(රන්ජන් කස්තුරි)
චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක් ප්‍රදානය කර තිබේ.
එම ණය ගිවිසුම කොළඹ චීන තානාපති කාර්යාලයේදී අද අත්සන් තැබිණි.
සහන පොලී අනුපාතයක් යටතේ වසර 10ක කාලයකින් ගෙවා නිමකිරීමේ පදනම මත එම ණය ලබාගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.
එම ඩොලර් මිලියන 500 ක ණය මුදල් ඉදිරි දින කීපයතුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ද ආටිගල මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාලකයෝ ලංකාව චීන කොළණියක් කරලාම තමයි පස්ස බලන්නේ. ඇයි දෙයියනේ පේන්නේ නැද්ද මොන සංවර්ධනයක්ද? අහස උසට ණය ගෙඩ ගැහිලා තවත ගන්නවා...!!!
දැන් ඉන්දියාවෙනුත් ඩොලර් මිලියන 500ක් ලැබෙයිද?
ණය ගත්තු ඒවාට රට හැදුවනම් මෙලහටත් රට සිංගප්පුරුවක් ,වැඩිපුරම වුණේ ණයෙන් 50%. කටත් .කොමිස්,පගා ,හොරාකෑම් වලට ගියා, බහුතර ඉතිරි හරිය කිසිම ලාභයක් නැති වැඩ වලට ගියා. රට ,ආණ්ඩුව,විපක්ෂ ය සියල්ල සිහියෙන් හිතල එකම වැඩපිළිවෙළකට ඇවිත් රටක් විදියට හැමෝම ගොඩයන වැඩපිළිවෙළක් නැතිව යන ගමන හරියට ගෙවල් උකස් තියල ඒවායින් කාලා බීලා ජොලි කරන ගෙවල් වගේ, ඉක්මණින් කාට හරි සින්න වෙනවා , අපේ රටත් ඒ තත්වෙට වැටීගෙන අන්තිම පිදුරු ගැහෙ එල්ලිලා ඉන්නේ....
තියන ණය ටික ගෙවා ගන්නත් බැරුව ඉන්න අතරේ තවතවත් අසීමිතව ණය නම් ගන්නවා. නමුත් එයින් මුදල් ඉපැයිය හැකි දෙයක් නම් කරන්නේ නෑ. මේ තරමට ස්වාභාවික සම්පත්වලින් අනූන වූ රටක් දියුණු කළ නොහැකි නම් මේ පාලකයින්ට වෙනත් කිසිවක් හෝ කළ නොහැකියි. අපේ රටෙන් මඳක් ඉවතට ගිහින් බලන්න ඕන අනිකුත් රටවල් තම තමන්ගේ රටවල් දියුණු කරන හැටි... මේ තරමට සම්පත් නැතුව. විදෙස් සංචාර කියලා රට රටවල් ගානේ ගිහින් මේ අය මොනවද ඒ රටවල් වලින් ගන්නේ හිඟා කන එක හැර. නිකමට බැලුවද ඒ ඒ රටවල් එයාලගේ දියුණුව වෙනුවෙන් අරන් තියන ක්‍රියාමාර්ග මොනවද කියලා...
ඩොලර් මිලියන 500 ක්? චීනා ගාව වැඳ වැටිලා සල්ලි ගන්නවා. ඒ කපටියා ලංකාවේ තියෙන වටිනා දේපළ ලියාගෙන මේ හොරුන්ට සල්ලි දෙනවා. සමහරවිට ඔය ඩොලර් මිලියන 500ම දෙන්නේ යූඑන් වලින් වෙන්න ඇති. හැබැයි සමහරවිට ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින් වෙන්නත් ඇති. මේ මෝඩහරක් ඕවා ගැන දන්නා අය නොවෙයි. හොරකමටම උපන් හැත්තක්... ඉතිහාසය ඕන නැහැනේ.. මේ අනාගතයේ උපදින රටේ දරුවන් ණයකාරයින් කරලා.., මේ හොරුන්ගේ දරුවන්ට, මුණුපුරන්ට හොරා කාපු සල්ලි කොහේ හරි හංගලා.. මේ නාකි සහෝදර හොරු තව අවුරුදු දෙක තුනකින් ඔක්කොම මැරිලා යාවි. මේ අයගේ වලවල් වලට හෙන ගහන්නේ නැහැ...
