුන්දරගේ උපදෙස් හෝ රනිල් මහතාගේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක්ද?
ඔයගොල්ලන්ගේ ණය වෙලාවට ගෙවාගන්න බැරිවුණොත්...