චීනය ලංකාව ආර්ථික වශයෙන් ආක්‍රමණය කරන ක්‍රමවේදයේ තවත් අවස්ථාවක්. ඔය ණය ලංකාවට ගෙවා ගන්න බැරි බව චීනය දන්නවා. එමගින් ආර්ථිකව ලංකාව චීනයේ පාලනයට යටත් වෙනවා.
ඇති යාන්තම්.. ඕවා ගෙවන්න ඕනෑ නැහැ. පොල්ල තියන්න බලමු. මේකෙන්වත් අවුරුදු කමු.
මෙහෙම ගියොත් මේ රට ඉදිරියේදී ශ්‍රී චීන කියලා නම වෙනස් වෙන්නත් පුළුවන්...
අපේ පාලකයෝ කවදා තේරුම් ගනිවිද දන්නේ නෑ. මුළු ලෝකේම දන්වා චීනය ණය උගුල් ගැන මේ අසාර්ථක පාලකයන් උණු දියේ ඉන්න කකුළුවෝ වගේ අපේ රටට ගිය කලක් අනිත් කාරණය සහන පොලිය කියන මිනිහාට පොලිය කීයද කියලා ජනතාවට කියන්න බැරිද?
අපිනම් ඕවා ගැන මොකුත්ම කියන්නේ නැහැ. මාධ්‍යවේදීන් 2000 කට වැඩි පිරිසක් විටින් විට චීනයට යවා මොළ සේදීමේ කටයුත්තකට සම්බන්ධ බවට සමහරු චෝදනා කරන කෙනෙක් දැන් චීන තානාපති කාර්යාලයේ බලපෑම මත ජනාධිපති මාධ්‍ය අන්ශයේ ඉහළම තනතුරකට පත්කළ බවට මැසිවිලි නඟන කට්ටියකුත් ඉන්න බවයි පෙනෙන්නේ. රුපියල් 5000න් අවුරුදු කන හැටි හොයාගන්න ක්‍රමයක් නැතුව ලතවෙන අපට ඔය ප්‍රශ්න එතරම් වැදගත් නෑ ඔන්න.
කිරි ඉතිරේවා නව වසරේ...!!!
පවුලේ සහ හිතවතුන් එක්ක බෙදා හදා ගත්තට පස්සේ, රටේ ඉන්න කෝටි 22 ජනතාව ඕක අවුරුදු 10 කින් ගෙවන්නේ නැතැයි.
ඔහොම ණයට රට සංවර්ධනය කරනවට වඩා හොඳයි අනවශ්‍ය වියදම් කපා හරින එක. මේ රට දැන් සින්නක්කර ණයට විකිණෙමින් තියෙනවා. මේක සංවර්ධනයක් වෙන්නේ කොහොමද? ඇමැති, මන්ත්‍රී සෙට්එක කලින්ට වඩා නාස්ති කරකර එහෙන් ජරාව කන්න පුළුවන් ක්‍රමවලින් වැඩ කරනවා.
පොලියත් එක්කලා ණයක් දුන්නාම ඒකට ප්‍රදානයක් කියන්නේ කවුද?
ජයවේවා..!!! 69 ට ජයවේවා..!!!
චීනයෙන් ඩොලර් මිලියන 500 නයට අරගෙන ලංකාවේ පවුල් වලට රුපියල් 5000 බැගින් අවුරුදු කන්න බෙදා දේ. පරිභෝජනය සදහා ණය ලබා ගැනීම අතිශය භයානක බව දැනුවත් වූවත් ඒ ගැන සත පහකට මායිම් නොකරන ආණ්ඩුවක්. රටට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ ආශිර්වාදයත් මදි වෙන සයිස් එකක් දැන් තියෙන්නේ.
ඇමරිකාවත් ණයට ගන්නේ චීනයෙන් නම් අපි චීනයෙන් ණය ගත්තාම මොකද? ඇමරිකාව..., චීනයට ට්‍රිලියන 1.06 ණයයි කියලා ගූගල් කළාම පෙනෙනවා...